Thursday, December 19, 2013

එන්ජිම බොයිල් කරනවද? මෙන්න හේතු

Is your vehicle overheating ?

එන්ජිම බොයිල් කරනවද? මෙන්න හේතු.....

වාහනයක ධාවනය සඳහා එන්ජිම අත්‍යවශ්‍ය වන අතර එය රැක ගැනීම සඳහා සිසිලන පද්ධතියක්ද අත්‍යවශ්‍ය වේ. වර්තමානයේදී අපගේ මාර්ග වල ධාවනය වන සියලුම මෝටර් රථ වාගේ අභ්‍යන්තර දහන එන්ජිම් අඩංගු ඒවා වේ. මෙහිදි වාහනයෙහි උපරිම කාර්යක්ෂම දහනයක්  වීමට 60C -85C අතරේ ධාවිත උෂ්ණත්වයක් රැඳී තිබිය යුතුය. අභ්‍යන්තර දහනයේදී එන්ජිම ඉහත කී උෂ්ණත්වයකට වඩා උණුසුම්  වන නිසා නියමිත උෂ්ණත්වයේ රඳවා ගැනීමට සිසිලන පද්ධතියක් එයට සම්බන්ධ කර ඇත. එහෙත් මෙම සිසිලන පද්ධතිය නියමිත පරිදි ක්‍රියාත්මක නොවුන හොත් එන්ජිමට මෙන්ම රියෙහි ගමන් ගන්නා ඔබටද හානියක් සිදුවීමට පුළුවන.

මෙවැනි වාහනය බොයිල් කරන විට හෝ උෂ්ණත්වය වැඩි වීමට පහත හේතු / හේතුවක් බලපෑ හැකි අතර ඒවාට විසඳුම් ද පහතින් දක්වා සිටිමි.

  • රේඩියේටරයෙහි වාතය හමා යෑමට ඇති ඉඩ ඇහිරී යාම.

    • ප්ලාස්ටික් බෑග් , පොලිතින් මලු , කොළ ආදිය රේඩියේටර කාමරයෙහි හෝ රේඩියේටරය මත රැඳීම. - විසඳුම - මේවා ඉවත් කරන්න.
    • මඩ සහිත පාරක හෝ වැසි දිනක වාහනයක් ඉදිරියෙන් හෝ ගමන් කිරීමෙන් රේඩියේටරයෙහි මඩ තැන්පත් වීම. විසඳුම - එන්ජිම සිසිල් වූ පසු රේඩියේටරයට හොඳින් වතුර අල්ලා සෝදා හරින්න.
  • රේඩියේටරයට සම්බන්ධ පංකාවෙහි දෝෂ.


    • මෙම පංකා වල පෙති කැඩී යාම හෝ විදුලි මෝටරයේ හෝ රිලේ පද්ධතියේ හෝ විලායකයේ දෝෂ. විසඳුම - එකිනෙක සොයා බලා , දෝෂ ඇති තැන් නිවැරදි කිරීම. දෝෂය සොයා ගැනීමට අපහසු නම් කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරවා ගන්න.
  • සිසිලන පද්ධතියේ දෝෂ.

    • රේඩියේටරයේ හෝ සම්බන්ධිත බට වලින් හෝ රේඩියේටරයෙහි ඇති සිසිලන ද්‍රව හෝ ජලය කාන්දු වීම. විසඳුම - මෙය සොයා ගැනීමට ඉතාමත් පහසු දෙයකි.සිසිලන ද්‍රව ඇත්නම් කොළ පාටින් කාන්දු වීම් දැකිය හැකිය. රේඩියේටරයේ කාන්දුවක් නම් කාර්මිකයකු ලවා නැවත සවි කරගත යුතු අතර බට වල කාන්දුවක් නම් එන්ජිම සිසිල් වූ පසු අලුත් බටයක් සවි කර ගත හැකිය.
    • රේඩියේටරයෙහි අභ්‍යන්තරයේ අවහිර වීමක් සිදුවීම.විසඳුම - මෙය සොයා ගැනීමට මඳක් අපහසු දෙයකි.එන්ජිම සිසිල් වූ පසු රේඩියේටරයේ සියලුම වතුර යට ඇති ඇණය ගලවා කාන්දු කොට නැවත පුරවා බලන්න. සාර්ථක නොවේ නම් කාර්මිකයකුගේ සහය ලබා ගන්න. මෙය දැන ගැනීමට තවත් එක් ක්‍රමයක් ඇත. එනම් රේඩියේටරයට සම්බන්ධ ඉහළ බටය අධික උණුසුමකින් තිබීමටත් පහළින් සම්බන්ධිත බටය අසාමාන්‍ය ලෙස සිසිලකින් තිබීමත් අවහිර වීමක ලක්ෂණ පෙන්වයි.
    • උෂ්ණත්ව යාමකයේ දෝෂයක් නිසා එය සම්පුර්ණයෙන් වැසී තිබීම. උෂ්ණත්ව යාමකය යාන්ත්‍රික කොටසක් බැවින් කාලානුරූපීව ගෙවී යාම් හෝ දෝෂ ඇති වීමට පුළුවන. බොහෝ උෂ්ණත්ව යාමන 88C හිදී විවෘත වුවද දෝෂ සහිත ඒවා විවෘත නොවීම මගින් රේඩියේටරයට සිසිලන ද්‍රව ගලානොගොස් සිසිලනය වීම වලකියි. - විසඳුම -  රේඩියේටරයට සම්බන්ධ බට දෙකෙන් එකක් අධික උණුසුමකින් තිබීමටත් අනික් බටය අසාමාන්‍ය ලෙස සිසිලකින් තිබීමත් මෙම උෂ්ණත්ව යාමනයේ දෝෂයක ලක්ෂණයක් විය හැක. තවද මෙහිදී වාහනය සිසිල් කොට , නැවත පණ ගන්වා Idle තත්වයේ විනාඩි 15 පමණ තිබියදී උෂ්ණත්වය අධිකව පෙන්වයි.කාර්මිකයෙකු ලවා මෙය ගලවා පරීක්ෂාකර බලා අවැසි නම් අලුත් උෂ්ණත්ව යාමනයක් සවිකරගන්න. ලංකාව වගේ රටකට ඇත්තෙන්ම මෙම උෂ්ණත්වයාමන අත්‍යවශ්‍යම නොවේ. මන්ද අපගේ රටට ආනයනය කරන  බොහෝ වාහන වල පදිකයින්ගේ කාමරය (Passenger Cabin) උණුසුම් කිරීමේ උපාංග නොමැති නිසාවෙනි.
    • සිසිලන පද්ධතියේ යම් තැනක වායු බුබුළක් රැඳී තිබීම මගින් අවශ්‍ය පීඩනය නැති වීම සහ පද්ධතියේ සම්බන්ධතාව ගිලිහී යාම.  - විසඳුම -  වාහනය ආනතියක් ඇති තැනක නවතා එන්ජිම සිසිල් වූ පසු රේඩියර් මූඩිය ගලවා පණ ගන්වා මඳක් එන්ජිම ධාවිත වේගය වැඩි කළ විට සිසිලන ද්‍රව සංසරණය වීම පටන් ගන්නා අතර  වායු බුබුළක් තිබේ නම් එය ඉවතට පැමිණෙනු ඇත.
    • රේඩියේටර මූඩියෙහි දෝෂ. රේඩියේටර මූඩියෙහි නිතරම නියමිත පීඩනයක් තිබිය යුතුය. ඇත්තෙන්ම එය එලෙස තිබෙනුයේ සිසිලන ද්‍රව වල තාපාංකය ඉහළ දැමීමටය. එහෙත් මෙම මූඩි නියමිත ආකාරයට ක්‍රියා නොකරන විට ද්‍රව හුමාලය බවට පත් වී එන්ජිම ඉහළ උෂ්ණත්වයකට පත්විය හැකිය.විසඳුම - එන්ජිම සිසිල් වූ පසු රේඩියර් මූඩිය ගලවා අළුත් රේඩියේටර මූඩියක් සවි කරන්න.
    • ජල පොම්පයේ දෝෂ හෝ කාන්දු වීම්. ජල පොම්පය සිසිලන පද්ධතියේ ද්‍රව සංසරණය කරවයි. මෙය අක්‍රිය වූ විට නියමිත පරිදි සිසිලනය නොවේ. මෙහි කාන්දු වීම් ඇතිනම් බාහිරට පෙනෙන අතර එන්ජිම ක්‍රියා කිරීමේදී වැඩියෙන් කාන්දු වේ. විසඳුම - කාර්මිකයෙකු ලවා මෙය ප්‍රතිස්ථාපනය කරගන්න. මන්ද මෙය ප්‍රතිස්ථෘපනයේදී එන්ජිමේ කාලයන් (Timing)  වෙනස් විය හැකි බැවිනි.

  • හෙඩ් ගෑස්කට් කාන්දුවීම් හෝ එන්ජිම් කුටීරයේ කාන්දුවීම්.

    • මෙයද එන්ජිම බොයිල් කිරීමට ප්‍රධාන හේතුවක් වන අතරම සොයා ගැනීමට ඉතාමත් පහසු එහෙත් අලුත්වැඩියා කිරීමට වියදම් අධිකව යන දෝෂයකි. මෙවැනි දෝෂ සහිත වාහන වල දුම් බටයෙන් අසාමාන්‍ය ලෙස හුමාලය හෝ සුදු දුමක් පිටවේ. එසේම එන්ජින් ඔයිල් සමග සිසලන ද්‍රව මිශ්‍ර වීම නිසා එන්ජින් ඔයිල් ක්‍රීම් පැහැති හැඩයට හැරීමද සිදුවේ.තවද රේඩියටර් මූඩිය ගලවා තැබුවහොත් දිගින් දිගටම වායු බුබුළු මතු වනු දැකිය හැකි අතරම , Block Tester Kit එකක් මගින් සිසිලන පද්ධතියේ කාබන් ඩයොක්සයිඩ් තිබෙන බව තහවුරු කරීමෙන් ඉහත දෝෂය හඳුනාගත හැකිය. විසඳුම - හෙඩ් ගෑස්කට් හෝ එන්ජිම ප්‍රතිස්ථාපනය කිරීම.

  • සිසිලන ද්‍රව අඩු වීම

    • සිසිලන ද්‍රව අඩුවීම නොයෙකුත් හේතු නිසා විය හැකිය. විශේෂයෙන්ම රේඩියේටර් මූඩියේ නැවත පැමිණෙන වැල්වයේ දෝෂයක් නිසා අමතර ටැංකියේ සිසිලන ද්‍රව වැඩිවී රේඩියේරයේ සිසිලන ද්‍රව අඩු වීමටද පුළුවන.  විසඳුම -අවැසි තරමට සිසිලන ද්‍රව එකතු කරන්න. දිගින් දිගටම අඩු වේ නම් හෝ අමතර ටැංකියේ සිසිලන ද්‍රව වැඩි වේ නම් රේඩියේටර් මූඩිය මාරු කරන්න.
ඉහත මා දැක්වූයේ එන්ජිම් බොයිල් කිරීමට සිදුවිය හැකි හේතු සහ ඒවායේ සරල විසඳුම් වේ. එසේම දිනපතා වාහනය ධාවනය කිරීමට මත්තෙන් එන්ජිමේ තෙල් , වතුර බලන්නේ නම් එය වඩාත් යහපත් වේ. මා එවැනි පුරුද්දක් තිබෙන බැවින් මාගේ අවුරුදු 25 පරණ වාහනයෙහි බොහෝ දෝෂ හඳුනාගෙන ඇති අතරම ඒවා සුළු වියදම් මගින් නැවත සකසාගෙන ඇත්තෙමි.

එන්ජිම බොයිල් වූ විට කළ/ නොකළ යුතු දෑ...

  • කළ යුතු දේ..

    • වාහනයේ උෂ්ණත්ව මානය අන්තරාය පෙදෙසෙහි ඇත්නම් හෝ නවීන වාහන වල නම් රතු සංඥාව දැල්වේ නම් හැකි පමණ ඉක්මනින් ආරක්ෂිත ලෙස වාහනය පාරෙන් අයිනට කර නවත්වන්න.
    • එන්ජිමට හොඳින් වාතය ලැබෙන පරිදි බොනට්ටුව හැර තබන්න.
    • සිසිලන ද්‍රව කාන්දු වේ දැයි සොයා බලන්න.
    • කාර්මිකයෙකු ගෙන්වා ගත නොහැකි නම් වාහනය සිසිල් වූ පසු සිසිලන ද්‍රව පරීක්ෂා කර බලා සෑහීමකට පත් වේ නම් පමණක් ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන්න. උෂ්ණත්ව මානය හෝ රතු සංඥා පිළිබඳව සැලකිල්ලෙන් ධාවනය කරන්න.

  • නොකළ යුතු දේ ...

    • වාහනය රත් වී තිබියදී රේඩියේටර් මූඩිය ඇරීමෙන් වළකින්න. මෙසේ රේඩියේටර් මූඩිය ඇරීමෙන් ඔබ හට අන්තරාදායක ලෙස පිළිස්සීම් ඇති වීමට පුළුවන.
    • අන්තරාය සංඥා නොතකා ධාවනය නොකරන්න.
    • අධික ලෙස රත් වූ එන්ජිමකට හෝ රේඩියේටරයට වතුර දැමීමෙන් වළකින්න.

Sunday, November 10, 2013

පොලිසිය තමාගේ හෙළුව වසා ගැනීමට අනුන්ගේ ඇසෙහි පරාළ දැකීම

"ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නීතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත. 

එම නියෝග මෙසේය. 

01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළඳින උපකරණ විශේෂයක් විය යුතූය. 

02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන "සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය. 

03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ. 

04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියම් වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය. 
ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුම් නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත. "

ඇත්තෙන්ම මෙය සාධාරණ නීතියක්ද ? සමාජයේ අති සුළුතරයක් කරන්නා වූ අපරාධ හේතුවෙන් අතිමහත් වූ යතුරුපැදි ධාවකයන් වෙත අසාධාරණ ලෙස බලපාන නීතියක් බව බැලූ බැල්මටම පෙනී යනු ඇත. ඇත්තෙන්ම ත්‍රස්තවාදය පැවති කාලයේදී නම් මෙම නීතිය සාධාරණ යැයි කිවිය හැක. එහෙත් යුදමය ජයග්‍රහණය පිළිබඳවම නිතර මෙම ආණ්ඩුව වමාරණ කලෙක මෙවන් නීතින් නැවතත් කරලියට ගෙන ඒම අනුවණ ක්‍රියාවක් බව මොනවට පසක් වනු ඇත. පසුගිය සමයේ සිදු වූ අනතුරු  අතරින් යතුරු පැදි අනතුරු වල සංඛ්‍යාත්මක වර්ධනයක් සිදුවී ඇති බව වාර්තා අනුව පෙනී යයි. කෙසේ වෙතත් මෙය ෆොන්ටෙරා ආයතනයේ ඩී.සී.ඩී වැනිම තවත් දේශපාලනමය හා ව්‍යාපාරිකමය වශයෙන් වාසි තකා කෙරෙන යමක් බව මාගේ සිත පවසයි. කෙසේ වෙතත් මෙය මහජනයාට එදිරිව ගත් නීතියක් බවත් පොලිසියේ අකාර්යක්ෂමතාවය ඉස්මතුවීම වැලැක්වීමට ගන්නා වූ උත්සාහයක් බවත් පෙනී යයි. පොලිසියේ කාර්යය අපරාධ නැවැත්වීම මිස අනතුරු වලින් මිය යන සංඛ්‍යාව වැඩිකිරීම නොවේ. මෙය හිසේ රුදාවට කොට්ටය මාරු කිරීමක්මය.

Monday, October 28, 2013

නැවතත් අවධානය යොමු කළ යුතු ජාත්‍යන්තර පාසල් පද්ධතිය

නීති පොත් සහ නීති ඉතිහාසය වෙනස් කරමින් , අති විශිෂ්ට ගණයේ නඩු තීන්දුවක් ලබා දුන් , රෝයල් පාර්ක් මිනිමැරුම , ජනතාවට එරෙහි ජූඩ් ශාමන්ත නඩුවෙහි උණුසම තවමත් වියැකී නැත. අති කෘෘර අමානුෂික අයුරින් කාන්තාවක් ඝාතනය වී ඇත. විත්තිකරු සාධාරණ සැකයෙන් ඔබ්බට , නවතම විද්‍යාත්මක , එකම සාක්ෂිය මගින් වැරදිකරු බවට ඔප්පු කර ඇත. ජනපති නියම කැරෙන දිනයකදී මෙම සිත් පිත් නැති ඝාතකයා ප්‍රාණය නිරුද්ධ වනතුරු ගෙල වැල ලා එල්ලා තබනු ඇත. මෙය අයිස් කන්දේ මතුපිට තත්ත්වයයි. එහෙත් ගැටළුව තවමත් පහව ගොස් නැත. ලෙඩේට පමණක් බෙහෙත් කොට ලෙඩා මැරෙන්නට හැරීමෙන් පලක් නැත. ඇත්තෙන්ම ගැටළුව ඇත්තේ ඔවුන් හැදී වැඩුනු සමාජයයි. මෙම ගැටළුවට ආමන්ත්‍රණය නොකොට මෙවැනි වූ අපරාධ , සමාජ පිරිහීම වළකනු නොහැකි වනු ඇත.

මුදලට විකිණෙන මෙම සමාජයේ , ඇස්. බී වැනි ඇමති වරු සූදුව “ හොඳායි!!“ කියත්දී වර්තමාන සමාජ රටාව කුමක්දැයි තේරුම් ගැනීමට මොනවට උදාහරණ අවැසි දැයි සිතේ. ඇත්තෙන්ම වර්තමාන ආණ්ඩුවද දැවෙන ගැටළු ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වී ඇත. ජනතාවගේ බදු වලින් ජීවත් වන ආණ්ඩුව නිසි අයුරින් එම ආදායම , නිසි අයුරින් ආයෝජනය කළ යුතුව ඇත. එහෙත් පරිපාලනය කෙතරම් දුර්වලද කියතොත් මේ වන විට “මිහින් ලංකා“ ආයතනය රුපියල් බිලියන 8.3 ක අලාභ සහිත “සුදු අලියකු“ වී ඇත. ඉතින් කෙසේ නම් අපි ගොඩ යමුද? යමක් ලාභ ලැබීමට පෙර , අලාභ ලැබීම නතර කළ යුතුය. දැන් අපේ බදු ගඟට කැපූ ඉනි සේ නිකන්ම අපතේ යෑමක් සිදුවී ඇත. කෙසේ වෙතත් මුදල් ඉපැයීමේ අරමුණින් ම බිහි වූ ජාත්‍යන්තර පාසල් පද්ධතියේ හරයන් ඇත්තෙන්ම සමාජයට වින කෙටීමක් මිස වෙනත් යමක් සිදු නොවේ.

ඇත්තෙන්ම මව් බස වූ සිංහලයට දැන් ඇති තැන කුමක්ද? සියලුම පෞද්ගලික ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා වල සේවය කරන නිවේදක නිවේදිකාවන් , එක්කෝ උපතින්ම රූමත් මෝඩයන්ය නැතහොත් සල්ලි වලට ඇඟ විකිණූ අයය. ඇත්තෙන්ම පෙරදී පෞද්ගලික රේඩියෝවක් ඇසීමට ප්‍රිය මා දැන් ඒවාට වෛර කරමි. මක් නිසාද ඒවායේ බුද්ධියට ආමන්ත්‍රණය කෙරෙන කිසිදු වැඩසටහනක් නැති බැවිනි. ඇතැම් නාලිකා මධ්‍යස්ථ වශයෙන් තත්ත්වයක් පවත්වාගෙන ගියද බහුතරයක් හුදු පුහු වින්දනය සඳහාම වෙන් කොට , මුදල් ලබා දී බලයෙන්ම රේඩියෝ අසවා ගන්නා අබුද්ධස්ස යුගයක් බිහිවී ඇත. මේ සියල්ලටම හේතුව පරිපාලනය ගෙන යන නිළධරයන් බොහෝ දෙනකු ලාංකේය හරය , අනන්‍යතාවය  නොදන්නා , තම දරුවන් වුවද විකුණා මුදල් සෙවීමට කෑදර අය වෙති. කෙසේ වෙතත් ජූඩ් ශාමන්ත , ඉවෝන් , කැරලයින් යන තිදෙනාම එකම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූවෝ වෙති. මෙම සිද්ධිය මාධ්‍ය මගින් කෙසේ උලුප්පා දැක්වුවත් එහි හරය මෙසේය.

සොයුරියන් දෙදෙනකු වෙති. ඔවුනගේ පියා ධනවත් විදේශිකයෙකි. මව ලාංකේය කතකි. දෙදෙනාම විදෙස් ජානගත වූ බැවින් විදෙස් යුවතියන් මෙන් රූ සපුව වූහ. තවත් තරුණයකුද මෙම පාසලෙහි විය. ඔහු කුඩා කලම දෙමාපියන් විරසකව දෙපසකට වී සිටියහ. මෙම තරුණයාගේ පියාද ධනවතෙකි. සල්ලාල කමෙහි අඩු නොවූ ධනවත් දරුවන් සුරාව , සූදුව, ගණිකාවන් , ලිංගිකත්වයට ඇබ්බැහි වී සිටිති. මෙම තරුණයාද එසේමය. පෙර සඳහන් කළ තරුණියන් දෙදෙනාගෙන් වැඩිමහල් තරුණිය මෙම තරුණයා සිටි වසරේම විය. රාත්‍රී සමාජ ශාලා මොවුනගේ ජීවිතය විය. රාත්‍රී සමාජ ශාලා ගැන කතා කරන විට , මටද එක් අත්දැකීමක් මතක් වේ.

 මා සේවය කළ ආයතනයේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු , ආයතනයට සමුදුන් දවසේ පැවැත්වූ සාදයකදී මා හට කාර්යාල මිතුරෙකු මෙවන් සමාජ ශාලාවකට යෑමට ආරාධනා කළ අතර මෙවන් අත්දැකීමක් කෙදිනකවත් නොලැබ සිටි මම එයට කැමැත්ත දුනිමි. අඳුරේම තුන්සක රියක මෙම සමාජ ශාලාව වෙත ඇදුන අපිට පිටට කිසිවක් නොපෙනුනද “බුම් බුම් “ හඩින් ඇතුළේ ඇති ඝෝෂාකාරි , එහි බිත්ති ද බිඳගෙන පිටතට ඇසුනි. ඇතුළට පිවිසෙනදොරටුව අසල හැඩිදැඩි තරුණයන් කිහිපදෙනෙකු කඩවසම් අයුරින් ඇඳසිටි අතර ඔවුන් ආරක්ෂකයන් බව , පළපුරුදු මාගේ මිත්‍රයා පැවසීය. ඇතුළට පැමිණි  විටම  තම විලි යාන්තමට වසාගත් තරුණ කාන්තාවන් අපගේ අත්වල එල්ලුනේ තම ජීවන සහකාරයා දුටුවාක් මෙනි. මා එය පිළිකුල් කළ අතර මාගේ අතෙහි එල්ලුන කාන්තාව කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. ඇතුළත මිහිපිට අපායක් බඳු විය. තැන තැන බමන මතින් සිටින කාන්තාවන් සහ පුරුෂයන්ය. ඇතැම් අය ඝෝෂාකාරී සංගීතයට වැනෙමින් සිටියහ. ඇතැම් සේවිකාවන් ධනවත් තරුණයන්ට මත්පැන් වක්කරමින් ඔවුන්ට තවත් බීමට දිරි දෙමින් සිටියහ. ඇත්තෙන්ම මෙය විනෝදයක් නොවන බව මටත් මාගේ තවත් මිතුරෙකුටත් පසක් වන විට අප සමග ආ අපගේ පළපුරුදු මිතුරා සහ විනෝදයට බර තවත් මිතුරෙක් “වැඩ අරඹා“ තිබින. මත්වතුර බෝතල් දෙකක්ද අතින් ගෙන අතෙහි එල්ලුන කාන්තාවන් සමග අනඟ නැටුමක නිරත වූහ. අප කෑමට යමක් ඇනැවුම් කර අපගේ මිතුරන්ගේ විනෝදය අවසන් වන තුරු සිටියහ. රාත්‍රි 2 පසු වන තුරුද මොවුන් හට නිවෙස් වලට යෑමට තරම් සිහියක් නොතිබුනද අවසානයේ මොවුන් ඇදගෙන යාමට හෝ තීරණය කර , ගෙවීම සඳහා බිල් පත ඉල්ලා සිටියෙමු. එහි අවසානයේ තිබූ ඉලක්කම් දැක , මත් වතුර තොළ නොගෑ මට බමන ගතියක්ද දාඩියද දමන්නට විය. 15,000 ! එහෙත් බමන ගතින් සිටි මාගේ පළපුරුදු මිතුරා තම ක්‍රෙඩිට් කාඩ් පතින් එය ගෙවා දැම්මේ ඔහු මේ ජීවිතයේ ඇට්ටර වූ අයෙකු බව අප හට මොනවට පසක් කර දෙමිනි. අදටත් මම රාත්‍රී සමාජ ශාලා වලට වෛර කරමි.

පෙර කතා පුවතේ තරුණියන් සහ තරුණයා අතර හාදකමක් ඇතිවන්නට ඇත. විශේෂයෙන් වැඩිහිටි තරුණිය සමග තහනම් ගහේ ගෙඩි කන්නටද ඇත. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් ගත වූ වැඩිමහලු තරුණියගේ පාලුව මකන්නට බාල සොහොයුරිය යොදාගෙන ඇය සමගද තහනම් ගහේ ගෙඩි කා ඇත. පසුව ලංකාවට නැවත පැමිණි වැඩිමහල් සොයුරිය , සිය නැගණියද තරුණයාද කැටුව රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී බහින් බස් වීමක් සිදු වී ඇත. තමාවද පාවිච්චියට ගෙන දැන් තම නැගණියද පරිහරණය කරන මෙම තරුණයා පිළිබඳ වෛර සිතක් , වැඩිමහලු තරුණියට නැගෙන්නට ඇත. කෙසේ වෙතත් පිරිහුණු සමාජයක ගොදුරක් බවට පත් වූ මේ චරිත තුනෙන් එක් චරිතයක් කතාවෙන් ඉවත් වන්නේ අමානුෂික ලෙස ඝාතනය වීමෙන් පසුවය. දැන් තවත් චරිතයක් පෝරකය පෙනෙන මානයේ සිටියි. දැන් ඉතිරිව සිටිනුයේ කයෙනුත් මනසිනුත් පසුතැවීමට පත් බාල සොහොයුරිය පමණකි. ඇත්තෙන්ම මෙම සිදුවීම් පෙළට වගකිව යුත්තෝ කවරහුද ?

දෙමාපිය වරද මෙහි ප්‍රධානත ම කරුණයි. හැදුන වැඩුන ලාංකේය දූ පුතුන් , තම සංස්කෘතිය සදාචාරය දත්තෝය. මෙම සංස්කෘතිය සදාචාරය උගැන්වෙනුයේ තම දෙමාපියන් විසිනි. තවද තම හෘද සාක්ෂිය විසින් අනුමත නොකෙරෙන දේ කිරීමට සංවරව හැදුනු අය ලජ්ජා වෙති , බය වෙති. මා දන්නා ධනවත් දෙමාපියන් සිටින දරුවන් අතළොස්සක් සංවර විනීත , පොළොවේ පය ගසා ජීවත් වන දානපතියන් වෙති. ඒ හොඳ දෙමාපිය ඇසුරයි. දෙවැනි කරුණ නම් ඇසුරු කරන්නා වූ සමාජයේ ගුණාත්මක බවයි. අපගේ ගිරා පෝතක ජාතකයේ මෙන් හොඳ ඇසුර හොඳ අයෙකු බිහි වීමටත් , නරක ඇසුර නරක අය බිහි වීමටත් බලපායි. ඇත්තෙන්ම නරක ඇසුර තිබුණත් හොඳ අයෙකු වන්නේ , කණ කැස්බෑවා විය සිදුරෙන් ඉර දකිනවා හා සමාන සම්භාවිතාවකිනි. තෙවන කාරණය නම් තමා ඉගෙන ගන්නා පරිසරයයි. ආගම දහමට ලැදිව නිවැරදි අධ්‍යාපනයක් හදාරන්නෙකු බොහෝ විට නරක ඇසුරට නෙම වන්නා සේම අනෙකෙකුට නපුරක්ද නොකරයි.

එහෙත් අධ්‍යාපනය ම පමණක් අරමුණු කරගත් , හර ගුණාංගයන්ට ඉඩ නොදෙනා , ලාංකීය බව නොහඳුනන මුදලට යට වුනු බොහෝ ජාත්‍යන්තර පාසල් සමාජයට දායාද කරනුයේ පිළිල  හෝ වෛරස වේ. තම ධාරකයාද විනාශ කරමින් සිය ගණනින් ගුණනය වන මෙවන් දේ නිසා ආසියාවේ මුතු ඇටය විනාශ මුඛයට යනු ඇත. ධනවත් දෙමාපියන්ගේ තත්ත්වය පෙන්වීමටද , එය තම සුඛෝපභෝගි භාණ්ඩයක් ලෙසද මෙම ජාත්‍යන්තර පාසල් භාවිත වේ. දරුවකුගේ වරදක් දුටු තැන දඬුවම් දීමට මෙම පාසල් වල ගුරුවරු මැලි වනුයේ දරුවන්ට තිබෙන ආදරය නිසා නොව , පාසල නඩත්තු කිරීමට එම දරුවාගේ දෙමාපියන් දෙන ආධාරයන් අහිමි වන බැවිනි. එවිට ගුරුවරු ළමයින් හරි මග යවනවා වෙනුවට , දෙමාපියන් ගුරුවරුන්ව හසුරවන තත්ත්වයක් උද්ගතව ඇත. විනය බින්දුවට බැස ඇත. මුදල් වලින් හැම දෙයක් ම ගත හැකි බව මොවුහු සිතා සිටිති. මෙම තත්ත්වය සමාජ කතිකාවතක් විය යුතු බව මාගේ මතයයි! ජාත්‍යන්තර පාසල් රටකට අවැසිය. එහෙත් එහි හර පද්ධතීන් යාමනය කිරිමට නිසි අධිකාරියක් තිබිය යුතුමය. එසේම සල්ලිකාර සෙල්ලක්කාර දූ පුතුන්ට මා දෙන අවවාදය නම්,

සල්ලි වලට ගැහැණියෙක් ගත්තද බිරිඳක් මිලට ගත නොහැක,
සල්ලි වලට කාමය මිලදී ගත්තද ආලය මිලට ගත නොහැක,
සල්ලි වලට දරුවකු ගත්තද සුජාත දරුවකු බිහිකළ නොහැක,
සල්ලි වලට උගෙන ගත්තද සාරධර්ම මිලට ගත නොහැක,
සල්ලි වලට තාවකාලික සතුට මිලට ගත හැකි වුවද සදාතනික සතුට ලබා ගත නොහැක.


Wednesday, October 9, 2013

විදුලි බිල වැඩිද ? මෙන්න අඩුකරගන්න හොඳම ක්‍රමය

ලංකාවේ පවතින වත්මන් තත්ත්වය මත මධ්‍යම පාන්තිකයන්ට සහ දුප්පත් ජනතාව මත බදු ආදී බර පැටැවෙත්දී , වි.බ.ම හි අකාර්යක්ෂම පාලනය හා දැඩි තීරණ ගැනීමේ දුෂ්කරතාවය නිසා අද වන විට විදුලි බිල සෑහෙන පමණින් වැඩි වෙමින් පවතී. අදිසි හස්තයක බලපෑම මත පෞද්ගලික විදුලි ජනනයන්ගෙන් විදුලි ඒකක , ඉතා වැඩි අගයකින් මිලට ගැනීම නිසා , එහි බලපෑම පාරිභෝගික වන අපහට දැරීමට සිදුවීම අභාග්‍යයකි. පසුගිය සමයේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂා සමග කාසල්රි , කොත්මලේ, ඉහළ කොත්මලේ ඇතුළු ජලාශ බොහෝ ප්‍රමාණයක් පිටාර මට්ටමට පැමිණි අතර වික්ටෝරියා වැනි ජලාශ වසර ගණනකට පසුව වාන් දමන ලදී. එහෙත් නිළධාරීන්ගේ පසුබට වීම නිසා ඉන්ධන ගැලපුම් ගාස්තුව තවමත් අප හට ගෙවීමට සිදුවූයේ වැසි සමයේ විදුලිය උත්පාදනය කළේ නම් මහා ඉතිරියක් කරගැනීමට තිබූ යුගයකය.

කෙසේ වෙතත් මා දැන් සාකච්ඡා කිරීමට යනුයේ ඉතිහාසය පිළිබඳව නොව දැනට අප නිකරුණේ වැය කරන විදුලි ඒකක ප්‍රමාණය අඩු කර ගැනීමේ සැලසුම් පිළිබඳවයි. අධිකාරීන් විසින් අප හට අසාධාරණ ලෙස වැඩි මිල පටවන්නේ නම් එය අඩු කර ගැනීමට සැලසුම් මහජනතාව විසින් ගත යුතුව ඇත.

තාපන උපකරණ භාවිතය අවම කිරීම

අප භාවිත කරනු ලබන උපකරණ වලින් වැඩිම විදුලි ඒකක ප්‍රමාණයක් වැය වන්නේ තාපන උපකරණ සඳහා ය. උදාහරණ වශයෙන් තාපන ඵලක ( Hot Plate) , විදුලි ස්ත්‍රික්කය , බත් පිසිනය , වතුර උණුකරණය ආදී වේ. මේවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය කරුණු පහත පරිදි වේ.

  • නිතර නිතර භාවිතාව වළකා හැකි තරම් එකවිට සියලු කර්තව්‍යයන් කිරීම
    • තාපන ඵලක හෝ  විදුලි ස්ත්‍රික්කය , බත් පිසිනය , වතුර උණුකරණය ආදිය භාවිත කිරීමේදී ඒ ඒ උපකරණ වලට අදාළ කර්තව්‍යයන් පෙළ ගස්වාගෙන සිදුකිරීම.
      • ආහාර සකස් කිරීම සඳහා තාපන ඵලකය භාවිත කරන්නේ නම් සියලු ඉවුම් පිහුම් එයින් කරගෙන එය විසන්ධි කර පිසගත් බත් බඳුන එය මත තබන්න. එවිට එහි රැඳි තාපයෙන් බත උණුසුම්ව තැබෙනු ඇත.
      • ඇඳුම් මදින විට පවුලේ සියලු ඇඳුම් එකවිට මැදීම.
  • ඉහළ තාප කාර්යක්ෂමතාවයෙන් යුතු තාපන උපකරණ මිලදී ගැනීම.
    • තාපන උපකරණ වල කාර්යක්ෂමතාව යනු සපයන ශක්තියට සහ පිටකරනු ලබන ශක්තියේ අනුපාතයයි. අපට අවශ්‍ය වනුයේ අඩුම විදුලි පරිභෝජනයකින් වැඩි කාර්යයක් කර ගැනීමටය.
  • විකල්ප උපකරණ භාවිතය
    • ගීසරය හෙවත් ස්නානය සඳහා ජල තාපකය සඳහා සූර්ය රශ්මියෙන් රත් වන ඒකකයක් මිලට ගැනීම

අනවශ්‍ය විදුලි පරිභෝජනය අවම කිරීම

  • විදුලි පංකා ආදිය හැකි තරම් භාවිතය අවම කිරීම
  • වායු සමන භාවිත කරන්නේ නම් මධ්‍යස්ථ මට්ටමේ උෂ්ණත්වයක් සඳහා උෂ්ණත්ව යාමනය සකසා තැබීම
  • හැකි සෑම විටම ජනෙල් ආදිය හැර වාතය නිවස්නය තුළට ඒමට සැලැස්වීම මගින් සිසිලනය කිරීම
  • අනැවශ්‍ය විදුලි බුබුළු නිවා තැබීම
  • විදුලි මෝටර ආදිය භාවිත කිරීමේදී විටින් විට නොව එක දිගටම භාවිතය (ජල පොම්ප)
  • විකල්ප උපකරණ භාවිතය
    • CRT රූපවාහිනි වෙනුවට LCD හෝ LED රූපවාහිනි භාවිතය.
    • සාමාන්‍ය විදුලි බල්බ වෙනුවට සංයුක්ත ප්‍රතිදීප්ත පහන් (සී.එෆ්. එල්) භාවිතය.
    • වර්ධක සහිත ශබ්ද පද්ධතීන් වෙනුවට කනෙහි රුවිය හැකි ශබ්ද විකාශන කට්ටල පැළැඳිම.

ස්වභාවික විදුලි උත්පාදන උපකරණ භාවිතය

  • සුර්ය කෝෂ මගින් විදුලි උත්පාදනය කර වියදම් කපා හැරීම.
බොහෝ විට විකල්ප උපකරණ සඳහා මූලික පිරිවැයක් දැරිය යුතු වුවද පසු කාලීනව එය සම්පුර්ණ ලාභයක් වනු ඇත.

Thursday, October 3, 2013

ආදරය සහ රාගය

මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා තරම් පරිකල්පන හැකියාවන් දියුණු කිරීමේ අරමුණක් උන් සතුව නැත.

තත්ත්වය මෙසේ තිබියදී අපි සියලු ම සත්ත්ව ලෝකය දෙස ඇස යොමා බලමු. සියලුම සත්ත්වයන් තම වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව මත ලිංගික සංසර්ගයේ යෙදේ. තවද මෙම සත්ත්වයන් හට වරකට පැටවුන් එකකු හෝ දෙදෙනකුට වැඩි ප්‍රමාණයක් බිහි කළ හැක. මෙය හුදෙක්ම ජීව රසායනික ක්‍රියාවලියක් වේ. සියලුම ගැහැණු සතුන් වසරේ නියමිත කාලයකදී ලිංගිකව සරු බවට පත් වන අතර පිරිමි සතුන් හට මේ බව , ගැහැණු සතුන්ගෙන් නිකුත් වන රසායනිකන් ගේ උත්තේජනයන් මගින් පවසනු ලබයි. මින් පසු පිරිමි සත්තු ගැහැණු සතුන් සමග එක් වීමට තරග කරති. ශක්තිමත්ම පිරිමි සතා ගැහැණු සතා සමග එක් වන අතර මෙහිදී තරග වැදීමේදී පිරිමි සතුන් මිය යාම ස්වභාව ධර්‍මයේ  කුරිරු බව මොනවට විදහා දක්වයි. මෙය රාගය හෝ ආදරය යැයි අර්ථකතනය කිරිම නිවැරදි නොවේ.

ආදරය හෝ රාගය යනු ඇත්තෙන්ම මිනිස් සිතේ උපදින සිතිවිලි මගින් ඇතිකරන්නා වූ මානසික මට්ටමකි. වෙනත් සතුන් හට  මෙය අල්ප වශයෙන් ඇති අතර තම දරුවන් රැකබලාගැනීම සහ ඉගැන්වීම සඳහා සහජයෙන් ඇති ඉව ඉවහල් වේ. පැටවුන් උස් මහත් වූ පසු ඔවුන් වෙන වෙනම ජීවත් වෙති. නමුත් මිනිසාගේ දෙමාපිය - දරු  ආදරය මෙයට වඩා පුළුල් විශයක් වන අතර අද දින මෙම මාතෘකාවේදී මෙය සාකච්ඡාවට බඳුන් නොවේ. මිනිස් ශිෂ්ටාචාරය විසින් රැගෙන ආ සංකල්පයන් මත අද මිනිසා තම වර්ගයා බෝ කිරීමට බාහිර පරිසරය යොදා නොගන්නා අතර සංවෘත ස්ථාන යොදා ගනියි. තම පෞද්ගලිකත්වය ලෙස සීමා මායිම් යොදා ගෙන තත්ත්වයන් බොහෝ සංකීර්ණ කරගෙන සිටිති. කෙසේ වෙතත් මිනිසාගේ පරිකල්පන හැකියාවත් , නූතන සමාජය විසින් අනුබල දෙන්නා වූ කාරණා නිසාත් මිනිසාගේ ආදරය සහ රාගයෙහි මානයන් වෙනස් වී ඇති බව නම් අප අද අත්දක්නා සත්‍යයක් වේ.

ඇත්තේන්ම ආදරය සහ රාගය යනු ඉතා බලවත් මානසික තත්වයන් දෙකක් වේ. මෙය නිසි ලෙස යෙදැවීමෙන් මිනිසෙකු දියුණුවට පත් වීමටත් , අගාධයට යෑමටත් පුළුවන. එහෙත් නන්දා මාලනිය පවසන අයුරින් “ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය , පාරිශුද්ධ ! “  නම් නැත. ඇත්තෙන්ම ආදරය තුළ රාගය යම් පමණකට පවතී. නමුත් සර්‍වසම්පූර්ණයෙන්ම වූ රාගය තුළ ආදරයක් අනුකම්පාවක් ඇත්තේ ම නැත. රාගය තුළ ඇත්තේ අයෙකු තුළ ඇති බුර බුරා නැගෙන කාමාශාව සිඳුවා ගැනීමට ඇති ආශාවයි. පිරිමියෙකු සහ ගැහැණියක අතර ඇති ආදර ගනුදෙනුවේදි එකිනෙකා වෙත අනුකම්පාව , දයාව, සෙනෙහස මෙන්ම කායික ආශාවන් සන්තර්පනය කරගැනීමට අවැසි රාගයද තිබිය යුතුය. නැති නම් මෙය හුදෙක්ම උත්තමයන් සමාජයේ අන් අයට දක්වන ආදරයක් පමණක් වන අතර හෝ අනෙක් අතකට ගත්කළ ආදරයෙන් තොරව දක්වන්නා වූ ශාරීරික බැඳිම , සතුන් වර්ගයා බෝ කිරීමේ අරමුණ හා සමාන බව කිව හැකිය.

කෙසේ වෙතත් තවමත් අප මොළයෙහි දියුණු නොවූ කොටස් ඇත. රාගය , පළා යාම , සටන් කිරීම , හදිසි අවස්ථාවන් හිදි නොසිතන ජවයන් ලැබීම ආදී වූ නොයෙක් දෑ මෙම නොදියුණු සත්ත්ව කොටසෙහි ක්‍රියා කාරීන් වේ. මිනිසකු තම මොළයෙන් 2% ත් 4% ත් අතර භාවිත කරන බැව් විද්‍යාත්මක මතයයි. මෙම ආදරයද මිනිසාගේ මොළයෙන් රාගිකව දෙන්නා වූ පණිවුඩය නිර්මාණාත්මකව පරිවර්තනය කිරීමක් යැයි පැවසීම වරදක් නොවේ. මන්ද ආදරය කරන දෙදෙනෙකු එකිනෙකා ආකර්ශනය කර ගැනීමට යමක් කරනුයේ අනාගතයේ දවසක යහන් ගතවීමට නොවේද ?මේ ගැන තව දුරටත් විග්‍රහ කිරීම ඔබට බාර කරමි.

එහෙත් අප මෙහිදී නොදකින තවත් පැතිකඩක් තිබේ. එනම් ආදරයේ හෝ රාගයේ අන්ත දෙක පිළිබඳවයි. ආදරයේ හෝ රාගයේ ඍණාත්මක පැත්ත නම් කෙනෙකුට විරුද්ධ හෝ සම ලිංගිකයන් පිළිබඳ කිසිදු අයුරකින් සංවේදනය නොවීමත් , තමා අන් අයට මෙන්ම තමාටද වෛරීය ස්වභාවයෙන් සිටීමත් වේ. මේ අය සමාජයෙන් කොන් වන්නා සේම දැඩි මානසික පීඩනය යටතේ සිය දිවි හානි කරගැනීමටද එළැඹිය හැකිය.
එසේම කාසියේ අනෙක් පැත්ත වන දැඩි රාගය සහ ආදරය ගත් කල්හි රාගය අධික පුද්ගලයන් අතින් ළපටි , මහලු , සමවයස් කාන්තාවන් හෝ පුරුෂයන් ලිංගික අපයෝජනයට ලක් විය හැකි අතර බොහෝ විට වෛශ්‍යාවන් කරා යොමු වන්නේද , කාන්තා හිංසනයට මුල පුරන්නේද මෙවැනි මිනිසුන් වේ. මහ උළු ගෙදර බොහෝ විට මෙවන් මිනිසුන්ගේ අවසාන නවාතැන වේ. ආදරය අධික වීමද අනෙක් අයට හිරිහැරයක් වීම වළක්වාලිය නොහැක. කෙනෙකු තවත් අයෙකු පිළිබඳව අසීමිතව සොයා බැලීම , දැඩි රැකවරණය ලබා දීම රැකවරණය ලබන්නා අපහසුතාවයට පත් කරනු ලබයි. එසේම අසීමිතව ආදරය කරන්නා බොහෝ විට සිත් තැවුලට පත්වන අතර මානසිකව කඩා වැටී , තම ජීවිතයෙන් වන්දි ගෙවීමට තීරණ ගැනීමද වළක්වනු නොහැකි වනු ඇත.

ආදරයේ සහ රාගයේ නිර්වචනය පුළුල් කිරීමේ හැකියාව ඔබටත් පවතී. අපත් සමග සාකච්ඡා කරන්න.෴

ඔබට සුභ දිවියක්! සුභ අනාගතයක් ලැබේවා!

Wednesday, September 4, 2013

කිරිපිටි සමාගම් නොකියන තිත්ත ඇත්ත..........



DCD යනු කිරිපිටි සමාගම් විසින් එකතු කරනු ලබන අහිතකර රසායනික සංයෝගයකි…

අරමුණ – නැති ගුණාත්මකභාවයක් පෙන්විම...

ශ‍්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට විවිධ සැලසුම් විවිධ ආණ්ඩු මගින් දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු ඇති කළහ. එහෙත් අදවන විටත් එය සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. 70-77 කාලය තුළ යම් සාධනීය වර්ධනයක් වුවද 1977 න් පසු ඇති වූ විවෘත ආර්ථිකය තුළ එය සම්පූර්ණයෙන්ම ආනයනික කිරිපිටි මත යැපෙන ආර්ථිකයක් බවට පත්විය. මෙහිදී දේශීය නිෂ්පාදනය වක‍්‍රාකාරව අඩපණ කිරීමටත් ආනයනය උනන්දු කිරීමටත් ඉතා සැලසුම්සහගත ලෙස මෙම කිරිපිටි ආනයනය කරන බහුජාතික සමාගම් ක‍්‍රියා කළේය. මෙය සාර්ථකකර ගැනීම සඳහා කිරිපිටි ගෙන්වන සමාගම්වල මුදල් රජයේ මැති ඇමතිවරුන්ගේ සිට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා පාරිභෝගික අධිකාරියේද, රේගුවේ ද, භාණ්ඩාගාර නිලධාරීන් ද යන නානාවිධ තලවල සිටින මේ සඳහා බලපෑම් කළ හැකි අය ඔවුන් වෙනුවෙන් දිනාගැනීමට ක‍්‍රියා කළේය.

මේ හැරුණුකොට කිරිපිටි ප‍්‍රචලිත කිරීම සඳහා විශාල ප‍්‍රචාරණ ව්‍යාපාරයක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ගෙනයාමෙන් Cultural Brain Wash එකකට සමස්ථ රටවැසියාව මේවනවිට නතුකර හමාරය. එය කොතෙක් භයානක තලයට පැමිණ ඇත්ද යත් කිරිපිටි යනු අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවට නම්කර එය සැපයීම නොකළහොත් රට අස්ථාවර වන්නේ යැයි දේශපාලඥයින්ව බිය කිරීමට හැකි පමණට මෙම සමාගම් ප‍්‍රබල වූ අතර මෙම Fear Psychosis එක ඇතිකර උපරිම බදු සහන හා නිරන්තර මිල වැඩිකර ගැනීමට පවතින රජයන් හරහා පිළියෙල කරගත්තේය. මෙම බදු සහන හා අධික ලාභය උපයෝගී කරගෙන විශාල ප‍්‍රචාරණ ව්‍යාපාරයක් මගින් වෙළඳපොළ ප‍්‍රචාරණය කිරීමට මෙම සමාගම් ක‍්‍රියාකළ අතර අදවන විට ඔවුන්ට විරුද්ධව ලිපියක් පලකිරීමටවත් සමහර පුවත්පත් බියවන අතර සියළුම රූපවාහිනී මාධ්‍යන්ගේ වාර්ෂික ආදායමින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ලැබෙන්නේ මෙම සමාගම්වල දැන්වීම් පලකිරීමෙන් ලැබෙන ආදායම් මතය. එම නිසා මෙම සමාගම්වලට විරුද්ධව කිසිවක් කිරීමට පෞද්ගලික මෙන්ම රජයේ මාධ්‍ය ආයතන ද බියවී ඇත. මෙම මාධ්‍ය ආයතනවල සිටින සමහර මාධ්‍යවේදීන් මෙම සමාගම් ගැන හෙලිකිරීමට උත්සාහ කළද ඒවා අතරමග නතර කිරීමට සිදුවී ඇත්තේ මෙම සමාගම් විසින් මාධ්‍ය ආයතනවල ඉහළ පුටු හොබවන්නන්ට කරන බලපෑම හේතුවෙනි.

බහුජාතික කිරි නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ වෙළඳ සංස්කෘතික මොළ හේදීමේ ක‍්‍රමය තුළින් ශ‍්‍රී ලංකාව, ඊජිප්තුව, බංගලිදේශය වැනි රටවල්වල සම්පූර්ණ කිරි වෙළඳපොල ඔවුන් සතුකරගෙන ඇත. එමෙන්ම චීනයේ හා මැදපෙරදිග සංවර්ධන ක‍්‍රියාවලියත් සමඟ මෙම සමාගම්වල නිෂ්පාදනවලට ඒ රටවලින් ද ඉහළ ඉල්ලූමක් ඇති විය. මේ තත්ත්වය තුළ මෙම සමාගම් ඔවුන්ගේ ලාභය වැඩිකර ගැනීමටත් සැපයුම ඉහළ දැමීමටත් තාක්ෂණයේ පිහිටෙන් කිරි වෙනුවට කිරි වැනි වෙනත් ද්‍රව්‍ය නිපදවීමටත්, කිරිවල මිල අධික සංඝටක වෙන්කර ඒවා අධික මිලට විකිණීමටත් පටන්ගෙන තිබේ. එසේම එම ඉවත් කළ කිරි සංඝටක වෙනුවට ලාභ රසායනික ද්‍රව්‍ය එක්කොට කිරි මෙන් පෙනෙන ව්‍යාජ කිරිපිටි නිපදවා ඒවා ලෝකයේ නැවුම් එළදෙනුන්ගෙන් ගත් කිරි බවට දිවුරමින් ෙ ලොවපුරා විකිණීමටත් පියවර ගෙන ඇත.

විටින්විට මේ කුමන්ත‍්‍රණය ලොව තැනින් තැන හෙලදරව්ි වූ අතර ඒ සඳහා විශාල විරෝධතාවයක් ලොවපුරාම ඇතිවුනි. නමුත් මෙම සමාගම්වල ඇති මූල්‍ය ශක්තිය මුදාහැර දේශපාලකයන්, නිලධාරීන් හා තාක්ෂණඥයින් මිලදී ගැනීමෙන් ඒ සියළු දේ පරාජය කිරීමට ඔවුන් සමත් විය. එමෙන්ම ප‍්‍රචාරණය සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරමින් ජනතාව තුළ ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළ තහවුරු කරගැනීමට මේවනතෙක් සමත් වී ඇත.

කිරිපිටි ආනයනයේදී එම කිරිපිටිවල තත්ත්ව සහතික ලබාගැනීමේදී භාවිතා කරන ලද්දේ ඉතා ලිහිල් ප‍්‍රතිපත්තියකි. එමෙන්ම ඒ සඳහා භාවිතා කරන ලද තාක්ෂණය ද ඉතා යල්පැන ගිය තාක්ෂණික ක‍්‍රමවේද වේ. එම නිසා තත්ත්වයෙන් බාල කිරිපිටි වෙළඳපොළට එක්කිරීමට මෙම බහුජාතික සමාගම්වලට එය රුකුලක් විය.

2008 වර්ෂයේදී චීනයේ ළමුන් 30,000 ක් පමණ වකුගඩු අකර්මණ්‍ය රෝගයට ලක්වූ අතර එයින් 06 දෙනෙක් පමණ මරණයට පත්වූහ. එහිදී කරන ලද පරීක්ෂණවලදී හෙලිවූ කරුණුවලට අනුව එම ළමුන්ට ලබාදුන් ළදරු කිරිපිටිවල අඩංගු වී තිබූ මෙලමයින් (Melamine) නැමැති රසායනිකය මෙයට හේතු වූ බවට තහවුරු විය. එමෙන්ම මෙම කිරිපිටි සකසන ලද්දේ නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමේ අනුසමාගමක් වන ‘සන්ලූ’ (Sanlu) සමාගම බවටද හෙලිවිය. මෙම සන්ලූ සමාගමට කිරිපිටි සපයන ලද්දේ නවසීලන්තයේ ෆොන්ටෙරා (Fonterra) සමාගම මගිනි.

Melamine යනු ප්ලාස්ටික් වර්ගයකි. ඒවා දෘඩ බඩු භාණ්ඩ (උදා:-පිඟන්) හදන අමුද්‍රව්‍යයක් වේ. මේවා කෘතීමව නිපදවන ද්‍රව්‍ය වේ. එම නිසා ස්වභාවධර්මයෙන් හෝ නිෂ්පාදන ක‍්‍රියාවලිය තුලදී අහම්බයෙන් එක්විය නොහැකිය. එනම් මේවා පිටතින් ඇතුල් කළ යුතුය. මෙම ද්‍රව්‍ය කිරිපිටිවලට එක්වන්නේ කෙසේද? නැතිනම් මේවා පිටතින් එකතු කරන්නේ කුමක් සඳහාද?

1.කිරිපිටිවල ඉල්ලූමට සරිලන ලෙස නිපදවීමට ස්වභාවික එළකිරි සමහර කාලවලට හිඟවීම.
2. කිරිපිටිවල සමහර සංඝටකවලට ඉතා ඉහළ ඉල්ලූමක් තිබීම. එම සංඝටක ඉවත් කිරීම මගින් ඇතිවන අඩුව පිරවීමට එයට සමාන වෙනත් යමක් දමා පිටි බවට පත්කර වෙළඳපොලට යැවීම.

මෙහිදී මෙම සමාගම් සූක්ෂම ලෙස කටයුතු කරනුයේ පවතින තාක්ෂණ ක‍්‍රමවේදයන්වලට හසු නොවන ද්‍රව්‍ය එක්කිරීමට මිස එහි පෝෂණය හෝ සෞඛ්‍යාරක්ෂාව ගැන සැළකීමක් කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ක්ෂණිකව පාරිභෝගිකයාට ගුණාත්මක වෙනසක් නොදැනෙන ලෙසත් රසායනිකව පරීක්ෂා කිරීමේදී පහසුවෙන් හසු නොවන කාර්යයත් පමණි.

Melamine නැමැති රසායනය රසක් නැති, ගඳක් නැති ඉතා මිල අඩු ද්‍රව්‍යයකි. මෙම රසායනයෙහි එක් අණුවක නයිට‍්‍රජන් අණු 07 ක් ඇත. මෙම රසායනය කිරිපිටිවලට කලවම් කිරීමේ රහස එයයි. දියර කිරිවල ප්‍රෝටීන 2% ක් පමණ ඇත. මේවා Whey Protein ලෙස හඳුන්වයි. Whey Protein යනු ඉතා මිල අධික මෙන්ම අධික ඉල්ලූමක් සහිත ද්‍රව්‍යයකි. මේ ප්‍රෝටීන යොදාගනුයේ ක‍්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයටල ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයිග Whey Protein කි:ග‍්‍රෑ. 01 ක් නිස්සාරණය කරගැනීමට කිරි ලීටර් 500 කට වඩා අවශ්‍ය වේ. යම් සමාගමක් මසකට මෙම කිරි ප්‍රෝටීන මෙ:ටොන් එකක් නිපදවයි නම් ඒ සඳහා කිරි ලීටර් ලක්ෂ 05 ක් උපයෝගී කරගත යුතුය. කිරිපිටි සමාගම් මෙම ප්‍රෝටීන ටොන් එක නිපදවා ඉතිරිවන ලීටර් ලක්ෂ 05 ක දියරය ඉවතලනවා යැයි ඔබට සිතිය හැකිද?

උත්තරය – නැත
නවසීලන්තයේ Fonterra සමාගම සතු Whey Protein නිෂ්පාදනය කරන කම්හලෙහි වර්ෂයකට Whey Protein ටොන් 5000 ක් නිපදවයි. එනම් දිනකට ටොන් 13 ක් පමණ වේ.

ඒ සඳහා මෙම සමාගම් විසින් ජාත්‍යන්තර ජනතාව සූරාකෑමට තාක්ෂණයේ පිහිට හා අප වැනි රටවල භාවිතාවන තාක්ෂණයේ දුප්පත්කම යන දෙකම උපයෝගීකොට ගෙන මෙම ඉවතලන කිරි නොවන කොටස කිරි යැයි පැවසිය හැකි වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කරයි. කිරිපිටිවල සාමාන්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය ගණනය කරනුයේ එහි ඇති නයිට‍්‍රජන් අණුවලට සාපේක්ෂව වේ. එය ඕනෑම ද්‍රව්‍යයක ප්‍රෝටීන ප‍්‍රමාණය තීරණය කිරීමට ගන්නා ඉතා පැරණි එහෙත් සාපේක්ෂ වශයෙන් ආසන්න ප්‍රෝටීන ප‍්‍රමාණය ගණනය කිරීමට හැකි සරල පරීක්ෂණ ක‍්‍රමයකි. එහෙත් ඒ සඳහා භාවිතා කළ යුත්තේ පිරිසිදු වෙනත් ද්‍රව්‍ය එක් නොකළ ස්වභාවික අමුද්‍රව්‍යම විය යුතුය.

යම් හෙයකින් නයිට‍්‍රජන් පරමාණු සහිත වෙනත් ද්‍රව්‍යයක් මෙම ස්වභාවික සාම්පලයකට මුසු වී ඇත්නම් එම ද්‍රව්‍යයේ සියළු නයිට‍්‍රජන් අණුවල ප‍්‍රමාණයද මෙම ක‍්‍රමය මගින් ප‍්‍රක්ෂේපණය වනු ඇත. එවිට සම්මත ප්‍රෝටීනවල නයිට‍්‍රජන් අණු අනුපාතයට ගණනය කරන ප්‍රෝටීන ප‍්‍රමාණය වැරදි අගයක් ගන්නේය. එසේ නැතහොත් ප්‍රෝටීන නොවන වෙනත් නයිට‍්‍රජන් සහිත ද්‍රව්‍යයක් පමණක් අඩංගු ද්‍රව්‍යයක් මෙම පරීක්ෂණයට ලක්කළද එහි නයිට‍්‍රජන් ප‍්‍රමාණය මැනගත හැක. යම් අයකු එම ද්‍රව්‍යයේ ප්‍රෝටීන ඇති යයි උපකල්පනය කළහොත් ප්‍රෝටීනවල සම්මත නයිට‍්‍රජන් ප‍්‍රතිශතයේ මෙම නයිට‍්‍රජන් අගය වැඩිකර උපකල්පිත ප්‍රෝටීන ප‍්‍රමාණ ගණනය කළ හැක. එහෙත් එය උපකල්පිත ප්‍රෝටීන් ප‍්‍රමාණයක් මිස සත්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය නොවේ.

බහුජාතික සමාගම් මෙම තාක්ෂණික අඩුපාඩුව ඔවුන්ගේ වාසියට ඉතා සූක්ෂම ලෙස භාවිතාකර ඇත. මෙහිදී මෙම තාක්ෂණික අඩුපාඩුව උපයෝගී කරගනිමින් ව්‍යාජ ලෙස ප්‍රෝටීන ඇති බව පෙන්වීමට සුදුසු රසායනිකයන් ඔවුන් මේවනවිට සොයාගෙන ඇත. ඒ අතරම එම රසායනිකයන්ගෙන් වඩාත් සුදුසු රසායන ද්‍රව්‍යවන, ගන්ධයෙන්, රසයෙන් තොර ජලයේ දියවන නැතහොත් මිශ‍්‍රකළ පසු සොයාගත නොහැකි ක්ෂණිකව විස නොවන ද්‍රව්‍යවන Melamine හා Dicyandiamide වැනි රසායන ද්‍රව්‍ය කිරිපිටි වලට කලවම් කිරීම පටන්ගෙන ඇත. මෙම ද්‍රව්‍ය කිරිපිටිවලට පමණක් නොව විශාල ලෙස සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී ද යොදා ගනී. 2007 වර්ෂයේදී චීනයේ නිෂ්පාදිත සත්ත්ව ආහාරවල (Pet Food) අඩංගු වූ මෙලමයින් විෂවීමෙන් යුරෝපයේ හා ඇමරිකාවේ සුරතල් සතුන් (බල්ලන්, බළලූන්) දහස් ගණනක් වකුගඩු රෝගයෙන් මිය ගිය අතර එම සත්ත්ව ආහාරවල මෙලමයින් අධිසාන්ද්‍රණයෙන් යුක්තව තිබූ බව පරීක්ෂණවලදී සොයාගන්නා ලදී.

ව්‍යාජ ලෙස ප්‍රෝටීන් ඉහළ අගයක් පෙන්වීමට මෙම රසායන ද්‍රව්‍ය කිරිපිටි සඳහාද අඩු මාත‍්‍රාවලින් උපයෝගී කරගැනීම ක‍්‍රමක‍්‍රමයෙන් භාවිතා කළ අතර වර්ෂ 2008 දී චීනයේ දී බෙදාහැරිය නවසීලන්තයේ Fonterra සමාගමට අනුබද්ධ Sanlu සමාගම විසින් නිෂ්පාදිත ළදරු ආහාර විෂ වීම මේ සම්බන්ධව ලොවට හෙලිවූ දෙවන අවස්ථාව වේ. ඉන්පසු ලොවපුරා සැකසූ ආහාර ද්‍රව්‍යයන්හි (විශේෂයන් කිරිපිටිවල) මෙලමයින් ඇත්ද යන්න සොයා බැලීම ප‍්‍රචලිතවන විට මෙලමයින් වෙනුවට වෙනත් රසායන ද්‍රව්‍ය මුසුකොට කිරි, කිරි ආහාර හා කිරිපිටි නිපදවීමට මෙම කූට බහුජාතික සමාගම් සමත් විය. මෙම ක‍්‍රියාවලිය රහසේ සිදුවුවද මෙම සමාගම්වල ඇතුළතින්ම ආ තොරතුරුවලට අනුව 2012 අගභාගයේ දී මෙම ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිවල Dicyandiamide නැමැති පොහොර සඳහා භාවිතා කරන ද්‍රව්‍යයක් අඩංගු බව නවසීලන්ත හරිත පක්ෂය විසින් එහි පාර්ලිමේන්තුවේදී හෙලිකරන ලදී.

මෙම Dicyandiamide ද නයිට‍්‍රජන් අණු 04 කින් යුත් රසක්, ගන්ධයක් නැති ජලයේ ද්‍රාව්‍යවන ද්‍රව්‍යයකි. මෙම රසායනයද ශරීරය තුළ එකතුවීමේදී හා ඉහළ මාත‍්‍රාවලදී සෞඛ්‍යමය වශයෙන් මිනිසාට බලපාන රසායනික ද්‍රව්‍යයක් වේ.

මෙම රසායන ද්‍රව්‍ය ඇති බවට ෆොන්ටෙරා සමාගම පිළිගත් අතර එය තණකොළ පිට්ටනිවල නයිට‍්‍රජන් තිරකිරීම සඳහා යොදන ද්‍රව්‍යයක් බවත් ඒවා තණකොළ කෑමෙන් කිරිවලට ආ ද්‍රව්‍යයක් බවට මෙම සමාගම පැවසූහ. එහෙත් කිරිවල පැවතුනු සාන්ද්‍රණ ගැන සළකා බැලීමේදී මෙය හිතාමතා කිරිවලට මුසුකළ ද්‍රව්‍යයක් බවට සැක සිතිය හැකිය.

ශ‍්‍රී ලංකාවට ගෙන්වන ලද සමහර කිරිපිටි සාම්පලවල දශලක්ෂයකට ඒකක 15 ක් තිබුණු බව සඳහන් විය. ලංකාවට 2012 දී ආනයනය කරන ලද කිරිපිටිවල මෙම ප‍්‍රමාණය මෙ:ටොන් 83,000 ක් පමණ විය.

එනම්, කිරිපිටි කිලෝ 83,000,000 අප ආනයනය කර ඇත. මෙහි DCD අවම වශයෙන් ppm 15 ක් තිබුණේ යැයි උපකල්පනය කළහොත් එම කිරිවල පමණක් ටොන් එකකට වඩා අපි පරිභෝජනය කර ඇත.

15×83,000,000/1000,000 = 1,245kg

මෙම DCD ටොන් එකකට වැඩි ප‍්‍රමාණය කිරිවල පමණක් නම් එම කිරිදෙන සතාගේ ලේවල මෙය කොපමණ ප‍්‍රමාණයක් තිබෙනවා ඇත්ද? එම කිරිදුන් හරකුන් කෑ තණකොළවලින් පමණක් එන්නේ නම් එම තණකොළවල DCD කොපමණ සාන්ද්‍රණයක් තිබිය යුතුද? එමෙන්ම ආහාර ද්‍රව්‍ය සමඟ DCD ශරීරගතවනවා හෝ නොවනවාද යන්නත් ස්වභාවික කිරිවල DCD අන්තර්ගතය පිළිබඳ පර්යේෂණ කර නොමැති තරම් මෙම කිරිපිටිවල අන්තර්ගත DCD ප‍්‍රමාණය ගැන කරන පැහැදිලි කිරීම ප‍්‍රශ්නකාරීය. පිටිකළ කිරිවල DCD 15ppm නම් දොවන ලද මුල්කිරිවලද එම ප‍්‍රමාණය ඊට සාපේක්ෂව තිබිය යුතුය. තණකොළවල DCD අන්තර්ගතව තිබුණද ආහාරයට ගන්නා සියල්ල උරාගන්නේ නැත. උරාගන්නා ප‍්‍රමාණයද සියල්ල කිරි මගින් පමණක් ශරීරයෙන් ඉවත්වන්නේද නැත.

පොළවට දමන DCD තණකොළවලට උරාගන්නවා යැයි උපකල්පනය කළද පොළවට දැමූ සියල්ල තෘණ ගසට උරා ගන්නේද නැත. එසේම තෘණගස සම්පූර්ණයෙන් ගවයා ආහාරයට ගන්නේද නැත. මේ ගැන හිතනවිට ඉහත ප‍්‍රමාණයෙන් කිරිවල DCD තිබීමට නවසීලන්තයේ තෘණ පිට්ටනිවලට ටොන් දස දහස් ගණනින් DCD දැමිය යුතුය. නවසීලන්ත තණපිටිවලට දමන DCD ප‍්‍රමාණය පිළිබඳ නවසීලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ ෆොන්ටෙරා ආයතනයට දැනීමක් තිබේද එසේනම් ඒ කොතෙක්ද මේ සියල්ලම තාක්ෂණ විප්ප‍්‍රයෝග හා ප්‍රෝඩා වේ.

මේ සියළු කාරණා සළකා බැලීමේදී DCD යනු අහම්බයෙන් එකතු වූ දෙයක් නොව සිතාමතා ලාභය මුල්කොට පිටතින් එක්කළ (adulterated) ද්‍රව්‍යයකි. නැතහොත් DCD යනු මෙලමයින් මෙන්ම ව්‍යාජ ලෙස ප්‍රෝටීන් අගය පෙන්වීමට එක්කරන ද්‍රව්‍යයක් වේ. මෙම DCD ප‍්‍රශ්නයේදී 2012 දෙසැම්බර් මාසයෙන් පසු එන කිරිවල DCD තිබිය නොහැකි බවත් ඒ මන්දයත් 2012 වර්ෂයේ දෙසැම්බර් මස සිට නවසිලන්ත ගොවිපලවල DCD භාවිතා නොකරන බවත් DCD යන රසායනිකය සති කිහිපයකින් වියෝජනයවන බැවින් ඒවා නැවත නැවතත් ආහාර ද්‍රව්‍යයන්ට එක්නොවන නිසා මින්මතුවට DCD ප‍්‍රශ්නයක් ඇති නොවන බව ෆොන්ටෙරා සමාගම ප‍්‍රකාශ කරන ලදී. එසේනම් 2013 වර්ෂය මැදදී ශ‍්‍රී ලංකාවට ආනයකය කළ පිටිකිරිවල DCD හමුවූයේ කෙසේද?

මේ ආකාරයටම කිරිවල ඇති මේදය වෙන්කළ විට, ඉවත් කළ මේදය (Butter Fat) මිලෙන් ඉහළවන අතර අධික ඉල්ලූමක් ඇති ද්‍රව්‍යයකි. විසිරි වියලන ලද කිරිපිටිවල මෙම කිරි මේදය 26% ක් ව පවත්වා ගනී. සාමාන්‍ය කිරිවල කිරි මේදය 03% සිට 10% දක්වා වුවද විය හැක. එම නිසා කිරිපිටි හා කිරි ආහාර නිපදවීමේදී මෙම කිරි මේදවලින් කොටසක් ඉවත්කර වියලීමෙන් පසු 26% වනසේ සකසා ගනී. එහිදී කිරි මේදයෙහි සාමාන්‍ය අගය වියළීමෙන් පසු 26% කට වැඩිනම් වැඩි කොටස ඉවත් කරන අතර එහි අගය 26% කට අඩුනම්, වෙනත් කාණ්ඩයකින් ඉවත්කළ මේදය එක්ොකට අවශ්‍ය ප‍්‍රමාණයට සකසා කිරිපිටි සාදා ගනී. මෙය සාමාන්‍ය ක‍්‍රමවේදයයි.

ගන්ධයක් නැති විශේෂ රසක් නැති ඕනෑම මේදයක් කිරි සමග දියකර විසිරි වියලනය කළහොත් එය පිටි බවට පත්වේ. ප්‍රෝටීන Adulterated කිරිම සඳහා Melamine DCD භාවිතා කරනවා මෙන්ම ඕනෑම තෙල් වර්ගයක් කිරිවලට එක්කළ හැක. මෙහිදී හරක් මස් තෙල්, ඌරු තෙල් පෙර භාවිතා කළ අතර එමෙන්ම ඒ වෙනුවට බහුල ලෙස මිලෙන් අඩු RBD Palm Oil {R – Refine (ශුද්ධ කරන ලද) B – Bleached (අවර්ණ කරන ලද) D – Deodorized (ගන්ධය ඉවත් කළ) ෆාම් තෙල්} මේ සඳහා භාවිතා කෙරිනි.

2008 වර්ෂයේදී මෙලමයින් නැමැති රසායනිකය චීනයේ ප‍්‍රශ්නයක් වූ කල අප රටේද දේශීය චොකලට් වර්ගයක Melamine ඇති බව පවසා එම සමාගමට එරෙහිව ඉතා ක්ෂණිකව හා දැඩිව ක‍්‍රියා කිරීමට රජයේ නිලධාරීන් ක‍්‍රියා කළේය. එහෙත් චොකලට්වලට කටයුතු කළ පරිදි Melamine එක් වූ කිරිපිටි සඳහා පරීක්ෂණයක් කර සොයා බැලීමට රජයේ පාර්ශවයන් ක‍්‍රියා නොකළේය. මේ අතරතුර ආනයනික පිටිකිරිවල ෆාම්තෙල් අඩංගු බවට පැතිර ගිය ආරංචිය ඔස්සේ මව්බිම ලංකා පදනම ලංකාවේ වෙළඳපොළේ ඇති සියළුම කිරිපිටිවල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා ඉදිරිපත් විය. ඒ සඳහා වෙළඳපොළේ ඇති සියළු වෙළඳ නාමයන් සහිත කිරිපිටිවලින් සාම්පල ගෙන එම සාම්පල ලෝක ප‍්‍රසිද්ධ එංගලන්තයේ Eclips Laboratory සමාගම වෙත යවා එම කිරිපිටිවල ඇති සත්‍ය කිරිමේදයෙහි ප‍්‍රමාණය හා වෙනත් තෙල් වර්ග ඇත්නම් ඒවා මොනවාද යන්න සොයා බලන ලදී.

එහිදී සොයාගත් කරුණ වන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන කිරිපිටිවල හැරුණුකොට අනෙකුත් ආනයනික සියළුම කිරිපිටිවල කිරි මේදය අඩු අගයක් ගෙන තිබූ බවත් එම කිරිමේදයේ අඩුව පිරවීමට කිරිමේදය නොවන ෆාම්තෙල් වැනි තෙල් වර්ග කලවම්කර ඇති බව තහවුරු වන බවත්ය. මෙය සමස්ථ කිරි මේද ප‍්‍රමාණයෙන් 26% ක් පමණ වන ඉහළ අගයක් වේ.

අද බටර් කිලෝ එකක මිල රු. 1,000/- කට ආසන්න වේ. එහෙත් ෆාම් තෙල් කිලෝ එකක තොග මිල රු. 200 ටත් අඩු වේ. තව ආකාරයකින් කිවහොත් එක් බටර් කිලෝ එකක් වෙනුවට ෆාම් ඔයිල් කිලෝ එකක් දානවා යනු එකට පහක අධි ලාභයකි. ලෝකයේ බොහෝ රටවල් කිරිවල මේදය ඉවත්කර සාදන කිරි ආශ‍්‍රිත ද්‍රව්‍යයන් ඇත. ඒවා (Fat filled dairy products) තෙල් වර්ග එකතු කළ කිරි ආශ‍්‍රිත ආහාර ලෙස හඳුන්වයි. එහෙත් මේවා කිරිපිටි (milk powder) ලෙස හඳුන්වන්නේ නැත. එසේ හැඳින්වීම නීතිවිරෝධී ක‍්‍රියාවකි. මේ සම්බන්ධයෙන් ආහාර සඳහා ප‍්‍රමිති හා නාමකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි Codex alimentarius ආයතනය මගින් මෙම ද්‍රව්‍ය වෙනමම හඳුන්වාදීම් කර ඇත. එහෙත් ප්‍රෝටීන වෙනුවට වෙනත් ද්‍රව්‍ය පිටතින් දමා සාදන ද්‍රව්‍යයක් ලෝකයේ කොහෙත්ම නැත. එය සහල්වල බර වැඩි කිරීමට වැලි දැමීමට වඩා භයානක ක‍්‍රියාවලියකි.

අධික මිල සහිත Whey Protein නිපදවන්නේ අවුන්ස ගණනින් නොවන ටොන් ගණනිනි. නිපදවන සෑම ටොන් එකක් සඳහා කිරි ලීටර් ලක්ෂ පහක් අවශ්‍යය. එනම් මෙම බහුජාතික සමාගම්වල ප‍්‍රධාන නිෂ්පාදන වන්නේ අධික ලෙස ලාභ ලැබිය හැකි බටර් හා බටර් ආශ‍්‍රිත නිෂ්පාදන හා Whey Protein නිපදවීමයි. මෙම ප‍්‍රධාන නිෂ්පාදන ඉවත් වූ පසු ඉතිරිවන රොඞ්ඩට සියළු දහජරාව දා නිපදවන කිරිපිටි මෙන් පෙන්වන කිරිපිටි නොවන ද්‍රව්‍ය අප වැනි රටවලට විකුණන්නේ ඉතා සුපිරිසිදු නැවුම් එළකිරිවලින් නිපදවන ආකාරයටය. ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන සියළු මාධ්‍ය විසින් ලබාදෙන ප‍්‍රචාරණ ආධිපත්‍ය තුළින් මේ දහජරාව ජනතාවට ස්වකැමැත්තෙන් පානය කිරීමට සලස්වයි.

අදවන විට මෙම සැලසුම්සහගත මහා පරිමාණ සෞඛ්‍යයට අහිතකර ව්‍යාජ කිරිපිටි දිගින් දිගටම රටතුළ නිදහසේ වෙළඳපොළ ආක‍්‍රමණය සිදුවූවද එයට එරෙහිව බලධාරීන්ගේ මැදිහත්වීම ඉතා අලස හා මන්දගාමී තත්ත්වයක් පවතී. DCD ප‍්‍රශ්නය ඇති වූ කළ එය නිවැරදි කිරීමට ෆොන්ටෙරා සමාගම ඉදිරිපත් වූයේ තවත් වටයකින් ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාර සැලැස්ම ප‍්‍රචාරණය කරන ආකාරයටය. ඒ තුළින් තමන්ගේ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ සුපිරිසිදු බව හා තාක්ෂණයේ ඉහළ බව පෙන්වීමටත් ප‍්‍රශ්නයක් ඇතිවුවහොත් ක්ෂණිකව ඔවුන් එය නිවැරදි කර ගන්නවා යන න්‍යාය ප‍්‍රචාරය කරමින් තවදුරටත් වෙළඳපොළ ව්‍යාප්ත කිරීමට එය තුළින් කටයුතු කළේය.

අදවන විට ෆොන්ටෙරා සමාගම විසින් නිෂ්පාදිත Whey Protein Concentrate නැමැති නිෂ්පාදනවල උග‍්‍ර විෂ සහිත Botulinum බැක්ටීරියාව හා එහි දුලක තිබූ බවට චීනය විසින් වාර්තා කිරීමත් සමග චීනය, සිංගප්පූරුව, රුසියාව, සෞදි අරාබිය හා ශ‍්‍රී ලංකාවද නවසීලන්ත කිරි නිෂ්පාදන රේගු නිශ්කාෂණය තාවකාලිකව අත්හිටුවා ඇත. ජාත්‍යන්තර පුවත්පත් වාර්තාවලට අනුව මෙම උග‍්‍ර විෂ බැක්ටීරියාව ෆොන්ටෙරා සමාගමේ Whey Protein නිෂ්පාදනාගාරයේ නල මාර්ගවල අපිරිසිදුභාවය මත සිදුවූවක් බව පිළිගෙන ඇත. එය හඳුනාගෙන ඇත්තේ 2013 මාර්තු මාසයේ මැද භාගයේදී බවද ෆොන්ටෙරා පිළිගෙන ඇත. ප‍්‍රශ්නය වන්නේ DCD ප‍්‍රශ්නය Botulinum වලින් වසා දමා නව වටයකින් ෆොන්ටෙරා සමාගමේ පිරිසිදු බව ඔප්පු කිරීමේ සැලසුම්ගත නව වෙළඳ ව්‍යාපාරයකද කොටසක් ද යන වගයි.

බොටුයුලිනම් (Clostridium botulinum) බැක්ටීරියාව උග‍්‍ර විෂ සහිත බැක්ටීරියාවක් වුවද ලොව තැනිත් තැන ආහාර විෂවීම්වලදී ඇතිවන සාමාන්‍ය තත්ත්වයකි. දශක 03 කට පෙර මෙය ප‍්‍රශ්නකාරී වුවද අද එතරම් බහුල නැත. එහෙත් දැනටත් ඇමරිකාව තුළ පමණක් වර්ෂයකට Botulinum ඇති ආහාර විෂවීම් 125 ක් පමණ සිදුවේ. ඒවා බොහෝවිට අත්වැරදි වන අතර දින කීපයකින් යථා තත්ත්වයට පත්කර ගත හැකි ප‍්‍රශ්නයක් වේ. එම නිසා අප නිලධාරීන් බොටුයුලිනම් වලට එරෙහිව මහා සංග‍්‍රාමයක ආරම්භයක් ලෙස තාවකාලිකව අත්හිටවූ රේගු නිශ්කාෂණ හෙටවන විට Botulinum නැතැයි කියා නැවත වෙළඳපොළට එනු ඇත. එදාට ෆොන්ටෙරා සමාගම තව වටයකින් මහා විද්‍යුත් මාධ්‍ය සංස්කෘතික මොළ හේදීමක් මගින් තව තවත් ස්වකැමැත්තෙන් ජනතාව මෙම රොඩු පිටිකිරි බොන තත්ත්වයට පත්කරන්නේය.

බලධාරීනි,

බොටුයුලිනම් ඇත්නම් එය ප‍්‍රශ්නයකි. නමුත් එය තාවකාලික ප‍්‍රශ්නයකි. එහෙත් DCD, Melamine කලවම් කර එවන ඊනියා නැවුම් එළදෙනුන්ගෙන් යයි කියා රූප පෙට්ටියෙන් නුවණක්කාර ගැහැණුන්ට විකුණන කිරිපිටි යනු ප‍්‍රශ්නයේ සැබෑ සදාකාලික ප‍්‍රශ්නය වේ. එය පාරිභෝගිකයා ලෙඩකරවන අතර රටේ ආර්ථිකයේ ගෙල සිරකරයි. අවසාන වශයෙන් දේශීය කිරි ගොවියා වලපල්ලට යවා සත්ත්ව නිෂ්පාදන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් නවසීලන්ත බහුජාතික සමාගම්වල සේවකයින් බවට පත්වනු ඇත.

ඇත්ත කෙටියෙන්

Whey Protein හා චීස්, බටර් යනු දියර කිරි වලින් නිස්සාරණය කරගන්නා වටිනා ආහාරමය නිෂ්පාදන දෙකකි. කිරිවල ඇති 2‍%ක් වූ කිරි ප්‍රෝටීනය Whey Protein ලෙසට ද 4‍%ක් වූ කිරි මේදය චීස්, බටර් ලෙසට ද නිස්සාරණය කරගනී. Whey Protein යොදාගනුයේ ක‍්‍රිඩකයන්ගේ මාංශ පේෂි වර්ධනයට, ශක්තිජනක හා ළදරු ආහාර නිපදවීමටයි. මේ Whey Protein හා චීස් බටර් ආදිය අධික මිලකින් යුක්තය. දියරකිරි විසිර වියලනය (SPRY DRIED) කර උපයාගතහැකි ලාභයට වඩා අධික ලාභයක් මේ මගින් ලබාගත හැක.

Whey Protein කිලෝ 1ක් ලබාගැනීමට කිරි ලීටර් 500ක් නිස්සාරණය කළ යුකතුය. ඒ කිරිවලින් කිරි මේදය ද ඉවත් කළ පසු ඉතිරිවන හුදු දියරය විසිර වියලනය (SPRY DRIED) කර ලැබෙන කුඩට ප්‍රෝටීන සේ පෙනෙන රසායන ද්‍රව්‍ය හෙවත් මෙලමයින් හා DCD ද මේදය වෙනුවට පාම් ඔයිල් වැනි ආදේශක ද බාහිරින් කෘතිමව මිශ‍්‍ර කර නැවත සකස් කරනු ලැබේ. ඒවා පරීක්‍ෂා කිරීමේදී ප්‍රෝටීන සංයුතියත්, මේද සංයුතියත් නියමිත ප‍්‍රමාණයේ ඇති බවවට ඒ මගින් ව්‍යාජ ව සනාථ කළ හැක. එනම් නීතිමය අවශ්‍යතාවෙන් රිංගා යා හැක. මේ එකතු කරන බොහෝ ද්‍රව්‍ය මිනිස් ශරීරයට අහිතකරයග අනෙක් අතට මෙය බරපතල රැ.වටීමකි. එසේ සකස් කරන ලද රොඩු සහ කුඩු එකතුව ‘ඉස්තරම්ල නැවුම්, පෝෂ්‍යදායීල මොළය වඩන’ එළකිරි ලෙස අපවැනි රටවලට අලෙවි කර කිරිපිටි සමාගම් තම ලාභය තරකරගනු ලැබේ.

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි
සභාපති
ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය
See More

Tuesday, August 27, 2013

ලෙහෙසියෙන්ම අතේ ඇති මුදලින් පොහොසත් වෙන්න

පොහොසතෙක් වෙනව කියන්නේ තමන් ගාව මොනව හරි දෙයක් ඉතුරුවෙලා තියෙනව කියන එකනේ. මුදල් අතින් පොහොසත් වෙන්න තමන් ගාව මුදල් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතිරි කළ මුදලක්. ගොඩක් අය කියන්නේ දැන් තියෙන වියදමේ හැටියට ඉතුරු කරන්න තියා වියදමට තියෙන මුදලත් මදි කියලා. ඒක ඇත්ත. ඒත් ණය කාරයෙකු නොවී හරි බේරෙන්න පුලුවන් ඇත්තටම තමන්ගේ වියදම් පාලනය කළොත්. ඒ කියන්නේ අපේ වියදම් ගොඩක් තියෙනව අනවශ්‍ය දේවල් වලට කරන්. පොඩ්ඩක් හිතල බලන්න එහෙම නෙවෙයිද කියලා


01. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.


02. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.


03. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.


04. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.


05. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.


06. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.


07. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.


08. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.


09. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.


10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.


11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.


12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූමක් අරඹා එයින් නිකුත් කරන ATM හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.


13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.


14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.


15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.


16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.


17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.


18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිරියකි.


19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.


20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.


21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.


22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.


23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.


24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.


25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.


26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.


27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොට් ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට CFL බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 %- 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.


28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.


29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.


30. අනවශ‍ය ආහාර ද්‍රව්‍ය, හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.


31. තමාගේ වැටුපට සරිලන ජීවිතයකට හැඩ ගැසෙන්න.

෴ උපුටා ගැනීමකි෴

Friday, August 23, 2013

බුලත්සිංහල මොළේ නැති සභාපති

අද රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුරදී බුලත්සිංහල ප්‍රා. ස.  සභාපති උතුමා   ගේ මොළයේ තරම මට මොනවට වැටහුණි. ගමේ පන්සල් දෙකක් තිබුණොත් ගම දෙකඩ වෙනව කියල එක පන්සලක් අයින් කරන්න යනවලු. අනේ අම්මපල්ල.. මේක සිංහල අම්මෙක්ගෙ කිරි බීල හැදිච්චි එකෙක් නම් වෙන්න බෑ. අට පාස් වත්ද දන්නෙත් නෑ.

මතක තියා ගනින් සභාපති තුමෝ කිරුළ දරාපු ලංකාවේ රජ්ජුරුවො වත් පන්සල් හැදුව මිසක් විනාශ කළේ නැති බව. එහෙව් එකේ මේ වාතයක් තරම් වත් ගණන් ගන්නෙ නැති සභාපතියෙක් පන්සලක් කඩන්න යනව කියන්නෙ සිංහල ලේ තියෙන ඕන එකෙක්ගෙ ලේ රත්වෙන වැඩක්. එක්කො උඹට උපතින්ම බුද්ධිය පිහිටල නැද්ද , නැත්තම් සල්ලි පෙරේත කමට කාගෙ හරි  ලණුවක් ගිල්ලද? කොහොම උනත් අජූතයි!

මුස්ලිම් අය පවුල් 35 විතර එක්කහු වුනාම කොහොම හරි පල්ලියක් හදා ගෙන වන්දනා මාන කරනව. එතකොට උන් අනික් පල්ලියක් හැදුව කියල තියෙන පල්ලි කඩන්නේ නෑනේ. පුලුවන්නම් ඔය නැගෙනහිර පොතුවිල්, අක්කරපත්තුවෙ ගිහින් බලන්න. ගමකට පල්ලි කීයක් තියෙනවද කියල. උන්ට එහෙම නම් ඒ පැත්තෙ බෞද්ධ සිද්ධස්ථාන සේරම පො‍ළොවෙන් අතුගාල දාන්න පුලුවන්නම් තොපිට මෙහේ තවත් පන්සල් කඩන එකද කරන්න පුලුවන්. යකෝ සුන්නත් කරගෙන වෙන ආගමකට පල. නපුංසකය.

මේ සර්ව ආගමක් කියල අලුත් ආගමක් ඇවිත් තියනව ලංකාවට. මම නම් එහෙම එකක් අහල නෑ. ආගමික සහජීවනය කියන්නෙ මේ කරන විකාරයට නෙමෙයි. ලංකාවේ ප්‍රධානම ආගම බුදුදහම නම් ඒ අයට මුල් තැන දෙන්න ඕනි. උච්ඡාසන වල තියන්න ඕනි. මේවට නිහඬ පිළිවෙත් අනුගමනය කරන එක නම් නපුංසක කමක්.

එදා අනගාරික ධර්‍මපාල තුමා කියපු කතාව අද සත්‍ය වෙලා නැද්ද බලන්න.

මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්නමේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.



Tuesday, June 25, 2013

ඉක්මන් කේන්තිය...... හා කදිම විසදුම

අද මා පළකරනුයේ මාගේ පරිකල්පනයක් නොවන අතර එය මා විසින් අසන ලද කතාවකි.

එක්තරා තරුණයකු හට දැඩි ලෙස ඉක්මන් කේන්ති යාමේ පුරුද්දක් තිබුණි. මෙනිසා පවුලේ බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් , කලකිරීම් , මෙන්ම ශාරීරික පීඩා ද ඇති විය. මෙය පවුලේ ජීවත් වන සහ නිවස තුළ ඇති අජීවි භාණ්ඩ වලට ද එකසේම විය. පවුලේ ප්‍රධානී පියාණන් හට ඔහුගේ වැටුප යම් අවස්ථා වලදී මදි වූයේ , තරුණයා කේන්ති ගිය විට කුඩු පට්ටම් කරන සියල්ල නැවතත් මිළට ගැනීමට සිදුවීම නිසාය.

තරුණයා මදක් මුහුකුරා යත්ම ඔහුට තමාගේ මේ කේන්තිය ඇත්තටම තමාට මෙන්ම තමාගේ ආදරණීයන්ටද මහත් ලෙස රිදවන බව පසක් වී , තම පියාණන් හමුවේ මෙසේ පැවසීය.

“තාත්තේ , මම දන්නව මට ගොඩක් කේන්ති යනව. මට වෙලාවකටම මේ නිසා මං ගැනම තරහයි! මට මේ තරහ නැති කරගන්න ඕන. මට හොඳ කෙනෙක් වෙන්න ඕනි. තාත්ත මට උදව් කරනව නේද?“

තරුණයාගේ පියා ඔහුට සාවධානව කන් දී , මදක් කල්පනා කොට මෙසේ පිළිතුරු දුන්නේය.

“හරි ! මට තේරෙනවා. මගෙ පුතාට දැන් වරද වැටහෙන බව. මම බය වුනේ මගෙ පුතාට මේක තේරෙන්නේ නැති වෙයි කියල. පුතේ ඔයා මම කියන දේ කරන්න ලෑස්තිද? හැබැයි මේක ටිකක් අමාරුයි“

තම පියාගේ සන්සුන් පිළිතුරෙන් විස්මයට පත් තරුණයා ....
“කියන්න තාත්තෙ ඕන දෙයක් . මම පොරොන්දු වෙනව මම කොහොම හරි ඒක කරන බව...“

“හොඳ පුතා! දැන් මට වඩු මඩුවකට ගිහින් අඩි 2*2 හොඳට මැදපු ලෑල්ලක් අරගෙන එන්න. එනකොට කඩෙන් අඟලේ ඇණ කිලෝවකුත් අරගෙන එන්න“

විස්මයෙන් විස්මයට පත් තරුණයා ,තම පියාණන්ගේ සැලසුම කුමක්දැයි දැනගැනීමේ කුතුහලයෙන් වහාම තම පා පැදිය ගෙන වඩු මඩුවකට ගොස් අදාළ ලෑල්ලද , ඇණ ද රැගෙන එන ලදී. තරුණයා ගෙන ආ ලෑල්ල පියා විසින් තරුණයාගේ කාමරයෙහි එල්ලා තරුණයා අතට මිටිය ලබා දුන්නේය.

“පුතා! මෙන්න මේකයි කොන්දේසිය. මීට පස්සේ පුතාට කේන්ති යන හැම වේලාවකම , කාටවත් හිරිහැරයක් බැනුමක් නොකර මේ ලෑල්ලෙ එක ඇණයක් ගහන්න ඕනා! හැබැයි පුතා කාට හරි බැන්නොත් බණින පාරක් ගානෙත් ඇණය බැගින් ගහන්න ඕනා! අද ඉඳන් ගෙදර අය ඔයාට මුකුත් කියන එකක් නැහැ. එයාලා ඔයා වෙනුවෙන් මේ ටික කාලය ඉවසාවි. හැබැයි පුතා මේ ලෑල්ලෙ ඇණ ගහන්න ඉඩ නැති වෙන කොට මට කියන්න ඕනා! පුතාට පුලුවනිද මේ දේ කරන්න?“

මේ මොන විකාරයක් දැයි  සිතූ තරුණයා , කෙසේ වුවත් තමා පොරොන්දුවක් වූ බව පසක් වී මෙයට කැමැත්ත පළ කළේය. දැන් තරුණා තමා හට කේන්තියක් ආ ක්ෂණයෙන් මුවින් නොබැන සන්සුන් වී ලෑල්ලට ඇණය බැගින් ගසයි.මසක පමණ ඇවෑමෙන් බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන් හිස පහතට නවාගෙන පියා අසළට පැමිණි තරුණයා ඇණ වලින් පිරුණු ලෑල්ල පියා වෙත දිගු කළේය.

“තාත්තේ! මාසයක් යන්නත් කලින් ම මේ ලෑල්ල ඇණ වලින් පිරුණ. දැන් මම මොකක්ද කරන්න ඕනි! මට ගොඩක් කේන්ති යනව නේද තාත්තේ?  “

තම පුතුගේ මානසිකත්වය තේරුම් ගත් පියා , පුතුගේ උරහිසට අතතබා බිමට නැමුණු පුතුගේ හිස අනික් අතින් එසැවීය.

“හරි මගෙ පුතේ! මම ඒක දන්නව! දැන් මගෙ පුතා උත්සහ ගන්න කේන්ති නොගෙන ඉන්න. කේන්ති ගියත් ඉක්මනට කේන්තිය නිවා ගන්න. එහෙම කරන්න පුලුවන් වුන හැම වෙලාවකම මේ ලෑල්ලෙන් එක ඇණය ගානේ ගලවන්න! මම හිතනව මගෙ පුතාට ඉක්මනටම ලෑල්ලේ තියෙන ඇණ ගලවන්න පුලුවන් වෙයි කියල.“

පියාණන්ගේ වදනින් අමුතු ජීවයක් ලද තරුණයා , නැවත ලෑල්ල කාමරයෙහි එල්ලා තම කේන්තිය පාලනය කිරීමට අදිටන් කරගන්නා ලදී. සිවු මසක් පමණ ඇවෑමෙන් තරුණයා මහත් උද්දාමයෙන් තම පියාණන් වෙත කිසිදු ඇණයක් රහිත ලෑල්ල ඉදිරිපත් කරන ලදී.

සිය දෙනෙත් වලින් කඳුළු පිස දමමින් තමා සිටි අසුනෙන් නැගිටි පියාණෝ තම පුතුගේ හිස ආදරයෙන් සිම්බේය.
“මගේ පුතා! මට අද ගොඩක් ආඩම්බරයි! මගෙ පුතා ගොඩක් හොද කෙනෙක් වෙලා..“

“ඔව් තාත්තේ! මට දැන් කේන්ති යන්නේම නැති තරම්. මට දැන් ගොඩක් හොඳට පාඩම් කරන්නත් පුලුවන්! මට දැන් ගොඩක් යාළුවොත් ඉන්නව!“

“පුතා ! මම මේ කරපු දෙයින් පුතාට වැටහිච්චි දෙයක් තියෙනවද? “

“ඔව් තාත්තේ ! මට තේරුණ මට කොච්චර කේන්ති යනවද කියල..“

“නෑ පුතා! මේකෙ එයිට වඩා ගැඹුරු දෙයක් තියෙනව.............“

ඔයා ගෙනාපු මැදපු ලෑල්ල හරියට මිනිහෙක්ගෙ හිතක් වගේ! ඔයාගෙ බැනුම් ඇණ වගේ වැදිල ඒක තුවාල වෙනව. ගියපු වචනයක් ආයෙත් හරවන්න බැහැනේ පුතා! ඔයා ඒක තේරුම් අරගෙන කොහොම හොඳ කළත් ඒ හිත ඇණ ගැලවුණු ලෑල්ල වගේ. ගොඩක් තුවාල වෙලා! එහෙම හිතක් හැදෙන්න ගොඩක් කල් යනව...........

Thursday, April 18, 2013

රට යන අත ...................... තිත්ත ඇත්ත


රට යන්නේ කොයිබටද? විදුලි බිල වැඩි වීම දරිද්‍රතා මට්ටමේ සහ මධ්‍යම පාන්තියකයන්ට දරුණුවටම දැනෙනු ඇත. සමහර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආශ්‍රිත නිශ්පාදන වල මිල ඉහළ යනු ඇත. අනේ අපොයි!! ලංකාවේ සංවර්ධන වේගය මේක නම් අපිට සංවර්ධනයක් එපා!! අනේ ජනපතිතුමනි ජීවත් වෙන ටිකට වත් අපට සැනසිල්ලේ ජීවත් වෙන්න දෙන්න. මේ නාස්තිය දූෂණය නවත්වන්න.
ඇයි මේ විදිහට දුප්පත් අපට රිද්දන්නේ? බුද්ධිමත් මිනිස්සු දැන් දේශපාලනයේ නැහැ. ඉන්න ටිකත් පොන්නයෝ වගේ කරබගෙන ඉන්නව! මොකක්ද මේකෙ තේරුම? දුප්පත් අපට පොලිසියේ කිසිම සැලකිල්ලක් නැති උනාට කිසි දෙයක් ඉගෙන ගත්තෙ නැති මාලක සිල්වා වගේ වලත්තයන්ගෙ අත් කරට අරගෙන උජාරුවට යන්න පුලුවන් සමාජයක් බිහි වෙලා තියෙන්නේ.

ජනපති තුමනි, දේශපාලන පක්ෂයක්වත් , ජාතිවාදී හැගීමක් වත් ඇතුව කියනව නෙමෙයි. අද ජනාධිපති නිළකාර්යාලයේ කරපු වැඩේ නම් අන්තිම තුච්ඡයි , කුජීතයි!! අලුත් අවුරුදු උත්සවෙන් පස්සේ මොකක්ද කරන සර්‍වආගමික කියන විහිලුව? සිංහලයන්ටයි , දෙමළ සහෝදරන්ටයි විතරක් උරුම වෙච්ච අලුත් අවුරුදු උත්සවයට තම්බි ගාවගන්නේ ඇයි? උන්ගෙ මුහම්මද්ගෙ හරි වෙනත් තම්බි උත්සවයකට අපේ ස්වාමීන් වහන්සේලා වඩම්මවනවද? කුජීතයි ඇත්තටම.

ලංකාවේ ඒකාධිපති බලයක් තිබුණු රජ්ජුරුවන් පවා හාමුදුරුවරු උච්ඡාසන වල අසුන් ගන්වල තමයි ඔවදන් ගත්තේ. තරහ වෙන්න එපා! ඒත් කොහෙන්වත් නැති , අවජාතක ආගමක නිවට නියෝජිතයෝ එක්ක අපේ  ස්වාමීන් වහන්සේලා එකට අසුන් පනවන එක හරිද? බුදු සසුන රකින්නට එයට මුල් තැන දෙන්නට පොරොන්දු වී සිටිනවා නේද? සිංහල කොඩියෙත් පොඩිතීරු දෙකක් වෙන් කරල තියෙන්නෙ වෙනම පැත්තකින් තියන්න ඕන හින්ද නේද? මේක සිංහල රට. මේකේ ඉන්න සමහර නපුංසකයෝ කියනව ජාතික ගීයට වෙන භාෂා ඇතුළු කරන්න ඕනෙලු. ඒ කියපු එකා සිංහල අම්මෙක්ගෙ බඩින් ආපු එකෙක් වෙන්න බැහැ.  මොකද තෙළිගු ,කණ්ණඩි, හින්දි, උර්දු කතා කරන ඉන්දියාවෙත් ජාතික ගීය තියෙන්නේ හින්දි බසින්. “ජන ගන මන අධිනායක ජය හේ භාරත භාග්‍ය විධාථා  .......“. ඉතින් කවදාවත් කරුණා නිධි වත් සොනියා ගාන්ධි වත් කිව්වෙ නෑ මේක වෙන බසකින් කියන්න ඕන කියල. මේ වගේ දේවල් වලින් කොහොමද ජාතිය සමගිය ඇති කරන්නෙ. සිංහලයනි අවධිවන්න. තොපි ආයෙත් ඡන්දය දෙනකොට දෙවරක් සිතන්න. රුසියාවේ ජනපති පසුගිය දවසක කිව්ව කවුරු මොනව කිව්වත් සුලු ජාතීන් කියල රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නෑ කියල. මුළු ලොකෙටම මුහුණ දෙන්න හයියක් තියෙන ජනපති ඔබට ලාංකිකයන්ට මුහුණ දෙන්න බැරි තැනට ලංකාව ගෙනියන්න එපා උතුමාණනි. බල්ලා ඉන්න ඕනි පිළිකන්නේ මිසක් අපි නිදන ඇද උඩ නෙමෙයි! මොකද බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන හින්ද.............................

Thursday, March 28, 2013

බස් චණ්ඩි (Bus Thugs)

බසය : පෞද්ගලික 138 කොට්ටාව - පිටකොටුව
බස් අංකය : NC ****
වේලාව : ප:ව 6.50
දිනය : 23-03-2013

මම මාගේ මෑණියනුත් කැටුව ගම්පොළ බලා යෑමට මහරගමින් ඉහත බසයට ගොඩවීමු. කුමක් හෝ අමුත්තක් කොන්දොස්තර මහතාගෙන් දුටුවද , මා සුපුරුදු ලීලාවෙන් අම්මා සමග මා ළගදීම සිදුවන අලුත් අලුත් දෑ පිළිබද කතිකාවතක් පටන් ගතිමි. විටින් විට පරිසරයේ සිදුවන දෑ විමසමින් , අවධානයෙන් සිටි මා හට කොන්දොස්තර මහතාගේ ක්‍රියා කලාපය කොහෙත්ම හිතකාමී නොවන බව ඉවෙන් මෙන් අවබෝධ විය. හදිසියේම ලුම්බිණිය අසලදී බසයේ සීනුව දිගටම නාද වීමට පටන් ගත්තේ , කොළඹ පළාතට අලුත් වූ තරුණයෙකුට තම බස් නැවතුම වැරදුන බැවිනි. හිටිවනක් ම ලුණු කෑ අලියකු පරිද්දෙන් කිපුණු කොන්දොස්තර මහතා බසයේ ඉදිරි දොරටුවේ සිට පසුපස දොරටුවෙන් බසින කොලුවාගේ සවන් පතට තම අත්ල යොමු කළේය. “ච‍ටාස්!!!!!!!“. මෙම කිසිත් නොදත් කොලුවාට දෙලොව සිහි වන්නට ඇත. කළ හැකි දෙයක් නැති කමට තරුණයා කනද අල්ලාගෙන බැස යන්නට ගියේය. (නින්දිත නපුංසක කමද නැති නම් මහත්මා ගාන්ධීටත් වඩා අවිහිංසා වාදියෙක්ද යන්න මට තාමත් තේරුම් ගත නොහේ). රටක් රාජ්‍යයක් ජය ගත්තා සේ ආඩම්බරයෙන් කොන්දොස්තර මහතා බසයේ ඉදිරියට ඇදුනි. මාගේ සිහළ ලේ රත් වූයේ ෆුජියාමා ගිනිකන්දේ ලාවා කැකෑරෙනවාටත් වඩා උෂ්ණත්වයකටය. මා නැගිටින්නට හදනවාත් සමගම මාගේ මව් මාගේ අතින් ඇද නැවතත් මා ඉන්දෙව්වාය.

“යකෝ!!! මුන්ට බස් එකට සල්ලිත් දීල, මේ සක්කිලි හැත්තගෙන් බස් වල යන එවුන් ගුටි කන්න. අහුවෙයන්කො තෝ ..... පොඩි කාලෙ ඉදන් අම්මගෙන් බීපු කිරි වැටෙන්න දෙන්නේ.... ඒත් අම්ම ඉන්නවනේ... ශිහ්... කාලෙකින් අතපයේ හිරි ඇරගත්තෙ නැහැ..... සිංහල ලේ තියෙන එකෙක් නැද්ද මේ බස් එකේ “ මගේ හිත ගුගුලන්නට විය.

මෙම අසාධාරණය දුටු පසුපස පෙළෙහි ඇත්තන් දෙදෙනකු  කොන්දොස්තර මහතාට අමතුවේය. “මොකක්ද අර කරපු කැත වැඩේ? “. පිළිතුරු ලෙස  කොන්දොස්තර මහතා “ඒව තමුසෙලට වැඩක් නෑනෙ !! බැරිනම් බැහැල යනව“ කීවේය.
“දෙන්න හිතෙනව මූට , මුගෙ අම්මට උණ ගැනෙන්න“ මගේ හිත ගුගුලයි.

පසුපස පෙළෙහි මිනිසුන් කොන්දොස්තරට එරෙහි වන්නට විය. “තමුන්ට කිසි අයිතියක් නැහැ මිනිහෙක්ට ගහන්න. අනිත් එක මේවයෙ මිනිස්සු නිකන් යන්නේ නැහැ“. තරුණයකු පැවසීය. කොන්දොස්තරට තමා පොට වරද්දගත් බව පසක් වුවත් තම චණ්ඩි කම අත හැරියේ නැත. 

මට තව දුරටත් ඉවසා සිටිය නොහැකි විය. ඉවසීමේ සීමාව පෙනෙන ඉමකවත් නැත. බෑගය අම්මාගේ ඔඩොක්කුවට දමා , අම්මාගේ අතත් ගසා දමා නැගිටුයෙමි. කොන්දොස්තර ළගට පිනූ මම , කොන්දොස්තරයාව පිටුපස දොර අසළ කොටුකර ගතිමි.

“මොකක්ද පරය අර කරපු වැඩේ!! තෝ හිතං ඉන්නේ තෝ මහ චණ්ඩියෙක් කියලද? පුලුවන්නම් තියපිය බලන්න මට අතක්“ කියමින් මම දිගටම සීනුව නාද කළෙමි. “තොපි කාලා බීල ඉන්නෙ අපි තොපිට දෙන සල්ලි හින්ද , නැත්තම් තොපි මහපාරෙ මේ වෙනකොටත් හිගාකාලා මැරිල ! පරයා ... හු!@#$% ගෙ පුතා උඹ දැන ගනින් මේ බස් වල යන්නේ පොන්නයො නෙමේ කියල. මේ බස් එක තොපි මේ පාරෙ දුවන්න ඕනි. තොපි වැඩිය සෙල්ලම් දාන්න එපා!! “ . මම මදක් සන්සුන් වීමි. මක් නිසාද මේ කේන්තිය පිට එක පාරක් හෝ කොන්දොස්තරට වැදුනා නම් කුමකින් කුමක් වේ දැයි දෙපාරක් සිතූ බැවිනි. N.T.C ට හා 119 කතා කොට පැමිණිල්ලක්ද දැමීමි. 

නමුත් හොදම දේ නම් , මා අනුමත කළ අනෙකුත් මගී ජනතාව , බසය කොටුවට යන තාක්ම බස් නැවතුමකදී හැරෙන්න කිසිදු අයුරකින් කෙනෙකු බසයට නංවා ගැනීමට ඉඩ නොදීමත්.. සිද්ධීය වූ වේලාවේ සිටි මගී ජනතාව බසයෙන් බැස යන විට මටත් පසුපස පෙළෙහි තරුණයන්ටත් ආචාර කර හෝ ස්තුති කර බැස යෑමත් වේ.

මගී ජනතාවනි අවදි වන්න. අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු. 

Friday, March 22, 2013

බඩගිනි සීයා

පෙර දිනෙක මා නුවරඑළියේ සිට අගනුවරට ඒමට පිටත් වීමි. නුවරට යෑමට සිත් නොවූ බැවින් පේරාදෙණිය මංසන්ධියෙන් බැස කොළඹ බස් නැවතුම් පළෙහි බසයක් නවතන තුරු බලා සිටියෙමි. සංකීර්ණ වූ සමාජයේ තම තමාගේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අතෝරක් නැතිව වෙහෙසෙන “ දුක්පත් “ ජනයා දෙස සානුකම්පිතව බලා සිටින අතර තුර පේරාදෙණිය මංසන්ධිය දෙසට වන්නට බස් නැවතුම් පළෙහි දුටු යමෙකින් මාගේ සිතිවිලි සමුදාය මදකට නතර විය. එක් වැහැරුණු මහල්ලෙක්  බස් නැවතුම් පළෙහි සිටගෙන සිටිනා සියල්ලන් වෙත අත පා යමක් ඉල්ලා සිටින අයුරක් මා හට දර්ශනය විය. ශ්‍රී ලාංකේය ජන සමාජයේ බෞද්ධයාගේ මුදුන් මල් කඩ වන් , ශ්‍රී මහේශාඛ්‍ය ගෞතම බුදුන්ගේ දක්ෂිණ අකු ධාතුව තැන්පත් කර ඇති නුවර පින් බිමේ මේ අසරණයාට උදව් කිරීමට  බස් නැවතුම් පළෙහි සිටි සිංහල , දෙමළ , මුස්ලිම් ආදී වූ සියලු ජනයා හට වුවමනාවක් නොවූ අතර , මේ මහල්ලාද සියල්ලන් වෙත අත පාමින් ක්‍රමයෙන් මා වෙතද ලගා විය. මා අසල වූ තරුණයා ක‍ණෙහි i-pod ඇබයක් ගසා සිටියේ  මහල්ලා ඇසෙනු විනා ඇස් දෙකද අන්ධ වූවා සේ කිසිත් නොකොට ආත්මයක් , මනසක් නොවූ ගන්ධබ්බයකු සේ වැනි වැනී සිටියේය.

අනතුරුව මා ළගට වන් මහල්ලා තම දෑතම මා හට පෑවේය. මහල්ලා කෙරෙහි මහත් දුකක් මගේ චිත්ත සන්තානයේ උපන් බැවින් මා මෙසේ ඇසීමි.

 “මොකද සීයේ ? මොනවද ඕනි ?“

මහා වාලුකා කතරෙක ක්ෂෙම භූමියක් දුටු කළෙක මෙන් ක්ෂණිකව නව පණක් ලද මහල්ලා ,

“අනේ මහත්තයෝ ඊයේ දවල් ඉදල බඩට කෑමක් වැටුනෙ නෑ. පුළුවනි නම් කෑමක් ගන්න කීයක් හරි දෙන්න“ යයි කීවේය.

මගේ හදවත දැවී ගියේ ජපානයේ හිරෝෂිමා , නාගසාකි නගර පරමාණු බෝම්බයෙන් දැවී ගියාටත් වඩා ක්ෂණිකවය. අනේ අපි වැනිම තවත් මනුෂ්‍ය ප්‍රාණයක් තම ජීවිතය රැකගැනීමට තම ආත්ම ගරුත්වය පසෙක තබා තවෙකුකට අත පානා සැටි. 

“යමු සීයේ. මා ළග නම් එච්චර සල්ලි නැහැ.ඒත් යමු මම මොනව හරි කන්න අරන් දෙන්නම් “

මම සීයාත් කැටුව ලගම පිහිටි සයිවර් කඩයකට ගොඩ වැදීමි. කඩේ නානා “ මාත්තියා මොනවද කන්නේ“ කියමින් පෙරගමන් ආවත් සීයා දුටු කල මදක් පිළිකුල් ව පසුබැසීය. “ශේ ශේ උදේ පාන්දරම බිස්නස් සවුත්තු කරන්න ඇවිත්. යෙන්න යෙන්න“ කියමින් සීයා කඩෙන් එළවා දැමීමට සැරසෙද්දී , මම නානාට බාධා කරමින් “මේ මහත්තයට කැමති ඕන දෙයක් කන්න දෙන්න. “ කඩයේ තිබූ හොදම මේසය සහ පුටුවට සීයාව යොමු  කළෙමි. වේටර් කොළුවාද වඩේ ඇතුළු සියලු දෑ අඩංගු බන්දේසියක් මේසය මත තැබීය. නානා සීයගේ තසිමට සම්බෝල බෙදුවේය. ඉනූ කදුලු ඇතිව සීයා වඩයක් අතට ගෙන මා දෙස අසරණ ලීලාවෙන් බැලීය. “කන්න සීයේ. ඇතිවෙනකන් කන්න“. වඩයක් කෑමෙන් අනතුරුව මම සීයාට කීමි. “එක වඩයක් හොදටම සෑහෙනව මහත්තයෝ . පුළුවන්නම් මට තේ එකක් අරන් දෙන්න“. මම නානාට තේ එකක ඇනවුම ලබා දී රුපියල් සියයේ නෝට්ටුවක් දික් කළෙමි. එවිටම නුවර කොළඹ බස් රථයක්  බස් නැවතුම් පළෙහි නැවතීය. මම සීයා ළගට ගොස් “සීයේ තව මොනව හරි ඕනි නම් කියන්න . මගෙ බස් එක ආවා. මම යන්න ඕනෑ“ කීවෙමි. 

“තව මොනවත් එපා මහත්තයා! මහත්තයට බුදු සරණයි! මහත්තයව හැදුව දෙමව්පියන්ට පින් ලැබෙන්න ඕනා! යන එන ගමන දළදා හාමුදුරුවො රැක ගනිවි“
සීයාගේ ඒ පැතුම දෙසවනේ රැව් පිළිරැව් දෙද්දී , මගේ රත්තරන් දෙමාපියන් සිහිකරමින් , සියල්ලන්ටම සෙත් වේවායි සිතමින් බසයට ගොඩ වීමි.

Monday, February 25, 2013

බල්ලට ගිය ලංකාවේ (මාර්ග) නීතිය

දීර්ඝ සති අන්තයක් වූ බැවින් සිය පවුල සමග මහනුවර දළදා වහන්සේ වැද පුදා ගැනීමට වාහනයෙන් නුවර ගියෙමි. ආසියාවේ ආශ්චර්යය පෙන්වමින් ලංකාවේ නීතිය අතට ගත් සුපිරි පැළැන්තියේ ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඖඩි රථ , රථවාහන පොලිසිද නොතකමින් සාමාන්‍ය ජනයා හා විනීත රියැදුරන් පෙළමින් හිතුවක්කාර හා සල්ලාල අයුරින් මාර්ගය පුරා පියඹා ගිය අයුරු සියැසින් දුටිමි. මුදලට විකි‍ණෙන මේ සමාජයෙහි නීතියද මුදලට වල් වැදී ඇති අයුරු මෙසේ වරද කර අත යටින් මුදල් ලබාගෙන සල්ලාලයන් බේරා හරින පොලිසිය දුටු කල්හි සාක්ෂාත් කර ගතිමි .