Friday, April 15, 2011

Modern humans


නූතන මිනිසා

මිනිසා උපදිනුයේ තවත් එක් සත්ත්ව කොටසක් මිස , වෙනත් කිසිදු අයුරකින් නොවන බව මතක තබා ගත යුතුය. වත්මන් මිනිසාට 'ස්වභාවික වරණ' යන් ‍ගැන කිසිදු දැනුමක් හෝ තැකීමක් නැත. දුර්වල /විකෘත  කළල හෝ උපත් මිහිපිටින් තුරන් කිරීම ස්වභාවික ක්‍රියාවලියක් බව පසක් කර නොගැනීමට තරම් පුහු මාන්නයක් වත්මන් මිනිසාට ඇත. අප‍ට මෙන්ම අනෙක් සතුන්‍ට මොළයක් ඇතත් මිනිසා මෙන් දියුණු පරිණත වූ මොළයක් මිහිපිට වෙනත් කිසිදු ජීවී කොටසකට පිහිටා නැත. නමුත් සමාජය විසින් උපන් දා සිට මිනිසාට විවිධ විෂම වූ දේ ආරෝපණය කර ඇත. ආගම , ජාතිය , කුළය , බස ‍ආදි මෙකි නොකී බොහෝ දෑ මගින් මිනිසා වෙන් කොට කුලකයන් තුළ හොබවා ඇත.

උදාහරණයක් ලෙස ‍ගතහොත් , පෙර සිටි උගත් පඩිවරු බස් රැසක ම කෙළ පැමිණියෝ වූහ. වීදාගම මෛත්‍රීය හිමියන් ෂඩ් භාෂා පරමේෂ්වර නම් කිරුළ ලද්දේ ඔවුනගේ උගත් කම නිසාය. අප අද ප්‍රාථමික සතුන් යැයි සමහර සතුන් වර්ගීකරණය කළද , අපත් මෙයට වසර ගණනාවකට උඩදී  , නිරුවත්ව වදුරන් මෙන් සිටි බව පසක් කර ගැන්මට අපහසු වූවෝ කොපමණ ඇත්ද? අද අපට තවමත් නාදුනන පියාසර වස්තු හෙවත් යූ.එෆ්.ඕ යනු අභිරහසකි. පිටසක්වල තවත් දියුණු ජීවීන් සිටියි නම් ඔවුනටද අප‍ව පෙනෙනවා ඇත්තේද , අපට ‍වදු‍රන් පෙනෙන අයුරින් විය යුතුය. ‍‍එසේ නම් අප දියුණු විය යුත්තේ කෙසේද?

ලක්ෂයක් වටිනා ප්‍රශ්නයකි. මදක් හැරී වටපිට බලන්න. මදක් ඇස් විවෘත කරන්න. නිස්කලංක මනසකින් ලොව දිහා බලන්න. වායු දූෂණය , පරිසර දූෂණය ආදී එකී මෙකී නොකී බොහෝ දෑ අප අවට ඇත. මේ මහත් වූ දියුණුවද? අප විසින් නිර්මාපිත දූෂණයෙහි විපාක දැනීම මැකීමට වීදුරු වසාගෙන ඇතුළත ‍වායු සමනය කළ වාහන වලින් ගමන් බිමන් යමින් තවත් ප‍රිසරයට හානි ගෙන දීම නූතන මිනිසා විසින් කරන දියුණු විද්‍යාවයි. අප කොපමණ දියුණු වුවත් අපට තවමත් ශාකයන්ගෙන් වෙන සේවය ප්‍රතිස්ථාපනය කළ නොහැක.මිනිසා කරනුයේ තම වාසිය වෙනුවෙන් පරිසරයට හානිකිරීමයි. නූතන මිනිසා පරිසරයෙන් කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින යුගයක , මා ජීවිතයේදී නොඅසපු නොදැකපු ලෙ‍ඩ රෝග දැන් දැන් කරලියට පැමිණ තිබේ. අපගේ මුතුන් මිත්තන්ගේ දියුණු වෛද්‍ය විද්‍යාව මෙහිදී මතක් කළ යුතුමය. ඔවුහු පරිසරයෙන් සොයාගත් දෑ මගින් කසාය ආදී දෑ ලෙ‍‍ඩ රෝග වලට ‍යොදා ගත්තේ ඔවුහු පරිසරය සමග තිබූ කිට්ටු සබදතාව නිසාවෙනි. අද ලංකාවෙන් ජපානයට දියවැඩියාවට යවන කොතලහිබුටු නැවතත් කරල් කර ලංකාව‍ටම එවයි , ඒ එවැනි තුන් ගුණයක මුදලටය.

පරිසරයට ළං වන විට තමාගේ සිතට දැනෙන සතුට අනන්ත අප්‍රමාණ බව දන්නේ කීයෙන් කී දෙනෙක්ද? ගසක් කොළයක් , සතකු දිහා බලා සතුටු වන්නේ කීයෙන් කී දෙනාද? සිතන්න මදක් මේ පිළිබදව.............
මීළග කොටස තවත් ටික දවසකින් ලියන්නෙමි.