දීර්ඝ සති අන්තයක් වූ බැවින් සිය පවුල සමග මහනුවර දළදා වහන්සේ වැද පුදා ගැනීමට වාහනයෙන් නුවර ගියෙමි. ආසියාවේ ආශ්චර්යය පෙන්වමින් ලංකාවේ නීතිය අතට ගත් සුපිරි පැළැන්තියේ ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඖඩි රථ , රථවාහන පොලිසිද නොතකමින් සාමාන්‍ය ජනයා හා විනීත රියැදුරන් පෙළමින් හිතුවක්කාර හා සල්ලාල අයුරින් මාර්ගය පුරා පියඹා ගිය අයුරු සියැසින් දුටිමි. මුදලට විකිණෙන මේ සමාජයෙහි නීතියද මුදලට වල් වැදී ඇති අයුරු මෙසේ වරද කර අත යටින් මුදල් ලබාගෙන සල්ලාලයන් බේරා හරින පොලිසිය දුටු කල්හි සාක්ෂාත් කර ගතිමි .
Monday, February 25, 2013
Friday, April 15, 2011
Modern humans
නූතන මිනිසා
මිනිසා උපදිනුයේ තවත් එක් සත්ත්ව කොටසක් මිස , වෙනත් කිසිදු අයුරකින් නොවන බව මතක තබා ගත යුතුය. වත්මන් මිනිසාට 'ස්වභාවික වරණ' යන් ගැන කිසිදු දැනුමක් හෝ තැකීමක් නැත. දුර්වල /විකෘත කළල හෝ උපත් මිහිපිටින් තුරන් කිරීම ස්වභාවික ක්‍රියාවලියක් බව පසක් කර නොගැනීමට තරම් පුහු මාන්නයක් වත්මන් මිනිසාට ඇත. අපට මෙන්ම අනෙක් සතුන්‍ට මොළයක් ඇතත් මිනිසා මෙන් දියුණු පරිණත වූ මොළයක් මිහිපිට වෙනත් කිසිදු ජීවී කොටසකට පිහිටා නැත. නමුත් සමාජය විසින් උපන් දා සිට මිනිසාට විවිධ විෂම වූ දේ ආරෝපණය කර ඇත. ආගම , ජාතිය , කුළය , බස ආදි මෙකි නොකී බොහෝ දෑ මගින් මිනිසා වෙන් කොට කුලකයන් තුළ හොබවා ඇත.
උදාහරණයක් ලෙස ගතහොත් , පෙර සිටි උගත් පඩිවරු බස් රැසක ම කෙළ පැමිණියෝ වූහ. වීදාගම මෛත්‍රීය හිමියන් ෂඩ් භාෂා පරමේෂ්වර නම් කිරුළ ලද්දේ ඔවුනගේ උගත් කම නිසාය. අප අද ප්‍රාථමික සතුන් යැයි සමහර සතුන් වර්ගීකරණය කළද , අපත් මෙයට වසර ගණනාවකට උඩදී , නිරුවත්ව වදුරන් මෙන් සිටි බව පසක් කර ගැන්මට අපහසු වූවෝ කොපමණ ඇත්ද? අද අපට තවමත් නාදුනන පියාසර වස්තු හෙවත් යූ.එෆ්.ඕ යනු අභිරහසකි. පිටසක්වල තවත් දියුණු ජීවීන් සිටියි නම් ඔවුනටද අපව පෙනෙනවා ඇත්තේද , අපට වදුරන් පෙනෙන අයුරින් විය යුතුය. එසේ නම් අප දියුණු විය යුත්තේ කෙසේද?
ලක්ෂයක් වටිනා ප්‍රශ්නයකි. මදක් හැරී වටපිට බලන්න. මදක් ඇස් විවෘත කරන්න. නිස්කලංක මනසකින් ලොව දිහා බලන්න. වායු දූෂණය , පරිසර දූෂණය ආදී එකී මෙකී නොකී බොහෝ දෑ අප අවට ඇත. මේ මහත් වූ දියුණුවද? අප විසින් නිර්මාපිත දූෂණයෙහි විපාක දැනීම මැකීමට වීදුරු වසාගෙන ඇතුළත වායු සමනය කළ වාහන වලින් ගමන් බිමන් යමින් තවත් පරිසරයට හානි ගෙන දීම නූතන මිනිසා විසින් කරන දියුණු විද්‍යාවයි. අප කොපමණ දියුණු වුවත් අපට තවමත් ශාකයන්ගෙන් වෙන සේවය ප්‍රතිස්ථාපනය කළ නොහැක.මිනිසා කරනුයේ තම වාසිය වෙනුවෙන් පරිසරයට හානිකිරීමයි. නූතන මිනිසා පරිසරයෙන් කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින යුගයක , මා ජීවිතයේදී නොඅසපු නොදැකපු ලෙඩ රෝග දැන් දැන් කරලියට පැමිණ තිබේ. අපගේ මුතුන් මිත්තන්ගේ දියුණු වෛද්‍ය විද්‍යාව මෙහිදී මතක් කළ යුතුමය. ඔවුහු පරිසරයෙන් සොයාගත් දෑ මගින් කසාය ආදී දෑ ලෙඩ රෝග වලට යොදා ගත්තේ ඔවුහු පරිසරය සමග තිබූ කිට්ටු සබදතාව නිසාවෙනි. අද ලංකාවෙන් ජපානයට දියවැඩියාවට යවන කොතලහිබුටු නැවතත් කරල් කර ලංකාවටම එවයි , ඒ එවැනි තුන් ගුණයක මුදලටය.
පරිසරයට ළං වන විට තමාගේ සිතට දැනෙන සතුට අනන්ත අප්‍රමාණ බව දන්නේ කීයෙන් කී දෙනෙක්ද? ගසක් කොළයක් , සතකු දිහා බලා සතුටු වන්නේ කීයෙන් කී දෙනාද? සිතන්න මදක් මේ පිළිබදව.............
මීළග කොටස තවත් ටික දවසකින් ලියන්නෙමි.
Thursday, March 24, 2011
ඇමරිකාවේ විරූපිත වීර චරිත , පුහු මාන්නය සහ තමාගේ ඇසේ පරාළ තබාගෙන අනුන්ගේ ඇසේ රොඩු දැකීම
zero dark thirty යනුවෙන් දැන් ඇමරිකාවේ නවතම රෙදි සේදීමේ චිත්‍රපටයක් නිකුත් වී ඇත. මෙහිදී උසාමා බින් ලාඩන් නම් බිහිසුනු (මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද) ත්‍රස්තවාදී නායකයා නැසීමේ මෙහෙයුම පිළිබද “සුදු“ කතිකාවතක් පෙන්නුම් කරයි . ඇමෙරිකාවේ වත්මන් පාලක පක්ෂයට තම දේශපාලන න්‍යායන් මුදුන් පත් කරගෙන , තමාගෙන් ගිලිහී යන ආදිපත්‍යය රැකගැනීමට තුඡ්ච උත්සාහයක යෙදී තිබෙනු දැක ගත හැක.
තමා විසින් කුවේටයේදී , කුවේට්-ඉරාක යුද්ධයේදි ඉරාකයට විරුද්ධව බළල් අතක් ලෙස ඇති දැඩි කළ උසාමා බින් ලාඩන් නම් සර්පයා තමා වෙත මේ තරම් දරුණු හිසරදයක් වේවි යැයි ඇමෙරිකාව කවදාවත් නොසිතන්න ඇත. තමාගේ දේශපාලන න්‍යාය අනුව ලෝකයේ සුපිරි ජාතිය හා සුපිරි බලවතා වීමට ඇස කවන ඇමෙරිකාවට මුස්ලිම් රටවල් මෙන්ම උතුරු කොරියාව , රුසියාව , චීනය වැනි රටවල් ඉමහත් අභියෝගයක් වී ඇත. තෙල් අයත් කරගැනීමේ කුමන්ත්‍රණයක් ලෙස ඉරාකයේ සමූල ඝාතක අවි ඇතැයි මවා පා එම රට ආක්‍රමණය කොට ප්‍රජාතන්ත්‍රී කරණය කිරීමට ගත් නින්දිත උත්සාහය අපට නොවැටහෙන්නේ නොවේ. ජෝජ් බුෂ්ගේ ෆොක්ස් නිවුස් නාලිකාවෙන් සදාම් හුසේන් , ලිබියාවේ මොහම්මර් ගඩාෆි වැන්නවුන් මනුශ්‍යයාගේ පරම සතුරා ලෙස මවා පා එම රට වල තෙල් සම්පත් ඩොලර් බවට පත් කළේ තම පහත්බව මනාව පසක් කරමිනි.
එහෙත් මොවුනට නියම පහර වැදුනේ ඉන්දියාවට පහළින් ඇති කුඩා දූපතක් වූ , ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන , මාගේ පරම පවිත්‍ර ශ්‍රී ලංකාවෙනි. සුපිරි බලවතාටවත් කළ නොහැකි වූ ඉතිහාසයේ විශාලතම මානුශික මෙහෙයුම සිදුකරමින් මුළු ලංකාවම දශක තුනක් තුළ භීතියට පත් කළ දහස් ගණන් අහිංසක ජනයා මරා දැමූ වැල්වැටිතුරේ උපන් වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා මරණයට පත් කිරීමත් සමගය. FBI සංවිධානය පවා දරුණු ත්‍රස්ත ගණයට අයත් කළ එල්.ටී.ටී.ඊ යට යන එන මං නැති කළ අපගේ විරු සෙබළන් දැන් , එල්.ටී.ටී.ඊ ය පෝෂණය කළ දකුණු ඉන්දියානුවන් ඇතුළු කොටි ඩයස්පෝරාව මගින් දෙමළ ඝාතක තත්වයට පත් කිරීමට දැඩි උත්සහයක යෙදෙමින් පවතියි . ඇමෙරිකාව විසින් ඉරාක වැසියන් , ඇෆ්ගන් වැසියන් තම රදවා තබා ගැනීමේ කදවුරු වලදී දෙන අමානුෂික වද දීම් හා හිංසනයන් “ මානව අයිතිවාසිකම් “ කඩ කිරීම් නොවේදැයි දෙවරක් සිතා බැලිය යුතුය.

Sunday, March 20, 2011
Monday, December 6, 2010
Saturday, November 20, 2010
Tuesday, November 16, 2010
දුම් පරීක්ෂාව සාර්ථකද?
ලංකාවේ පරිසර දූෂණය වළකනු වස් , රථ වාහන වලින් නිකුත් වන වායුන් පරීක්ෂාව සදහා රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් විශේෂ විධි විධාන සලසන ලදී. මෙහි සුභවාදී පැතිකඩ නම් පරිසරයට නිකුත් වන මිනිසාට හානිකර වායූන් හා දහනය නොවූ හයිඩ්‍රොකාබන ප්‍රමාණය මිණිය හැකි වීමත් අදාළ රථයේ ඉන්ධන ක්ෂමතාව මිනිය හැකි වීමත්ය. මෙමගින් බොහෝ තරුණයිනට රැකියා අවස්ථාවන් උදා වූ බැව් ද සත්‍යයකි.
එහෙත් මෙහිදී රජය අවධානය යොමු නොකළ තවත් පැතිකඩක් ඇත. එනම් දුම් පරීක්ෂාව වසරකට වරක් පමණක් කිරීම ප්‍රමාණවත්ද යන්නයි. තවත් කරුණක් නම් මෙම දුම් පරීක්ෂාවෙන් පසු වාහන හිමිකරු එම තත්ත්වය පවත්වාගෙන යනවාද යන කරුණයි. මක් නිසාද දුම් පරීක්ෂාව සදහාම විවිධ පුද්ගලයන් තම වාහනය සුසර කර ගන්නා අතර සහතිකය ලද පසු නැවතත් තත්ත්වයන් වෙනස් කර ගන්නා බැවිනි. මෙහිදී වෙසෙසින් තේරුම් ගත යුතු කරුණ නම් අවර්ණ වායු කෙසේ වෙතත් සමහර වාහන කළු දුම් විදිමින් ගියද අදාළ බළධරයිනට ඒ පිළිබදව වගක් වත් නොතිබීමයි.
මේ පිළිබද සියල්ලන්ගේ දෑස් යොමු වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

Subscribe to:
Posts (Atom)