බසය : පෞද්ගලික 138 කොට්ටාව - පිටකොටුව
බස් අංකය : NC ****
වේලාව : ප:ව 6.50
දිනය : 23-03-2013
මම මාගේ මෑණියනුත් කැටුව ගම්පොළ බලා යෑමට මහරගමින් ඉහත බසයට ගොඩවීමු. කුමක් හෝ අමුත්තක් කොන්දොස්තර මහතාගෙන් දුටුවද , මා සුපුරුදු ලීලාවෙන් අම්මා සමග මා ළගදීම සිදුවන අලුත් අලුත් දෑ පිළිබද කතිකාවතක් පටන් ගතිමි. විටින් විට පරිසරයේ සිදුවන දෑ විමසමින් , අවධානයෙන් සිටි මා හට කොන්දොස්තර මහතාගේ ක්‍රියා කලාපය කොහෙත්ම හිතකාමී නොවන බව ඉවෙන් මෙන් අවබෝධ විය. හදිසියේම ලුම්බිණිය අසලදී බසයේ සීනුව දිගටම නාද වීමට පටන් ගත්තේ , කොළඹ පළාතට අලුත් වූ තරුණයෙකුට තම බස් නැවතුම වැරදුන බැවිනි. හිටිවනක් ම ලුණු කෑ අලියකු පරිද්දෙන් කිපුණු කොන්දොස්තර මහතා බසයේ ඉදිරි දොරටුවේ සිට පසුපස දොරටුවෙන් බසින කොලුවාගේ සවන් පතට තම අත්ල යොමු කළේය. “චටාස්!!!!!!!“. මෙම කිසිත් නොදත් කොලුවාට දෙලොව සිහි වන්නට ඇත. කළ හැකි දෙයක් නැති කමට තරුණයා කනද අල්ලාගෙන බැස යන්නට ගියේය. (නින්දිත නපුංසක කමද නැති නම් මහත්මා ගාන්ධීටත් වඩා අවිහිංසා වාදියෙක්ද යන්න මට තාමත් තේරුම් ගත නොහේ). රටක් රාජ්‍යයක් ජය ගත්තා සේ ආඩම්බරයෙන් කොන්දොස්තර මහතා බසයේ ඉදිරියට ඇදුනි. මාගේ සිහළ ලේ රත් වූයේ ෆුජියාමා ගිනිකන්දේ ලාවා කැකෑරෙනවාටත් වඩා උෂ්ණත්වයකටය. මා නැගිටින්නට හදනවාත් සමගම මාගේ මව් මාගේ අතින් ඇද නැවතත් මා ඉන්දෙව්වාය.
“යකෝ!!! මුන්ට බස් එකට සල්ලිත් දීල, මේ සක්කිලි හැත්තගෙන් බස් වල යන එවුන් ගුටි කන්න. අහුවෙයන්කො තෝ ..... පොඩි කාලෙ ඉදන් අම්මගෙන් බීපු කිරි වැටෙන්න දෙන්නේ.... ඒත් අම්ම ඉන්නවනේ... ශිහ්... කාලෙකින් අතපයේ හිරි ඇරගත්තෙ නැහැ..... සිංහල ලේ තියෙන එකෙක් නැද්ද මේ බස් එකේ “ මගේ හිත ගුගුලන්නට විය.
මෙම අසාධාරණය දුටු පසුපස පෙළෙහි ඇත්තන් දෙදෙනකු කොන්දොස්තර මහතාට අමතුවේය. “මොකක්ද අර කරපු කැත වැඩේ? “. පිළිතුරු ලෙස කොන්දොස්තර මහතා “ඒව තමුසෙලට වැඩක් නෑනෙ !! බැරිනම් බැහැල යනව“ කීවේය.

“දෙන්න හිතෙනව මූට , මුගෙ අම්මට උණ ගැනෙන්න“ මගේ හිත ගුගුලයි.
පසුපස පෙළෙහි මිනිසුන් කොන්දොස්තරට එරෙහි වන්නට විය. “තමුන්ට කිසි අයිතියක් නැහැ මිනිහෙක්ට ගහන්න. අනිත් එක මේවයෙ මිනිස්සු නිකන් යන්නේ නැහැ“. තරුණයකු පැවසීය. කොන්දොස්තරට තමා පොට වරද්දගත් බව පසක් වුවත් තම චණ්ඩි කම අත හැරියේ නැත.
මට තව දුරටත් ඉවසා සිටිය නොහැකි විය. ඉවසීමේ සීමාව පෙනෙන ඉමකවත් නැත. බෑගය අම්මාගේ ඔඩොක්කුවට දමා , අම්මාගේ අතත් ගසා දමා නැගිටුයෙමි. කොන්දොස්තර ළගට පිනූ මම , කොන්දොස්තරයාව පිටුපස දොර අසළ කොටුකර ගතිමි.
“මොකක්ද පරය අර කරපු වැඩේ!! තෝ හිතං ඉන්නේ තෝ මහ චණ්ඩියෙක් කියලද? පුලුවන්නම් තියපිය බලන්න මට අතක්“ කියමින් මම දිගටම සීනුව නාද කළෙමි. “තොපි කාලා බීල ඉන්නෙ අපි තොපිට දෙන සල්ලි හින්ද , නැත්තම් තොපි මහපාරෙ මේ වෙනකොටත් හිගාකාලා මැරිල ! පරයා ... හු!@#$% ගෙ පුතා උඹ දැන ගනින් මේ බස් වල යන්නේ පොන්නයො නෙමේ කියල. මේ බස් එක තොපි මේ පාරෙ දුවන්න ඕනි. තොපි වැඩිය සෙල්ලම් දාන්න එපා!! “ . මම මදක් සන්සුන් වීමි. මක් නිසාද මේ කේන්තිය පිට එක පාරක් හෝ කොන්දොස්තරට වැදුනා නම් කුමකින් කුමක් වේ දැයි දෙපාරක් සිතූ බැවිනි. N.T.C ට හා 119 කතා කොට පැමිණිල්ලක්ද දැමීමි.
නමුත් හොදම දේ නම් , මා අනුමත කළ අනෙකුත් මගී ජනතාව , බසය කොටුවට යන තාක්ම බස් නැවතුමකදී හැරෙන්න කිසිදු අයුරකින් කෙනෙකු බසයට නංවා ගැනීමට ඉඩ නොදීමත්.. සිද්ධීය වූ වේලාවේ සිටි මගී ජනතාව බසයෙන් බැස යන විට මටත් පසුපස පෙළෙහි තරුණයන්ටත් ආචාර කර හෝ ස්තුති කර බැස යෑමත් වේ.
මගී ජනතාවනි අවදි වන්න. අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු.
No comments:
Post a Comment