Thursday, March 24, 2011

ඇමරිකාවේ විරූපිත වීර චරිත , පුහු මාන්නය සහ තමාගේ ඇසේ පරාළ තබාගෙන අනුන්ගේ ඇසේ රොඩු දැකීම

zero dark thirty යනුවෙන් දැන් ඇමරිකාවේ නවතම රෙදි සේදීමේ චිත්‍රපටයක් නිකුත් වී ඇත. මෙහිදී උසාමා බින් ලාඩන් නම් බිහිසුනු (මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද) ත්‍රස්තවාදී නායකයා නැසීමේ මෙහෙයුම පිළිබද “සුදු“ කතිකාවතක් පෙන්නුම් කරයි . ඇමෙරිකාවේ වත්මන් පාලක පක්ෂයට තම දේශපාලන න්‍යායන් මුදුන් පත් කරගෙන , තමාගෙන් ගිලිහී යන ආදිපත්‍යය රැකගැනීමට තුඡ්ච උත්සාහයක යෙදී තිබෙනු දැක ගත හැක.

තමා විසින් කුවේටයේදී , කුවේට්-ඉරාක යුද්ධයේදි ඉරාකයට විරුද්ධව බළල් අතක් ලෙස ඇති දැඩි කළ  උසාමා බින් ලාඩන් නම් සර්පයා තමා වෙත මේ තරම් දරුණු හිසරදයක් වේවි යැයි ඇමෙරිකාව කවදාවත් නොසිතන්න ඇත. තමාගේ දේශපාලන න්‍යාය අනුව ලෝකයේ සුපිරි ජාතිය හා සුපිරි බලවතා වීමට ඇස කවන ඇමෙරිකාවට මුස්ලිම් රටවල් මෙන්ම උතුරු කොරියාව , රුසියාව , චීනය වැනි රටවල් ඉමහත් අභියෝගයක් වී ඇත. තෙල් අයත් කරගැනීමේ කුමන්ත්‍රණයක් ලෙස ඉරාකයේ සමූල ඝාතක අවි ඇතැයි මවා පා එම රට ආක්‍රමණය කොට ප්‍රජාතන්ත්‍රී කරණය කිරීමට ගත් නින්දිත උත්සාහය අපට නොවැටහෙන්නේ නොවේ. ජෝජ් බුෂ්ගේ ‍ෆොක්ස් නිවුස් නාලිකාවෙන් සදාම් හුසේන් , ලිබියාවේ මොහම්මර් ගඩාෆි වැන්නවුන් මනුශ්‍යයාගේ පරම සතුරා ලෙස මවා පා එම රට වල තෙල් සම්පත් ඩොලර් බවට පත් කළේ තම පහත්බව මනාව පසක් කරමිනි.

එහෙත් මොවුනට නියම පහර වැදුනේ ඉන්දියාවට පහළින් ඇති කුඩා දූපතක් වූ , ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන , මාගේ පරම පවිත්‍ර ශ්‍රී ලංකාවෙනි. සුපිරි බලවතාටවත් කළ නොහැකි වූ ඉතිහාසයේ විශාලතම මානුශික මෙහෙයුම සිදුකරමින් මුළු ලංකාවම දශක තුනක් තුළ භීතියට පත් කළ දහස් ගණන් අහිංසක ජනයා මරා දැමූ වැල්වැටිතුරේ උපන් වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා මරණයට පත් කිරීමත් සමගය. FBI  සංවිධානය පවා දරුණු ත්‍රස්ත ගණයට අයත් කළ එල්.ටී.ටී.ඊ යට යන එන මං නැති කළ අපගේ විරු සෙබළන් දැන් , එල්.ටී.ටී.ඊ ය පෝෂණය කළ දකුණු ඉන්දියානුවන් ඇතුළු කොටි ඩයස්පෝරාව මගින් දෙමළ ඝාතක තත්වයට පත් කිරීමට දැඩි උත්සහයක යෙදෙමින් පවතියි . ඇමෙරිකාව විසින් ඉරාක වැසියන් , ඇෆ්ගන් වැසියන් තම රදවා තබා ගැනීමේ කදවුරු වලදී දෙන අමානුෂික වද දීම් හා හිංසනයන් “ මානව අයිතිවාසිකම් “ කඩ කිරීම් නොවේදැයි දෙවරක් සිතා බැලිය යුතුය.

Sunday, March 20, 2011

පකිස්තානය පරදිනකොට ලංකාවේ තම්බියෝ අ‍ඩන්නේ ඇයි ?