Thursday, March 20, 2014

විවාහය ගැන ආකල්පය....

ඊයේ මාගේ පිය‘ඹ පැවසූ දෙයකින් ඇය විවාහය ගැන ඈගේ සුභාකල්පය වැටැහුණු අතර  ඈ පිළිබඳ අපමණ ගෞරවයක්ද ඇති විණ.

සිද්ධිය මෙලෙස දිග හැරේ......

මෝ ගමන් කරන මාණ්ඩලික සේවා සපයන වෑන් රථය (staff service van එකලු හොඳේ..) යෙහි ගමන් ගන්නා එක්තරා තනිකඩ තරුණයෙකුගෙන් එහි ගමන් ගන්නා අනෙක් අය තවම තනිකඩ මන්දැයි විමසා සිටියහ.

“තවම 100% ගැලපෙන කෙල්ලෙක් හම්බ උනේ නැහැ“ යි පැවසූ විට මාගේ බිරිඳ “මල්ලී , කවදාවත් ඔයාට 100% ගැලැපෙන කෙනෙක් හම්බ  වෙන්නේ නැහැ“ පවසා ඇත.

“එහෙනම් අක්කේ ඔයා අයියව ඩිවෝස් කරල , දුර පළාතකින් කෙනෙක් බැඳගන්න“ කියා තරුණයා පවසද්දී
මාගේ බිරිඳ “ මල්ලි මට අයිය ඇරෙන්න වෙන කෙනෙක් ඕනි නැහැ.“ යි පවසත්දී  අර තරුණයා “ඕකනේ අක්කෙ උගුරට හොරා බෙහෙත් බොනව කියන්නේ “ යැයි පවසා ඇත.
“ එහෙම නෙමෙයි මල්ලි. ඇත්ත එයා මට 100% ගැලපෙන්නේ නැහැ. ඒක තමයි අපි දෙන්නා ගොඩක් සතුටින් ඉන්නේ. අනික 100% ගැලපුනොත් කසාදෙ තිත්ත වෙනවා! මොකද දෙන්නම හිතන්නෙ එක විදිහට. එතකොට ඒකෙ වෙනසක් නැහැ. අදහස් වල වෙනස්කමක් තියෙනකොට තමයි දෙන්නෙක්ගෙ තියෙන බැඳීම ශක්තිමත් වෙන්නෙ. අපි දෙන්නගෙ වෙනස්කම් තියෙනව. ඒ ගැන දෙන්නම අවබෝධ කරගෙන ඉන්නේ. දෙන්නගෙම හොඳ නරක දෙකම සමව විඳගන්න එක තමයි හොඳ කසාද ජීවිතයක් කියන්නේ. අනික අයිය මට ආදරය කරන තරමට මට එයාට ආදරය කරන්න බැහැ. මොකද ඒ ආදරය ගොඩක් උතුම්,ලෙන්ගතුයි. ඕනම පවුලක මත ගැටුම් ඇති වෙනව. ඒව දුරදිග යවාගන්නේ අපි අපිමයි. තේරුම් අරගෙන මොළේ පාවිච්චි කරල වැඩ කළොත් මත ගැටුම් සමථයකට පත්වෙනව විතරක් නෙමෙයි අනිත් කෙනා හිතන පතන විදිහ ගැන උනත් අවබෝධයක් ගන්න පුළුවන් “ යැයි පවසා ඇත.

සෑම ගැහැණියක්ම විවාහය ගැන මෙලෙස දකින්නට හැකියාවක් ඇත්නම් කෙතරම් අගනේද?

No comments:

Post a Comment