Tuesday, August 27, 2013

ලෙහෙසියෙන්ම අතේ ඇති මුදලින් පොහොසත් වෙන්න

පොහොසතෙක් වෙනව කියන්නේ තමන් ගාව මොනව හරි දෙයක් ඉතුරුවෙලා තියෙනව කියන එකනේ. මුදල් අතින් පොහොසත් වෙන්න තමන් ගාව මුදල් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතිරි කළ මුදලක්. ගොඩක් අය කියන්නේ දැන් තියෙන වියදමේ හැටියට ඉතුරු කරන්න තියා වියදමට තියෙන මුදලත් මදි කියලා. ඒක ඇත්ත. ඒත් ණය කාරයෙකු නොවී හරි බේරෙන්න පුලුවන් ඇත්තටම තමන්ගේ වියදම් පාලනය කළොත්. ඒ කියන්නේ අපේ වියදම් ගොඩක් තියෙනව අනවශ්‍ය දේවල් වලට කරන්. පොඩ්ඩක් හිතල බලන්න එහෙම නෙවෙයිද කියලා


01. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.


02. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.


03. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.


04. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.


05. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.


06. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.


07. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.


08. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.


09. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.


10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.


11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.


12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූමක් අරඹා එයින් නිකුත් කරන ATM හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.


13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.


14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.


15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.


16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.


17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.


18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිරියකි.


19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.


20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.


21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.


22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.


23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.


24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.


25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.


26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.


27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොට් ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට CFL බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 %- 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.


28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.


29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.


30. අනවශ‍ය ආහාර ද්‍රව්‍ය, හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.


31. තමාගේ වැටුපට සරිලන ජීවිතයකට හැඩ ගැසෙන්න.

෴ උපුටා ගැනීමකි෴

Friday, August 23, 2013

බුලත්සිංහල මොළේ නැති සභාපති

අද රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුරදී බුලත්සිංහල ප්‍රා. ස.  සභාපති උතුමා   ගේ මොළයේ තරම මට මොනවට වැටහුණි. ගමේ පන්සල් දෙකක් තිබුණොත් ගම දෙකඩ වෙනව කියල එක පන්සලක් අයින් කරන්න යනවලු. අනේ අම්මපල්ල.. මේක සිංහල අම්මෙක්ගෙ කිරි බීල හැදිච්චි එකෙක් නම් වෙන්න බෑ. අට පාස් වත්ද දන්නෙත් නෑ.

මතක තියා ගනින් සභාපති තුමෝ කිරුළ දරාපු ලංකාවේ රජ්ජුරුවො වත් පන්සල් හැදුව මිසක් විනාශ කළේ නැති බව. එහෙව් එකේ මේ වාතයක් තරම් වත් ගණන් ගන්නෙ නැති සභාපතියෙක් පන්සලක් කඩන්න යනව කියන්නෙ සිංහල ලේ තියෙන ඕන එකෙක්ගෙ ලේ රත්වෙන වැඩක්. එක්කො උඹට උපතින්ම බුද්ධිය පිහිටල නැද්ද , නැත්තම් සල්ලි පෙරේත කමට කාගෙ හරි  ලණුවක් ගිල්ලද? කොහොම උනත් අජූතයි!

මුස්ලිම් අය පවුල් 35 විතර එක්කහු වුනාම කොහොම හරි පල්ලියක් හදා ගෙන වන්දනා මාන කරනව. එතකොට උන් අනික් පල්ලියක් හැදුව කියල තියෙන පල්ලි කඩන්නේ නෑනේ. පුලුවන්නම් ඔය නැගෙනහිර පොතුවිල්, අක්කරපත්තුවෙ ගිහින් බලන්න. ගමකට පල්ලි කීයක් තියෙනවද කියල. උන්ට එහෙම නම් ඒ පැත්තෙ බෞද්ධ සිද්ධස්ථාන සේරම පො‍ළොවෙන් අතුගාල දාන්න පුලුවන්නම් තොපිට මෙහේ තවත් පන්සල් කඩන එකද කරන්න පුලුවන්. යකෝ සුන්නත් කරගෙන වෙන ආගමකට පල. නපුංසකය.

මේ සර්ව ආගමක් කියල අලුත් ආගමක් ඇවිත් තියනව ලංකාවට. මම නම් එහෙම එකක් අහල නෑ. ආගමික සහජීවනය කියන්නෙ මේ කරන විකාරයට නෙමෙයි. ලංකාවේ ප්‍රධානම ආගම බුදුදහම නම් ඒ අයට මුල් තැන දෙන්න ඕනි. උච්ඡාසන වල තියන්න ඕනි. මේවට නිහඬ පිළිවෙත් අනුගමනය කරන එක නම් නපුංසක කමක්.

එදා අනගාරික ධර්‍මපාල තුමා කියපු කතාව අද සත්‍ය වෙලා නැද්ද බලන්න.

මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්නමේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.



Tuesday, June 25, 2013

ඉක්මන් කේන්තිය...... හා කදිම විසදුම

අද මා පළකරනුයේ මාගේ පරිකල්පනයක් නොවන අතර එය මා විසින් අසන ලද කතාවකි.

එක්තරා තරුණයකු හට දැඩි ලෙස ඉක්මන් කේන්ති යාමේ පුරුද්දක් තිබුණි. මෙනිසා පවුලේ බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් , කලකිරීම් , මෙන්ම ශාරීරික පීඩා ද ඇති විය. මෙය පවුලේ ජීවත් වන සහ නිවස තුළ ඇති අජීවි භාණ්ඩ වලට ද එකසේම විය. පවුලේ ප්‍රධානී පියාණන් හට ඔහුගේ වැටුප යම් අවස්ථා වලදී මදි වූයේ , තරුණයා කේන්ති ගිය විට කුඩු පට්ටම් කරන සියල්ල නැවතත් මිළට ගැනීමට සිදුවීම නිසාය.

තරුණයා මදක් මුහුකුරා යත්ම ඔහුට තමාගේ මේ කේන්තිය ඇත්තටම තමාට මෙන්ම තමාගේ ආදරණීයන්ටද මහත් ලෙස රිදවන බව පසක් වී , තම පියාණන් හමුවේ මෙසේ පැවසීය.

“තාත්තේ , මම දන්නව මට ගොඩක් කේන්ති යනව. මට වෙලාවකටම මේ නිසා මං ගැනම තරහයි! මට මේ තරහ නැති කරගන්න ඕන. මට හොඳ කෙනෙක් වෙන්න ඕනි. තාත්ත මට උදව් කරනව නේද?“

තරුණයාගේ පියා ඔහුට සාවධානව කන් දී , මදක් කල්පනා කොට මෙසේ පිළිතුරු දුන්නේය.

“හරි ! මට තේරෙනවා. මගෙ පුතාට දැන් වරද වැටහෙන බව. මම බය වුනේ මගෙ පුතාට මේක තේරෙන්නේ නැති වෙයි කියල. පුතේ ඔයා මම කියන දේ කරන්න ලෑස්තිද? හැබැයි මේක ටිකක් අමාරුයි“

තම පියාගේ සන්සුන් පිළිතුරෙන් විස්මයට පත් තරුණයා ....
“කියන්න තාත්තෙ ඕන දෙයක් . මම පොරොන්දු වෙනව මම කොහොම හරි ඒක කරන බව...“

“හොඳ පුතා! දැන් මට වඩු මඩුවකට ගිහින් අඩි 2*2 හොඳට මැදපු ලෑල්ලක් අරගෙන එන්න. එනකොට කඩෙන් අඟලේ ඇණ කිලෝවකුත් අරගෙන එන්න“

විස්මයෙන් විස්මයට පත් තරුණයා ,තම පියාණන්ගේ සැලසුම කුමක්දැයි දැනගැනීමේ කුතුහලයෙන් වහාම තම පා පැදිය ගෙන වඩු මඩුවකට ගොස් අදාළ ලෑල්ලද , ඇණ ද රැගෙන එන ලදී. තරුණයා ගෙන ආ ලෑල්ල පියා විසින් තරුණයාගේ කාමරයෙහි එල්ලා තරුණයා අතට මිටිය ලබා දුන්නේය.

“පුතා! මෙන්න මේකයි කොන්දේසිය. මීට පස්සේ පුතාට කේන්ති යන හැම වේලාවකම , කාටවත් හිරිහැරයක් බැනුමක් නොකර මේ ලෑල්ලෙ එක ඇණයක් ගහන්න ඕනා! හැබැයි පුතා කාට හරි බැන්නොත් බණින පාරක් ගානෙත් ඇණය බැගින් ගහන්න ඕනා! අද ඉඳන් ගෙදර අය ඔයාට මුකුත් කියන එකක් නැහැ. එයාලා ඔයා වෙනුවෙන් මේ ටික කාලය ඉවසාවි. හැබැයි පුතා මේ ලෑල්ලෙ ඇණ ගහන්න ඉඩ නැති වෙන කොට මට කියන්න ඕනා! පුතාට පුලුවනිද මේ දේ කරන්න?“

මේ මොන විකාරයක් දැයි  සිතූ තරුණයා , කෙසේ වුවත් තමා පොරොන්දුවක් වූ බව පසක් වී මෙයට කැමැත්ත පළ කළේය. දැන් තරුණා තමා හට කේන්තියක් ආ ක්ෂණයෙන් මුවින් නොබැන සන්සුන් වී ලෑල්ලට ඇණය බැගින් ගසයි.මසක පමණ ඇවෑමෙන් බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන් හිස පහතට නවාගෙන පියා අසළට පැමිණි තරුණයා ඇණ වලින් පිරුණු ලෑල්ල පියා වෙත දිගු කළේය.

“තාත්තේ! මාසයක් යන්නත් කලින් ම මේ ලෑල්ල ඇණ වලින් පිරුණ. දැන් මම මොකක්ද කරන්න ඕනි! මට ගොඩක් කේන්ති යනව නේද තාත්තේ?  “

තම පුතුගේ මානසිකත්වය තේරුම් ගත් පියා , පුතුගේ උරහිසට අතතබා බිමට නැමුණු පුතුගේ හිස අනික් අතින් එසැවීය.

“හරි මගෙ පුතේ! මම ඒක දන්නව! දැන් මගෙ පුතා උත්සහ ගන්න කේන්ති නොගෙන ඉන්න. කේන්ති ගියත් ඉක්මනට කේන්තිය නිවා ගන්න. එහෙම කරන්න පුලුවන් වුන හැම වෙලාවකම මේ ලෑල්ලෙන් එක ඇණය ගානේ ගලවන්න! මම හිතනව මගෙ පුතාට ඉක්මනටම ලෑල්ලේ තියෙන ඇණ ගලවන්න පුලුවන් වෙයි කියල.“

පියාණන්ගේ වදනින් අමුතු ජීවයක් ලද තරුණයා , නැවත ලෑල්ල කාමරයෙහි එල්ලා තම කේන්තිය පාලනය කිරීමට අදිටන් කරගන්නා ලදී. සිවු මසක් පමණ ඇවෑමෙන් තරුණයා මහත් උද්දාමයෙන් තම පියාණන් වෙත කිසිදු ඇණයක් රහිත ලෑල්ල ඉදිරිපත් කරන ලදී.

සිය දෙනෙත් වලින් කඳුළු පිස දමමින් තමා සිටි අසුනෙන් නැගිටි පියාණෝ තම පුතුගේ හිස ආදරයෙන් සිම්බේය.
“මගේ පුතා! මට අද ගොඩක් ආඩම්බරයි! මගෙ පුතා ගොඩක් හොද කෙනෙක් වෙලා..“

“ඔව් තාත්තේ! මට දැන් කේන්ති යන්නේම නැති තරම්. මට දැන් ගොඩක් හොඳට පාඩම් කරන්නත් පුලුවන්! මට දැන් ගොඩක් යාළුවොත් ඉන්නව!“

“පුතා ! මම මේ කරපු දෙයින් පුතාට වැටහිච්චි දෙයක් තියෙනවද? “

“ඔව් තාත්තේ ! මට තේරුණ මට කොච්චර කේන්ති යනවද කියල..“

“නෑ පුතා! මේකෙ එයිට වඩා ගැඹුරු දෙයක් තියෙනව.............“

ඔයා ගෙනාපු මැදපු ලෑල්ල හරියට මිනිහෙක්ගෙ හිතක් වගේ! ඔයාගෙ බැනුම් ඇණ වගේ වැදිල ඒක තුවාල වෙනව. ගියපු වචනයක් ආයෙත් හරවන්න බැහැනේ පුතා! ඔයා ඒක තේරුම් අරගෙන කොහොම හොඳ කළත් ඒ හිත ඇණ ගැලවුණු ලෑල්ල වගේ. ගොඩක් තුවාල වෙලා! එහෙම හිතක් හැදෙන්න ගොඩක් කල් යනව...........

Thursday, April 18, 2013

රට යන අත ...................... තිත්ත ඇත්ත


රට යන්නේ කොයිබටද? විදුලි බිල වැඩි වීම දරිද්‍රතා මට්ටමේ සහ මධ්‍යම පාන්තියකයන්ට දරුණුවටම දැනෙනු ඇත. සමහර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආශ්‍රිත නිශ්පාදන වල මිල ඉහළ යනු ඇත. අනේ අපොයි!! ලංකාවේ සංවර්ධන වේගය මේක නම් අපිට සංවර්ධනයක් එපා!! අනේ ජනපතිතුමනි ජීවත් වෙන ටිකට වත් අපට සැනසිල්ලේ ජීවත් වෙන්න දෙන්න. මේ නාස්තිය දූෂණය නවත්වන්න.
ඇයි මේ විදිහට දුප්පත් අපට රිද්දන්නේ? බුද්ධිමත් මිනිස්සු දැන් දේශපාලනයේ නැහැ. ඉන්න ටිකත් පොන්නයෝ වගේ කරබගෙන ඉන්නව! මොකක්ද මේකෙ තේරුම? දුප්පත් අපට පොලිසියේ කිසිම සැලකිල්ලක් නැති උනාට කිසි දෙයක් ඉගෙන ගත්තෙ නැති මාලක සිල්වා වගේ වලත්තයන්ගෙ අත් කරට අරගෙන උජාරුවට යන්න පුලුවන් සමාජයක් බිහි වෙලා තියෙන්නේ.

ජනපති තුමනි, දේශපාලන පක්ෂයක්වත් , ජාතිවාදී හැගීමක් වත් ඇතුව කියනව නෙමෙයි. අද ජනාධිපති නිළකාර්යාලයේ කරපු වැඩේ නම් අන්තිම තුච්ඡයි , කුජීතයි!! අලුත් අවුරුදු උත්සවෙන් පස්සේ මොකක්ද කරන සර්‍වආගමික කියන විහිලුව? සිංහලයන්ටයි , දෙමළ සහෝදරන්ටයි විතරක් උරුම වෙච්ච අලුත් අවුරුදු උත්සවයට තම්බි ගාවගන්නේ ඇයි? උන්ගෙ මුහම්මද්ගෙ හරි වෙනත් තම්බි උත්සවයකට අපේ ස්වාමීන් වහන්සේලා වඩම්මවනවද? කුජීතයි ඇත්තටම.

ලංකාවේ ඒකාධිපති බලයක් තිබුණු රජ්ජුරුවන් පවා හාමුදුරුවරු උච්ඡාසන වල අසුන් ගන්වල තමයි ඔවදන් ගත්තේ. තරහ වෙන්න එපා! ඒත් කොහෙන්වත් නැති , අවජාතක ආගමක නිවට නියෝජිතයෝ එක්ක අපේ  ස්වාමීන් වහන්සේලා එකට අසුන් පනවන එක හරිද? බුදු සසුන රකින්නට එයට මුල් තැන දෙන්නට පොරොන්දු වී සිටිනවා නේද? සිංහල කොඩියෙත් පොඩිතීරු දෙකක් වෙන් කරල තියෙන්නෙ වෙනම පැත්තකින් තියන්න ඕන හින්ද නේද? මේක සිංහල රට. මේකේ ඉන්න සමහර නපුංසකයෝ කියනව ජාතික ගීයට වෙන භාෂා ඇතුළු කරන්න ඕනෙලු. ඒ කියපු එකා සිංහල අම්මෙක්ගෙ බඩින් ආපු එකෙක් වෙන්න බැහැ.  මොකද තෙළිගු ,කණ්ණඩි, හින්දි, උර්දු කතා කරන ඉන්දියාවෙත් ජාතික ගීය තියෙන්නේ හින්දි බසින්. “ජන ගන මන අධිනායක ජය හේ භාරත භාග්‍ය විධාථා  .......“. ඉතින් කවදාවත් කරුණා නිධි වත් සොනියා ගාන්ධි වත් කිව්වෙ නෑ මේක වෙන බසකින් කියන්න ඕන කියල. මේ වගේ දේවල් වලින් කොහොමද ජාතිය සමගිය ඇති කරන්නෙ. සිංහලයනි අවධිවන්න. තොපි ආයෙත් ඡන්දය දෙනකොට දෙවරක් සිතන්න. රුසියාවේ ජනපති පසුගිය දවසක කිව්ව කවුරු මොනව කිව්වත් සුලු ජාතීන් කියල රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නෑ කියල. මුළු ලොකෙටම මුහුණ දෙන්න හයියක් තියෙන ජනපති ඔබට ලාංකිකයන්ට මුහුණ දෙන්න බැරි තැනට ලංකාව ගෙනියන්න එපා උතුමාණනි. බල්ලා ඉන්න ඕනි පිළිකන්නේ මිසක් අපි නිදන ඇද උඩ නෙමෙයි! මොකද බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන හින්ද.............................

Thursday, March 28, 2013

බස් චණ්ඩි (Bus Thugs)

බසය : පෞද්ගලික 138 කොට්ටාව - පිටකොටුව
බස් අංකය : NC ****
වේලාව : ප:ව 6.50
දිනය : 23-03-2013

මම මාගේ මෑණියනුත් කැටුව ගම්පොළ බලා යෑමට මහරගමින් ඉහත බසයට ගොඩවීමු. කුමක් හෝ අමුත්තක් කොන්දොස්තර මහතාගෙන් දුටුවද , මා සුපුරුදු ලීලාවෙන් අම්මා සමග මා ළගදීම සිදුවන අලුත් අලුත් දෑ පිළිබද කතිකාවතක් පටන් ගතිමි. විටින් විට පරිසරයේ සිදුවන දෑ විමසමින් , අවධානයෙන් සිටි මා හට කොන්දොස්තර මහතාගේ ක්‍රියා කලාපය කොහෙත්ම හිතකාමී නොවන බව ඉවෙන් මෙන් අවබෝධ විය. හදිසියේම ලුම්බිණිය අසලදී බසයේ සීනුව දිගටම නාද වීමට පටන් ගත්තේ , කොළඹ පළාතට අලුත් වූ තරුණයෙකුට තම බස් නැවතුම වැරදුන බැවිනි. හිටිවනක් ම ලුණු කෑ අලියකු පරිද්දෙන් කිපුණු කොන්දොස්තර මහතා බසයේ ඉදිරි දොරටුවේ සිට පසුපස දොරටුවෙන් බසින කොලුවාගේ සවන් පතට තම අත්ල යොමු කළේය. “ච‍ටාස්!!!!!!!“. මෙම කිසිත් නොදත් කොලුවාට දෙලොව සිහි වන්නට ඇත. කළ හැකි දෙයක් නැති කමට තරුණයා කනද අල්ලාගෙන බැස යන්නට ගියේය. (නින්දිත නපුංසක කමද නැති නම් මහත්මා ගාන්ධීටත් වඩා අවිහිංසා වාදියෙක්ද යන්න මට තාමත් තේරුම් ගත නොහේ). රටක් රාජ්‍යයක් ජය ගත්තා සේ ආඩම්බරයෙන් කොන්දොස්තර මහතා බසයේ ඉදිරියට ඇදුනි. මාගේ සිහළ ලේ රත් වූයේ ෆුජියාමා ගිනිකන්දේ ලාවා කැකෑරෙනවාටත් වඩා උෂ්ණත්වයකටය. මා නැගිටින්නට හදනවාත් සමගම මාගේ මව් මාගේ අතින් ඇද නැවතත් මා ඉන්දෙව්වාය.

“යකෝ!!! මුන්ට බස් එකට සල්ලිත් දීල, මේ සක්කිලි හැත්තගෙන් බස් වල යන එවුන් ගුටි කන්න. අහුවෙයන්කො තෝ ..... පොඩි කාලෙ ඉදන් අම්මගෙන් බීපු කිරි වැටෙන්න දෙන්නේ.... ඒත් අම්ම ඉන්නවනේ... ශිහ්... කාලෙකින් අතපයේ හිරි ඇරගත්තෙ නැහැ..... සිංහල ලේ තියෙන එකෙක් නැද්ද මේ බස් එකේ “ මගේ හිත ගුගුලන්නට විය.

මෙම අසාධාරණය දුටු පසුපස පෙළෙහි ඇත්තන් දෙදෙනකු  කොන්දොස්තර මහතාට අමතුවේය. “මොකක්ද අර කරපු කැත වැඩේ? “. පිළිතුරු ලෙස  කොන්දොස්තර මහතා “ඒව තමුසෙලට වැඩක් නෑනෙ !! බැරිනම් බැහැල යනව“ කීවේය.
“දෙන්න හිතෙනව මූට , මුගෙ අම්මට උණ ගැනෙන්න“ මගේ හිත ගුගුලයි.

පසුපස පෙළෙහි මිනිසුන් කොන්දොස්තරට එරෙහි වන්නට විය. “තමුන්ට කිසි අයිතියක් නැහැ මිනිහෙක්ට ගහන්න. අනිත් එක මේවයෙ මිනිස්සු නිකන් යන්නේ නැහැ“. තරුණයකු පැවසීය. කොන්දොස්තරට තමා පොට වරද්දගත් බව පසක් වුවත් තම චණ්ඩි කම අත හැරියේ නැත. 

මට තව දුරටත් ඉවසා සිටිය නොහැකි විය. ඉවසීමේ සීමාව පෙනෙන ඉමකවත් නැත. බෑගය අම්මාගේ ඔඩොක්කුවට දමා , අම්මාගේ අතත් ගසා දමා නැගිටුයෙමි. කොන්දොස්තර ළගට පිනූ මම , කොන්දොස්තරයාව පිටුපස දොර අසළ කොටුකර ගතිමි.

“මොකක්ද පරය අර කරපු වැඩේ!! තෝ හිතං ඉන්නේ තෝ මහ චණ්ඩියෙක් කියලද? පුලුවන්නම් තියපිය බලන්න මට අතක්“ කියමින් මම දිගටම සීනුව නාද කළෙමි. “තොපි කාලා බීල ඉන්නෙ අපි තොපිට දෙන සල්ලි හින්ද , නැත්තම් තොපි මහපාරෙ මේ වෙනකොටත් හිගාකාලා මැරිල ! පරයා ... හු!@#$% ගෙ පුතා උඹ දැන ගනින් මේ බස් වල යන්නේ පොන්නයො නෙමේ කියල. මේ බස් එක තොපි මේ පාරෙ දුවන්න ඕනි. තොපි වැඩිය සෙල්ලම් දාන්න එපා!! “ . මම මදක් සන්සුන් වීමි. මක් නිසාද මේ කේන්තිය පිට එක පාරක් හෝ කොන්දොස්තරට වැදුනා නම් කුමකින් කුමක් වේ දැයි දෙපාරක් සිතූ බැවිනි. N.T.C ට හා 119 කතා කොට පැමිණිල්ලක්ද දැමීමි. 

නමුත් හොදම දේ නම් , මා අනුමත කළ අනෙකුත් මගී ජනතාව , බසය කොටුවට යන තාක්ම බස් නැවතුමකදී හැරෙන්න කිසිදු අයුරකින් කෙනෙකු බසයට නංවා ගැනීමට ඉඩ නොදීමත්.. සිද්ධීය වූ වේලාවේ සිටි මගී ජනතාව බසයෙන් බැස යන විට මටත් පසුපස පෙළෙහි තරුණයන්ටත් ආචාර කර හෝ ස්තුති කර බැස යෑමත් වේ.

මගී ජනතාවනි අවදි වන්න. අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු. 

Friday, March 22, 2013

බඩගිනි සීයා

පෙර දිනෙක මා නුවරඑළියේ සිට අගනුවරට ඒමට පිටත් වීමි. නුවරට යෑමට සිත් නොවූ බැවින් පේරාදෙණිය මංසන්ධියෙන් බැස කොළඹ බස් නැවතුම් පළෙහි බසයක් නවතන තුරු බලා සිටියෙමි. සංකීර්ණ වූ සමාජයේ තම තමාගේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අතෝරක් නැතිව වෙහෙසෙන “ දුක්පත් “ ජනයා දෙස සානුකම්පිතව බලා සිටින අතර තුර පේරාදෙණිය මංසන්ධිය දෙසට වන්නට බස් නැවතුම් පළෙහි දුටු යමෙකින් මාගේ සිතිවිලි සමුදාය මදකට නතර විය. එක් වැහැරුණු මහල්ලෙක්  බස් නැවතුම් පළෙහි සිටගෙන සිටිනා සියල්ලන් වෙත අත පා යමක් ඉල්ලා සිටින අයුරක් මා හට දර්ශනය විය. ශ්‍රී ලාංකේය ජන සමාජයේ බෞද්ධයාගේ මුදුන් මල් කඩ වන් , ශ්‍රී මහේශාඛ්‍ය ගෞතම බුදුන්ගේ දක්ෂිණ අකු ධාතුව තැන්පත් කර ඇති නුවර පින් බිමේ මේ අසරණයාට උදව් කිරීමට  බස් නැවතුම් පළෙහි සිටි සිංහල , දෙමළ , මුස්ලිම් ආදී වූ සියලු ජනයා හට වුවමනාවක් නොවූ අතර , මේ මහල්ලාද සියල්ලන් වෙත අත පාමින් ක්‍රමයෙන් මා වෙතද ලගා විය. මා අසල වූ තරුණයා ක‍ණෙහි i-pod ඇබයක් ගසා සිටියේ  මහල්ලා ඇසෙනු විනා ඇස් දෙකද අන්ධ වූවා සේ කිසිත් නොකොට ආත්මයක් , මනසක් නොවූ ගන්ධබ්බයකු සේ වැනි වැනී සිටියේය.

අනතුරුව මා ළගට වන් මහල්ලා තම දෑතම මා හට පෑවේය. මහල්ලා කෙරෙහි මහත් දුකක් මගේ චිත්ත සන්තානයේ උපන් බැවින් මා මෙසේ ඇසීමි.

 “මොකද සීයේ ? මොනවද ඕනි ?“

මහා වාලුකා කතරෙක ක්ෂෙම භූමියක් දුටු කළෙක මෙන් ක්ෂණිකව නව පණක් ලද මහල්ලා ,

“අනේ මහත්තයෝ ඊයේ දවල් ඉදල බඩට කෑමක් වැටුනෙ නෑ. පුළුවනි නම් කෑමක් ගන්න කීයක් හරි දෙන්න“ යයි කීවේය.

මගේ හදවත දැවී ගියේ ජපානයේ හිරෝෂිමා , නාගසාකි නගර පරමාණු බෝම්බයෙන් දැවී ගියාටත් වඩා ක්ෂණිකවය. අනේ අපි වැනිම තවත් මනුෂ්‍ය ප්‍රාණයක් තම ජීවිතය රැකගැනීමට තම ආත්ම ගරුත්වය පසෙක තබා තවෙකුකට අත පානා සැටි. 

“යමු සීයේ. මා ළග නම් එච්චර සල්ලි නැහැ.ඒත් යමු මම මොනව හරි කන්න අරන් දෙන්නම් “

මම සීයාත් කැටුව ලගම පිහිටි සයිවර් කඩයකට ගොඩ වැදීමි. කඩේ නානා “ මාත්තියා මොනවද කන්නේ“ කියමින් පෙරගමන් ආවත් සීයා දුටු කල මදක් පිළිකුල් ව පසුබැසීය. “ශේ ශේ උදේ පාන්දරම බිස්නස් සවුත්තු කරන්න ඇවිත්. යෙන්න යෙන්න“ කියමින් සීයා කඩෙන් එළවා දැමීමට සැරසෙද්දී , මම නානාට බාධා කරමින් “මේ මහත්තයට කැමති ඕන දෙයක් කන්න දෙන්න. “ කඩයේ තිබූ හොදම මේසය සහ පුටුවට සීයාව යොමු  කළෙමි. වේටර් කොළුවාද වඩේ ඇතුළු සියලු දෑ අඩංගු බන්දේසියක් මේසය මත තැබීය. නානා සීයගේ තසිමට සම්බෝල බෙදුවේය. ඉනූ කදුලු ඇතිව සීයා වඩයක් අතට ගෙන මා දෙස අසරණ ලීලාවෙන් බැලීය. “කන්න සීයේ. ඇතිවෙනකන් කන්න“. වඩයක් කෑමෙන් අනතුරුව මම සීයාට කීමි. “එක වඩයක් හොදටම සෑහෙනව මහත්තයෝ . පුළුවන්නම් මට තේ එකක් අරන් දෙන්න“. මම නානාට තේ එකක ඇනවුම ලබා දී රුපියල් සියයේ නෝට්ටුවක් දික් කළෙමි. එවිටම නුවර කොළඹ බස් රථයක්  බස් නැවතුම් පළෙහි නැවතීය. මම සීයා ළගට ගොස් “සීයේ තව මොනව හරි ඕනි නම් කියන්න . මගෙ බස් එක ආවා. මම යන්න ඕනෑ“ කීවෙමි. 

“තව මොනවත් එපා මහත්තයා! මහත්තයට බුදු සරණයි! මහත්තයව හැදුව දෙමව්පියන්ට පින් ලැබෙන්න ඕනා! යන එන ගමන දළදා හාමුදුරුවො රැක ගනිවි“
සීයාගේ ඒ පැතුම දෙසවනේ රැව් පිළිරැව් දෙද්දී , මගේ රත්තරන් දෙමාපියන් සිහිකරමින් , සියල්ලන්ටම සෙත් වේවායි සිතමින් බසයට ගොඩ වීමි.

Monday, February 25, 2013

බල්ලට ගිය ලංකාවේ (මාර්ග) නීතිය

දීර්ඝ සති අන්තයක් වූ බැවින් සිය පවුල සමග මහනුවර දළදා වහන්සේ වැද පුදා ගැනීමට වාහනයෙන් නුවර ගියෙමි. ආසියාවේ ආශ්චර්යය පෙන්වමින් ලංකාවේ නීතිය අතට ගත් සුපිරි පැළැන්තියේ ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඖඩි රථ , රථවාහන පොලිසිද නොතකමින් සාමාන්‍ය ජනයා හා විනීත රියැදුරන් පෙළමින් හිතුවක්කාර හා සල්ලාල අයුරින් මාර්ගය පුරා පියඹා ගිය අයුරු සියැසින් දුටිමි. මුදලට විකි‍ණෙන මේ සමාජයෙහි නීතියද මුදලට වල් වැදී ඇති අයුරු මෙසේ වරද කර අත යටින් මුදල් ලබාගෙන සල්ලාලයන් බේරා හරින පොලිසිය දුටු කල්හි සාක්ෂාත් කර ගතිමි .