Tuesday, October 17, 2023

අහිමි නොවන එහෙත් හිමි නොවන ආදරය


"සංසාර පුරුද්ද ද මේ හමු වීමෙ අරුමේ
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති..."

සියලුම ආගම් හා දර්ශන ඇති දේ නම් අනෙකා පිළිබඳ ඇති දයාව සහ ආදරයයි. මෙහිදි සැලකිය යුතු කාරණය නම් යම් දෙයක් නැවත බලාපොරොත්තුවෙන් කරනා වූ ආදරයක් නොවිය යුතුය යන්නයි. 

මෙලෙස යම් දෙයක් බලාපොරොත්තුවෙන් කරනා ආදරය ආත්මාර්ථකාමී වන අතර තෙවන පාර්ශවයෙන් ලැබෙන්නා වූ ප්‍රතිචාරය මත තම චිත්තප්‍රිතිය සන්තර්පනය කරගැනීම හෝ නොවීම සිදු වේ. මෙම ආදරය ආත්මීය නම් අනෙකා තම ආදරය හෝ ආදරයෙන් දෙන ත්‍යාගයන් පිළිගැනීම හෝ නොගැනීම දුකට හෝ සතුටට හේතු විය නොහැකිය. 

නිදසුනක් ලෙස ගතහොත් මවක් තම බිලිඳාට කිරි පොවනුයේ යමක් බලාපොරොත්තු නොවේ. ඒ දරුවා පිළිබඳ ඇති අසීමාන්තික දයාව ආදරය නිසාවෙනී. එහෙත් විවාහයකදී එම ආදරය යම් කායික ගනුදෙනුවක් දක්වාම දිවයන අතර විවාහය යනු ආදරය ලිංගිකත්ව අතර අමුතුම ගනුදෙනුවක් වෙයි. 

ඇතැම් අවස්ථාවන්හිදී පුද්ගලයකු හට අයිති කරගත නොහැකි ආදරයන් ලැබීමට හෝ දීමට සිදුවිය හැකියි. ඒ ඒ අයට ඒ ඒ අවස්ථාවලදී යම් සීමාවන් යටතේ ආදරය විඳීමට/දැනීමට/ දීමට පුළුවන. ආදරය යනු උතුම් පරිත්‍යාගයක් මිස ගනුදෙනුවක් නොවිය යුතුය.