Thursday, April 18, 2013

රට යන අත ...................... තිත්ත ඇත්ත


රට යන්නේ කොයිබටද? විදුලි බිල වැඩි වීම දරිද්‍රතා මට්ටමේ සහ මධ්‍යම පාන්තියකයන්ට දරුණුවටම දැනෙනු ඇත. සමහර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආශ්‍රිත නිශ්පාදන වල මිල ඉහළ යනු ඇත. අනේ අපොයි!! ලංකාවේ සංවර්ධන වේගය මේක නම් අපිට සංවර්ධනයක් එපා!! අනේ ජනපතිතුමනි ජීවත් වෙන ටිකට වත් අපට සැනසිල්ලේ ජීවත් වෙන්න දෙන්න. මේ නාස්තිය දූෂණය නවත්වන්න.
ඇයි මේ විදිහට දුප්පත් අපට රිද්දන්නේ? බුද්ධිමත් මිනිස්සු දැන් දේශපාලනයේ නැහැ. ඉන්න ටිකත් පොන්නයෝ වගේ කරබගෙන ඉන්නව! මොකක්ද මේකෙ තේරුම? දුප්පත් අපට පොලිසියේ කිසිම සැලකිල්ලක් නැති උනාට කිසි දෙයක් ඉගෙන ගත්තෙ නැති මාලක සිල්වා වගේ වලත්තයන්ගෙ අත් කරට අරගෙන උජාරුවට යන්න පුලුවන් සමාජයක් බිහි වෙලා තියෙන්නේ.

ජනපති තුමනි, දේශපාලන පක්ෂයක්වත් , ජාතිවාදී හැගීමක් වත් ඇතුව කියනව නෙමෙයි. අද ජනාධිපති නිළකාර්යාලයේ කරපු වැඩේ නම් අන්තිම තුච්ඡයි , කුජීතයි!! අලුත් අවුරුදු උත්සවෙන් පස්සේ මොකක්ද කරන සර්‍වආගමික කියන විහිලුව? සිංහලයන්ටයි , දෙමළ සහෝදරන්ටයි විතරක් උරුම වෙච්ච අලුත් අවුරුදු උත්සවයට තම්බි ගාවගන්නේ ඇයි? උන්ගෙ මුහම්මද්ගෙ හරි වෙනත් තම්බි උත්සවයකට අපේ ස්වාමීන් වහන්සේලා වඩම්මවනවද? කුජීතයි ඇත්තටම.

ලංකාවේ ඒකාධිපති බලයක් තිබුණු රජ්ජුරුවන් පවා හාමුදුරුවරු උච්ඡාසන වල අසුන් ගන්වල තමයි ඔවදන් ගත්තේ. තරහ වෙන්න එපා! ඒත් කොහෙන්වත් නැති , අවජාතක ආගමක නිවට නියෝජිතයෝ එක්ක අපේ  ස්වාමීන් වහන්සේලා එකට අසුන් පනවන එක හරිද? බුදු සසුන රකින්නට එයට මුල් තැන දෙන්නට පොරොන්දු වී සිටිනවා නේද? සිංහල කොඩියෙත් පොඩිතීරු දෙකක් වෙන් කරල තියෙන්නෙ වෙනම පැත්තකින් තියන්න ඕන හින්ද නේද? මේක සිංහල රට. මේකේ ඉන්න සමහර නපුංසකයෝ කියනව ජාතික ගීයට වෙන භාෂා ඇතුළු කරන්න ඕනෙලු. ඒ කියපු එකා සිංහල අම්මෙක්ගෙ බඩින් ආපු එකෙක් වෙන්න බැහැ.  මොකද තෙළිගු ,කණ්ණඩි, හින්දි, උර්දු කතා කරන ඉන්දියාවෙත් ජාතික ගීය තියෙන්නේ හින්දි බසින්. “ජන ගන මන අධිනායක ජය හේ භාරත භාග්‍ය විධාථා  .......“. ඉතින් කවදාවත් කරුණා නිධි වත් සොනියා ගාන්ධි වත් කිව්වෙ නෑ මේක වෙන බසකින් කියන්න ඕන කියල. මේ වගේ දේවල් වලින් කොහොමද ජාතිය සමගිය ඇති කරන්නෙ. සිංහලයනි අවධිවන්න. තොපි ආයෙත් ඡන්දය දෙනකොට දෙවරක් සිතන්න. රුසියාවේ ජනපති පසුගිය දවසක කිව්ව කවුරු මොනව කිව්වත් සුලු ජාතීන් කියල රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නෑ කියල. මුළු ලොකෙටම මුහුණ දෙන්න හයියක් තියෙන ජනපති ඔබට ලාංකිකයන්ට මුහුණ දෙන්න බැරි තැනට ලංකාව ගෙනියන්න එපා උතුමාණනි. බල්ලා ඉන්න ඕනි පිළිකන්නේ මිසක් අපි නිදන ඇද උඩ නෙමෙයි! මොකද බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන හින්ද.............................

Thursday, March 28, 2013

බස් චණ්ඩි (Bus Thugs)

බසය : පෞද්ගලික 138 කොට්ටාව - පිටකොටුව
බස් අංකය : NC ****
වේලාව : ප:ව 6.50
දිනය : 23-03-2013

මම මාගේ මෑණියනුත් කැටුව ගම්පොළ බලා යෑමට මහරගමින් ඉහත බසයට ගොඩවීමු. කුමක් හෝ අමුත්තක් කොන්දොස්තර මහතාගෙන් දුටුවද , මා සුපුරුදු ලීලාවෙන් අම්මා සමග මා ළගදීම සිදුවන අලුත් අලුත් දෑ පිළිබද කතිකාවතක් පටන් ගතිමි. විටින් විට පරිසරයේ සිදුවන දෑ විමසමින් , අවධානයෙන් සිටි මා හට කොන්දොස්තර මහතාගේ ක්‍රියා කලාපය කොහෙත්ම හිතකාමී නොවන බව ඉවෙන් මෙන් අවබෝධ විය. හදිසියේම ලුම්බිණිය අසලදී බසයේ සීනුව දිගටම නාද වීමට පටන් ගත්තේ , කොළඹ පළාතට අලුත් වූ තරුණයෙකුට තම බස් නැවතුම වැරදුන බැවිනි. හිටිවනක් ම ලුණු කෑ අලියකු පරිද්දෙන් කිපුණු කොන්දොස්තර මහතා බසයේ ඉදිරි දොරටුවේ සිට පසුපස දොරටුවෙන් බසින කොලුවාගේ සවන් පතට තම අත්ල යොමු කළේය. “ච‍ටාස්!!!!!!!“. මෙම කිසිත් නොදත් කොලුවාට දෙලොව සිහි වන්නට ඇත. කළ හැකි දෙයක් නැති කමට තරුණයා කනද අල්ලාගෙන බැස යන්නට ගියේය. (නින්දිත නපුංසක කමද නැති නම් මහත්මා ගාන්ධීටත් වඩා අවිහිංසා වාදියෙක්ද යන්න මට තාමත් තේරුම් ගත නොහේ). රටක් රාජ්‍යයක් ජය ගත්තා සේ ආඩම්බරයෙන් කොන්දොස්තර මහතා බසයේ ඉදිරියට ඇදුනි. මාගේ සිහළ ලේ රත් වූයේ ෆුජියාමා ගිනිකන්දේ ලාවා කැකෑරෙනවාටත් වඩා උෂ්ණත්වයකටය. මා නැගිටින්නට හදනවාත් සමගම මාගේ මව් මාගේ අතින් ඇද නැවතත් මා ඉන්දෙව්වාය.

“යකෝ!!! මුන්ට බස් එකට සල්ලිත් දීල, මේ සක්කිලි හැත්තගෙන් බස් වල යන එවුන් ගුටි කන්න. අහුවෙයන්කො තෝ ..... පොඩි කාලෙ ඉදන් අම්මගෙන් බීපු කිරි වැටෙන්න දෙන්නේ.... ඒත් අම්ම ඉන්නවනේ... ශිහ්... කාලෙකින් අතපයේ හිරි ඇරගත්තෙ නැහැ..... සිංහල ලේ තියෙන එකෙක් නැද්ද මේ බස් එකේ “ මගේ හිත ගුගුලන්නට විය.

මෙම අසාධාරණය දුටු පසුපස පෙළෙහි ඇත්තන් දෙදෙනකු  කොන්දොස්තර මහතාට අමතුවේය. “මොකක්ද අර කරපු කැත වැඩේ? “. පිළිතුරු ලෙස  කොන්දොස්තර මහතා “ඒව තමුසෙලට වැඩක් නෑනෙ !! බැරිනම් බැහැල යනව“ කීවේය.
“දෙන්න හිතෙනව මූට , මුගෙ අම්මට උණ ගැනෙන්න“ මගේ හිත ගුගුලයි.

පසුපස පෙළෙහි මිනිසුන් කොන්දොස්තරට එරෙහි වන්නට විය. “තමුන්ට කිසි අයිතියක් නැහැ මිනිහෙක්ට ගහන්න. අනිත් එක මේවයෙ මිනිස්සු නිකන් යන්නේ නැහැ“. තරුණයකු පැවසීය. කොන්දොස්තරට තමා පොට වරද්දගත් බව පසක් වුවත් තම චණ්ඩි කම අත හැරියේ නැත. 

මට තව දුරටත් ඉවසා සිටිය නොහැකි විය. ඉවසීමේ සීමාව පෙනෙන ඉමකවත් නැත. බෑගය අම්මාගේ ඔඩොක්කුවට දමා , අම්මාගේ අතත් ගසා දමා නැගිටුයෙමි. කොන්දොස්තර ළගට පිනූ මම , කොන්දොස්තරයාව පිටුපස දොර අසළ කොටුකර ගතිමි.

“මොකක්ද පරය අර කරපු වැඩේ!! තෝ හිතං ඉන්නේ තෝ මහ චණ්ඩියෙක් කියලද? පුලුවන්නම් තියපිය බලන්න මට අතක්“ කියමින් මම දිගටම සීනුව නාද කළෙමි. “තොපි කාලා බීල ඉන්නෙ අපි තොපිට දෙන සල්ලි හින්ද , නැත්තම් තොපි මහපාරෙ මේ වෙනකොටත් හිගාකාලා මැරිල ! පරයා ... හු!@#$% ගෙ පුතා උඹ දැන ගනින් මේ බස් වල යන්නේ පොන්නයො නෙමේ කියල. මේ බස් එක තොපි මේ පාරෙ දුවන්න ඕනි. තොපි වැඩිය සෙල්ලම් දාන්න එපා!! “ . මම මදක් සන්සුන් වීමි. මක් නිසාද මේ කේන්තිය පිට එක පාරක් හෝ කොන්දොස්තරට වැදුනා නම් කුමකින් කුමක් වේ දැයි දෙපාරක් සිතූ බැවිනි. N.T.C ට හා 119 කතා කොට පැමිණිල්ලක්ද දැමීමි. 

නමුත් හොදම දේ නම් , මා අනුමත කළ අනෙකුත් මගී ජනතාව , බසය කොටුවට යන තාක්ම බස් නැවතුමකදී හැරෙන්න කිසිදු අයුරකින් කෙනෙකු බසයට නංවා ගැනීමට ඉඩ නොදීමත්.. සිද්ධීය වූ වේලාවේ සිටි මගී ජනතාව බසයෙන් බැස යන විට මටත් පසුපස පෙළෙහි තරුණයන්ටත් ආචාර කර හෝ ස්තුති කර බැස යෑමත් වේ.

මගී ජනතාවනි අවදි වන්න. අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු. 

Friday, March 22, 2013

බඩගිනි සීයා

පෙර දිනෙක මා නුවරඑළියේ සිට අගනුවරට ඒමට පිටත් වීමි. නුවරට යෑමට සිත් නොවූ බැවින් පේරාදෙණිය මංසන්ධියෙන් බැස කොළඹ බස් නැවතුම් පළෙහි බසයක් නවතන තුරු බලා සිටියෙමි. සංකීර්ණ වූ සමාජයේ තම තමාගේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අතෝරක් නැතිව වෙහෙසෙන “ දුක්පත් “ ජනයා දෙස සානුකම්පිතව බලා සිටින අතර තුර පේරාදෙණිය මංසන්ධිය දෙසට වන්නට බස් නැවතුම් පළෙහි දුටු යමෙකින් මාගේ සිතිවිලි සමුදාය මදකට නතර විය. එක් වැහැරුණු මහල්ලෙක්  බස් නැවතුම් පළෙහි සිටගෙන සිටිනා සියල්ලන් වෙත අත පා යමක් ඉල්ලා සිටින අයුරක් මා හට දර්ශනය විය. ශ්‍රී ලාංකේය ජන සමාජයේ බෞද්ධයාගේ මුදුන් මල් කඩ වන් , ශ්‍රී මහේශාඛ්‍ය ගෞතම බුදුන්ගේ දක්ෂිණ අකු ධාතුව තැන්පත් කර ඇති නුවර පින් බිමේ මේ අසරණයාට උදව් කිරීමට  බස් නැවතුම් පළෙහි සිටි සිංහල , දෙමළ , මුස්ලිම් ආදී වූ සියලු ජනයා හට වුවමනාවක් නොවූ අතර , මේ මහල්ලාද සියල්ලන් වෙත අත පාමින් ක්‍රමයෙන් මා වෙතද ලගා විය. මා අසල වූ තරුණයා ක‍ණෙහි i-pod ඇබයක් ගසා සිටියේ  මහල්ලා ඇසෙනු විනා ඇස් දෙකද අන්ධ වූවා සේ කිසිත් නොකොට ආත්මයක් , මනසක් නොවූ ගන්ධබ්බයකු සේ වැනි වැනී සිටියේය.

අනතුරුව මා ළගට වන් මහල්ලා තම දෑතම මා හට පෑවේය. මහල්ලා කෙරෙහි මහත් දුකක් මගේ චිත්ත සන්තානයේ උපන් බැවින් මා මෙසේ ඇසීමි.

 “මොකද සීයේ ? මොනවද ඕනි ?“

මහා වාලුකා කතරෙක ක්ෂෙම භූමියක් දුටු කළෙක මෙන් ක්ෂණිකව නව පණක් ලද මහල්ලා ,

“අනේ මහත්තයෝ ඊයේ දවල් ඉදල බඩට කෑමක් වැටුනෙ නෑ. පුළුවනි නම් කෑමක් ගන්න කීයක් හරි දෙන්න“ යයි කීවේය.

මගේ හදවත දැවී ගියේ ජපානයේ හිරෝෂිමා , නාගසාකි නගර පරමාණු බෝම්බයෙන් දැවී ගියාටත් වඩා ක්ෂණිකවය. අනේ අපි වැනිම තවත් මනුෂ්‍ය ප්‍රාණයක් තම ජීවිතය රැකගැනීමට තම ආත්ම ගරුත්වය පසෙක තබා තවෙකුකට අත පානා සැටි. 

“යමු සීයේ. මා ළග නම් එච්චර සල්ලි නැහැ.ඒත් යමු මම මොනව හරි කන්න අරන් දෙන්නම් “

මම සීයාත් කැටුව ලගම පිහිටි සයිවර් කඩයකට ගොඩ වැදීමි. කඩේ නානා “ මාත්තියා මොනවද කන්නේ“ කියමින් පෙරගමන් ආවත් සීයා දුටු කල මදක් පිළිකුල් ව පසුබැසීය. “ශේ ශේ උදේ පාන්දරම බිස්නස් සවුත්තු කරන්න ඇවිත්. යෙන්න යෙන්න“ කියමින් සීයා කඩෙන් එළවා දැමීමට සැරසෙද්දී , මම නානාට බාධා කරමින් “මේ මහත්තයට කැමති ඕන දෙයක් කන්න දෙන්න. “ කඩයේ තිබූ හොදම මේසය සහ පුටුවට සීයාව යොමු  කළෙමි. වේටර් කොළුවාද වඩේ ඇතුළු සියලු දෑ අඩංගු බන්දේසියක් මේසය මත තැබීය. නානා සීයගේ තසිමට සම්බෝල බෙදුවේය. ඉනූ කදුලු ඇතිව සීයා වඩයක් අතට ගෙන මා දෙස අසරණ ලීලාවෙන් බැලීය. “කන්න සීයේ. ඇතිවෙනකන් කන්න“. වඩයක් කෑමෙන් අනතුරුව මම සීයාට කීමි. “එක වඩයක් හොදටම සෑහෙනව මහත්තයෝ . පුළුවන්නම් මට තේ එකක් අරන් දෙන්න“. මම නානාට තේ එකක ඇනවුම ලබා දී රුපියල් සියයේ නෝට්ටුවක් දික් කළෙමි. එවිටම නුවර කොළඹ බස් රථයක්  බස් නැවතුම් පළෙහි නැවතීය. මම සීයා ළගට ගොස් “සීයේ තව මොනව හරි ඕනි නම් කියන්න . මගෙ බස් එක ආවා. මම යන්න ඕනෑ“ කීවෙමි. 

“තව මොනවත් එපා මහත්තයා! මහත්තයට බුදු සරණයි! මහත්තයව හැදුව දෙමව්පියන්ට පින් ලැබෙන්න ඕනා! යන එන ගමන දළදා හාමුදුරුවො රැක ගනිවි“
සීයාගේ ඒ පැතුම දෙසවනේ රැව් පිළිරැව් දෙද්දී , මගේ රත්තරන් දෙමාපියන් සිහිකරමින් , සියල්ලන්ටම සෙත් වේවායි සිතමින් බසයට ගොඩ වීමි.

Monday, February 25, 2013

බල්ලට ගිය ලංකාවේ (මාර්ග) නීතිය

දීර්ඝ සති අන්තයක් වූ බැවින් සිය පවුල සමග මහනුවර දළදා වහන්සේ වැද පුදා ගැනීමට වාහනයෙන් නුවර ගියෙමි. ආසියාවේ ආශ්චර්යය පෙන්වමින් ලංකාවේ නීතිය අතට ගත් සුපිරි පැළැන්තියේ ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඖඩි රථ , රථවාහන පොලිසිද නොතකමින් සාමාන්‍ය ජනයා හා විනීත රියැදුරන් පෙළමින් හිතුවක්කාර හා සල්ලාල අයුරින් මාර්ගය පුරා පියඹා ගිය අයුරු සියැසින් දුටිමි. මුදලට විකි‍ණෙන මේ සමාජයෙහි නීතියද මුදලට වල් වැදී ඇති අයුරු මෙසේ වරද කර අත යටින් මුදල් ලබාගෙන සල්ලාලයන් බේරා හරින පොලිසිය දුටු කල්හි සාක්ෂාත් කර ගතිමි .

Friday, April 15, 2011

Modern humans


නූතන මිනිසා

මිනිසා උපදිනුයේ තවත් එක් සත්ත්ව කොටසක් මිස , වෙනත් කිසිදු අයුරකින් නොවන බව මතක තබා ගත යුතුය. වත්මන් මිනිසාට 'ස්වභාවික වරණ' යන් ‍ගැන කිසිදු දැනුමක් හෝ තැකීමක් නැත. දුර්වල /විකෘත  කළල හෝ උපත් මිහිපිටින් තුරන් කිරීම ස්වභාවික ක්‍රියාවලියක් බව පසක් කර නොගැනීමට තරම් පුහු මාන්නයක් වත්මන් මිනිසාට ඇත. අප‍ට මෙන්ම අනෙක් සතුන්‍ට මොළයක් ඇතත් මිනිසා මෙන් දියුණු පරිණත වූ මොළයක් මිහිපිට වෙනත් කිසිදු ජීවී කොටසකට පිහිටා නැත. නමුත් සමාජය විසින් උපන් දා සිට මිනිසාට විවිධ විෂම වූ දේ ආරෝපණය කර ඇත. ආගම , ජාතිය , කුළය , බස ‍ආදි මෙකි නොකී බොහෝ දෑ මගින් මිනිසා වෙන් කොට කුලකයන් තුළ හොබවා ඇත.

උදාහරණයක් ලෙස ‍ගතහොත් , පෙර සිටි උගත් පඩිවරු බස් රැසක ම කෙළ පැමිණියෝ වූහ. වීදාගම මෛත්‍රීය හිමියන් ෂඩ් භාෂා පරමේෂ්වර නම් කිරුළ ලද්දේ ඔවුනගේ උගත් කම නිසාය. අප අද ප්‍රාථමික සතුන් යැයි සමහර සතුන් වර්ගීකරණය කළද , අපත් මෙයට වසර ගණනාවකට උඩදී  , නිරුවත්ව වදුරන් මෙන් සිටි බව පසක් කර ගැන්මට අපහසු වූවෝ කොපමණ ඇත්ද? අද අපට තවමත් නාදුනන පියාසර වස්තු හෙවත් යූ.එෆ්.ඕ යනු අභිරහසකි. පිටසක්වල තවත් දියුණු ජීවීන් සිටියි නම් ඔවුනටද අප‍ව පෙනෙනවා ඇත්තේද , අපට ‍වදු‍රන් පෙනෙන අයුරින් විය යුතුය. ‍‍එසේ නම් අප දියුණු විය යුත්තේ කෙසේද?

ලක්ෂයක් වටිනා ප්‍රශ්නයකි. මදක් හැරී වටපිට බලන්න. මදක් ඇස් විවෘත කරන්න. නිස්කලංක මනසකින් ලොව දිහා බලන්න. වායු දූෂණය , පරිසර දූෂණය ආදී එකී මෙකී නොකී බොහෝ දෑ අප අවට ඇත. මේ මහත් වූ දියුණුවද? අප විසින් නිර්මාපිත දූෂණයෙහි විපාක දැනීම මැකීමට වීදුරු වසාගෙන ඇතුළත ‍වායු සමනය කළ වාහන වලින් ගමන් බිමන් යමින් තවත් ප‍රිසරයට හානි ගෙන දීම නූතන මිනිසා විසින් කරන දියුණු විද්‍යාවයි. අප කොපමණ දියුණු වුවත් අපට තවමත් ශාකයන්ගෙන් වෙන සේවය ප්‍රතිස්ථාපනය කළ නොහැක.මිනිසා කරනුයේ තම වාසිය වෙනුවෙන් පරිසරයට හානිකිරීමයි. නූතන මිනිසා පරිසරයෙන් කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින යුගයක , මා ජීවිතයේදී නොඅසපු නොදැකපු ලෙ‍ඩ රෝග දැන් දැන් කරලියට පැමිණ තිබේ. අපගේ මුතුන් මිත්තන්ගේ දියුණු වෛද්‍ය විද්‍යාව මෙහිදී මතක් කළ යුතුමය. ඔවුහු පරිසරයෙන් සොයාගත් දෑ මගින් කසාය ආදී දෑ ලෙ‍‍ඩ රෝග වලට ‍යොදා ගත්තේ ඔවුහු පරිසරය සමග තිබූ කිට්ටු සබදතාව නිසාවෙනි. අද ලංකාවෙන් ජපානයට දියවැඩියාවට යවන කොතලහිබුටු නැවතත් කරල් කර ලංකාව‍ටම එවයි , ඒ එවැනි තුන් ගුණයක මුදලටය.

පරිසරයට ළං වන විට තමාගේ සිතට දැනෙන සතුට අනන්ත අප්‍රමාණ බව දන්නේ කීයෙන් කී දෙනෙක්ද? ගසක් කොළයක් , සතකු දිහා බලා සතුටු වන්නේ කීයෙන් කී දෙනාද? සිතන්න මදක් මේ පිළිබදව.............
මීළග කොටස තවත් ටික දවසකින් ලියන්නෙමි.

Thursday, March 24, 2011

ඇමරිකාවේ විරූපිත වීර චරිත , පුහු මාන්නය සහ තමාගේ ඇසේ පරාළ තබාගෙන අනුන්ගේ ඇසේ රොඩු දැකීම

zero dark thirty යනුවෙන් දැන් ඇමරිකාවේ නවතම රෙදි සේදීමේ චිත්‍රපටයක් නිකුත් වී ඇත. මෙහිදී උසාමා බින් ලාඩන් නම් බිහිසුනු (මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද) ත්‍රස්තවාදී නායකයා නැසීමේ මෙහෙයුම පිළිබද “සුදු“ කතිකාවතක් පෙන්නුම් කරයි . ඇමෙරිකාවේ වත්මන් පාලක පක්ෂයට තම දේශපාලන න්‍යායන් මුදුන් පත් කරගෙන , තමාගෙන් ගිලිහී යන ආදිපත්‍යය රැකගැනීමට තුඡ්ච උත්සාහයක යෙදී තිබෙනු දැක ගත හැක.

තමා විසින් කුවේටයේදී , කුවේට්-ඉරාක යුද්ධයේදි ඉරාකයට විරුද්ධව බළල් අතක් ලෙස ඇති දැඩි කළ  උසාමා බින් ලාඩන් නම් සර්පයා තමා වෙත මේ තරම් දරුණු හිසරදයක් වේවි යැයි ඇමෙරිකාව කවදාවත් නොසිතන්න ඇත. තමාගේ දේශපාලන න්‍යාය අනුව ලෝකයේ සුපිරි ජාතිය හා සුපිරි බලවතා වීමට ඇස කවන ඇමෙරිකාවට මුස්ලිම් රටවල් මෙන්ම උතුරු කොරියාව , රුසියාව , චීනය වැනි රටවල් ඉමහත් අභියෝගයක් වී ඇත. තෙල් අයත් කරගැනීමේ කුමන්ත්‍රණයක් ලෙස ඉරාකයේ සමූල ඝාතක අවි ඇතැයි මවා පා එම රට ආක්‍රමණය කොට ප්‍රජාතන්ත්‍රී කරණය කිරීමට ගත් නින්දිත උත්සාහය අපට නොවැටහෙන්නේ නොවේ. ජෝජ් බුෂ්ගේ ‍ෆොක්ස් නිවුස් නාලිකාවෙන් සදාම් හුසේන් , ලිබියාවේ මොහම්මර් ගඩාෆි වැන්නවුන් මනුශ්‍යයාගේ පරම සතුරා ලෙස මවා පා එම රට වල තෙල් සම්පත් ඩොලර් බවට පත් කළේ තම පහත්බව මනාව පසක් කරමිනි.

එහෙත් මොවුනට නියම පහර වැදුනේ ඉන්දියාවට පහළින් ඇති කුඩා දූපතක් වූ , ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන , මාගේ පරම පවිත්‍ර ශ්‍රී ලංකාවෙනි. සුපිරි බලවතාටවත් කළ නොහැකි වූ ඉතිහාසයේ විශාලතම මානුශික මෙහෙයුම සිදුකරමින් මුළු ලංකාවම දශක තුනක් තුළ භීතියට පත් කළ දහස් ගණන් අහිංසක ජනයා මරා දැමූ වැල්වැටිතුරේ උපන් වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා මරණයට පත් කිරීමත් සමගය. FBI  සංවිධානය පවා දරුණු ත්‍රස්ත ගණයට අයත් කළ එල්.ටී.ටී.ඊ යට යන එන මං නැති කළ අපගේ විරු සෙබළන් දැන් , එල්.ටී.ටී.ඊ ය පෝෂණය කළ දකුණු ඉන්දියානුවන් ඇතුළු කොටි ඩයස්පෝරාව මගින් දෙමළ ඝාතක තත්වයට පත් කිරීමට දැඩි උත්සහයක යෙදෙමින් පවතියි . ඇමෙරිකාව විසින් ඉරාක වැසියන් , ඇෆ්ගන් වැසියන් තම රදවා තබා ගැනීමේ කදවුරු වලදී දෙන අමානුෂික වද දීම් හා හිංසනයන් “ මානව අයිතිවාසිකම් “ කඩ කිරීම් නොවේදැයි දෙවරක් සිතා බැලිය යුතුය.