Saturday, November 20, 2010

Is money the only way to happiness?

ඔබේ සතුටට ප්‍රධානම හේතුව මුදල්ද?

Tuesday, November 16, 2010

දුම් පරීක්ෂාව සාර්ථකද?

ලංකාවේ පරිසර දූෂණය වළකනු වස් , රථ වාහන වලින් නිකුත් වන වායුන් පරීක්ෂාව සද‍හා රජය විසින් අති විශේෂ ගැස‍ට් පත්‍රයක් මගින් විශේෂ විධි විධාන සලසන ලදී. මෙහි සුභවාදී පැතිකඩ නම් පරිසරයට නිකුත් වන මිනිසාට හානිකර ‍‍වායූන් හා දහනය නොවූ හයි‍ඩ්‍රොකාබන ප්‍රමාණය මිණිය හැකි වීමත් අදාළ රථයේ ඉන්ධන ක්ෂමතාව මිනිය හැකි වීමත්ය. මෙමගින් බොහෝ තරුණයිනට රැකියා අවස්ථාවන් උදා වූ බැව් ද සත්‍යයකි.

එහෙත් මෙහිදී රජය අවධානය යොමු නොකළ තවත් පැතිකඩක් ‍ඇත. එනම් දුම් පරීක්ෂාව වසරක‍ට වරක් පමණක් කිරීම ප්‍රමාණවත්ද යන්නයි. තවත් කරුණක් නම් මෙම දුම් පරීක්ෂාවෙන් පසු වාහන හිමිකරු එම තත්ත්වය පවත්වාගෙන යන‍වාද යන කරුණයි. මක් නිසාද දුම් පරීක්ෂාව සදහාම විවිධ පුද්ගලයන් තම වාහනය සුසර කර ගන්නා අතර සහතිකය ලද පසු නැවතත් තත්ත්වයන් වෙනස් කර ගන්නා බැවිනි. මෙහිදී වෙසෙසින් තේරුම් ගත යුතු කරුණ නම් අවර්ණ වායු කෙසේ වෙතත් සමහර වාහන කළු දුම් විදිමින් ගියද අදාළ බළධරයිනට ඒ පිළිබදව වගක් වත් නොතිබීමයි.

මේ පිළිබද සියල්ලන්ගේ දෑස් යොමු වේවා ‍යැයි ප්‍රාර්ථනා කරමි.